2015 වසර අවසානයේ ජීවිතේ අමතක නොවන ගමනක් යන්න ලැබීම පුදුම සතුටක්. හතර පස් වතාවක් සීගීරි ගිහිං තිබ්බත් අනෝරා මහ වැස්සේ සීගීරි ගල තරණය කිරීම සුන්දර අත් දැකීමක්. කැමරාව තෙමෙන්නෙ නැති වෙන්න කුඩයක් ඉහලගෙන අමාරුවෙන් දැඩි උත්සාහයක් දැරුවත් ඒ වැස්සෙන් බේරනේන නම් පුළුවන් කමක් තිබ්බේ නැහැ. මට ඉදිරියෙන් හිටිය කෙනොගෙ කුඩයෙන් බේරෙන වැසි දියෙන් ඊටත් වඩා තෙමෙන්නයි සිදු වුණේ. කොහොම හරි සියලු ආරක්ෂක විධිවිධාන දාලා බෑග් එකක් අස්සට කැමරාව ඔබා ගත්තා.
මෙන්න අප්පේ ලෝබ හිතෙන සුන්දර දර්ශනයක්. සීගීරි ගල මුදුනේ ඉදලා වැසි දිය වෑස්සෙනවා. හරියට දිය ඇල්ලක් කඩා හැලෙනවා වගෙ. දැං ඉතිං ආයෙ කැමරාව එළියට ගන්නවා බොරු. ඒ සුන්දර දසුන ඔබ එක්ක බෙදා ගන්න තිබ්බ අපූරු අවස්ථාව අහිමි වීම ගැන මට දැනුත් පුදුම දුකක් දැනෙන්නෙ.
2015 දෙසැම්බර් 27 වනදා තමයි අපි මේ සුන්දර අත් දැකීම් වින්ඳෙ. උදේ 10 .30 ට විතර සීගිරිය ගල නගින්න පටන් ගත්තු අපි ගලෙන් බහිද්දි හවස 5 ත් පහු. පෝය, නත්තල් සහ සති අන්ත දිග නිවාඩුව නිසා ලංකාවේ හතර වටින්ම ඉන්න මිනිස්සු සීගිරිය බලන්න ඇවිත්.
අපිත් ඉදලා ඉදලා ගියේ මරු දවසක. එක පඩියක් නගින්න විනාඩි 5 ක් විතර ඉන්න වුණා. ඒත් මාත් එක්ක හිටිය අපේ සෙට් එක නිසා කාලය ගෙවුණා දැනුණේ නැහැ. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ඉගෙන ගන්න මගෙ පන්ති සගයෝ තමයි මේ ගමනට සෙට් වුණේ. අපේ සහෝදරයෝ සෙට් එක කියපු කතා වලට හිනා වෙලාම අවසානයට ඔලුවත් පුපුරන්න කැක්කුමයි.
අවුරුදු 12 කට පස්සේ මං ආයෙත් මේ සීගිරි ගල නැග්ගෙ. දැං ඉතිං ටිකෙන් ටික වයසටත් ගිහිං නිසා අපේ පන්ති සගයන්ගෙ සහයෙන් තමයි සමහර අමාරු ස්ථාන නැග ගත්තෙ. කවුදෝ කට කැඩිච්චි පිට නඩයක එකෙක් කියනවා ඇහුණා මෙන්න බොලේ පවර් සෙට් එකක් ඇදන් යනවා කියලා. ඔන්න ඉතිං හිනා සාගරයයි.
කොහොම හරි කට්ටක් කාලා සීගිරි ලලනාවන් බලන්න ගියා. මෙන්න බොලේ එතන ඉන්න ආරක්ෂක මහත්තයා කෑ ගහනවා නෝනා ෆොටෝ ගන්න වෙන දවසක එන්න කියලා. උදේ හිටං පුදුම කට්ටක් කෑවෙත් මේ ලලනාවෝ බලා ගන්න. අපි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ශිෂ්‍යයො කියන්නවත් අපේ ශිෂ්‍ය හැදුනුම්පත් පෙන්වන්න වත් අපි ගියෙ නැහැ. මේක ඒ මහත්තයාගෙ බූදලයනෙ කියලා හිතලා ඉවසා වදාරගෙන ආවා. හැබැයි ඒ මහත්තයාගෙ ෆොටෝ එකක් අල්ල ගන්න නම් අමතක කළේ නැහැ.
සීගිරි ලලනාවන්ගෙ සිතුවම් ඡායාරුප ගත කරගන්න ලැබුණු අන්තිම පිරිස අතරට එක්වන්න අපිටත් වාසනාව උදා වුණේ ඊට පහුවදාම සීගිරියෙ බදාම තට්ටුවක් කඩා වැටුණට පස්සේ ෆොටෝ ඇල්ලීම තහනම් කළ නිසයි. සීගිරි ලලනාවන්ගේ ආරක්ෂක මහත්තයා සද්දෙ දාද්දිත් මං ෆොටෝ අරං ඉවරයි. කැමරාව කියන්නේ මගෙ ඇගේම කොටහක් වගේ. ඉතිං ක්ෂණිකවම ෆොටෝ ගන්න පුළුවන් වෙච්චි එක වාසනාවක්. ෆ්ලෑෂ් ලයිට් ඕෆ් කරං විනයානූකූලව ෆොටෝ ගත්තත් ඒ මහත්තයාගෙ තිබ්බ ගාම්භීරත්තවයට අපිට පිටු පාන්න බැරි වුණා. මොකද ඒක ඒ මනුස්සයාගෙ හැදියාවනෙ කියලා හිතිච්චි නිසා.
ඊට පස්සේ සීගිරි කැටපත් පවුර. අප්පේ හිතේ හැටියට බලා ගත්තා. මිනිස්සු බහුතරයක් ඒ දිහා හැරිලවත් බලන්නෙ නැහැ. සීගිරි කුරුටු ගී වලට වඩා තියෙන්නෙ පසුකාලීනව කුරුටු ගෑ බලියි. ඒ අතර වාහන අංක. එක එක අයගෙ නම්. ඒ වගේම පහුගිය කාලේ මහත් ආන්දෝලනයකට ලක් වෙච්චි දෙමළ පාසල් ශිෂ්‍යාව කොණ්ඩ කට්ටෙන් කුරුටු ගෑ අකුරු 11 කින් යුත් නම. දැන් නම් ඒ ළමයා නිදහස් වී රස්සාවකුත් ලැබුණා කියලයි ආරංචිය. තව අවුරුදු සිය ගානක් ගියාම ඒවත් ඉතිං කුරුටු ගී වෙයිද දන්නෙ නැහැ.
ඔන්න කොහොමෙන් කොහොම හරි සිංහ පාදයට වෙනකල් නැග ගත්තා. අපොයි දැං නම් හරිම මහන්සියි. දවල්ට කාලත් නැහැ. ඒ මදිවට වැස්සට තෙමිලා ඇඟ තෙතම තෙතයි. සිංහ පාදෙන් නතර වෙන්න හිතුවත් පන්තියේ කොල්ලෝ ටික කොහොම හරි සීගිරි ගල මුදුනටම ඇදගෙන ගියා. මෙන්න දෙයියනෙ....මුළු පරිසරයම මීදුමෙන් වැහිලා. ළඟ ඉන්න කෙනාවත් පේන්නෙ නැහැ.ජීවිතේ ලබපු සුන්දරම අත් දැකීමක්. මේ වගේම අත් දැකීමක් ලැබුවා 2010 දි අලගල්ල කන්ද නැගපු දවසේත්.
මීදුම සැරෙන් සැරේ අතුරුදහන් වෙනවා. පුදුම ලස්සනක් පරිසරයෙ. ෆොටෝ ගන්න ආස වුණත් කැමරාව එළියට ගන්න විදියක් නැහැ. අනෝරා වැස්ස. වැස්ස ටිකක් අඩු වුණාම ෆොටෝ කිහිපයක් ගත්තා.
කොහොම හරි දැන් ඉතිං ආයෙ බහින්නත් එපැයි. නැග්ග වගෙයැ. බහින එක.
මහ වැස්සකට පසු වැසි දියෙන් සක්‍රිය වූ සීගිරියෙ වතුර මල් දැක ගන්නත් මේ දෑස් පින් කිරීම පුදුම සතුටක්. තප්පර 32 ක් වැනි ඉතා කෙටි කාලයක වීඩියෝ ක්ලිප් එකක් මෙච්චර ජනප්‍රිය වෙයි කියලා මට
හිතුනෙම නැහැ. මේ වෙද්දි ෆේස්බුක් එකේ 93 000 කට වැඩි (93K views) පිරිසක් එය නරඹලා. ඉතිං මං හිතුවා අපේ බ්ලොග් අවකාශයේ ආදරණීය හිතවතුන් එක්ක මේ සොඳුරු අත් දැකීම් බෙදා ගන්න. ජීවිතේ අමතක නොවන හරි අපූරු අත් දැකීම් සමුදායක් එක්ක සතුටින් ගෙවුණු අපේ සීගිරි චාරිකාව සදා මතකයේම රැදේවි.
- රුක්ෂිලා වෙත්තමුණි -
ෆේස්බුක් එකේ ලින්කුව
මේක මම මුලින්ම දැක්කේ ඔයාගේ පින්තුරයකින් වෙන්න ඕනේ බුකියේ. හරි සතුටක් දැනුනා.
ReplyDeletehttp://nelumyaya.com/?p=4921
ස්තූතියි අයියෙ..!
Deleteහිතන්න පුලුවන් ද මේ වතුර මල් 5 සියවසේ සිට වැඩකරනවා කියලා
ReplyDeleteඔව් හිතන්න පුළුවන්........
Deleteකාලයාගේ ඇවෑමෙන් ගලේ හිල් (වතුර විදින සිඳුරු)ලොකු වෙලා නම් දැන් ඉස්සර තරම් වතුර උඩට විඳින්නේ නැතිව ඇති.
Deleteඅවුරුදු පහලවකට විතර කලින් දවසක දැක්කා හැබැයි ඔයිටත් ටිකක් උඩට වතුර ඉස්සෙනවා වාගෙයි මතක
ReplyDeleteඔව් ඊට කලින් මීඨ වඩා වතුර ඉහළට එස වී තිබුණා. දැන් අනෙක් මල් අක්‍රියයි. මඩ හිර වෙලා මං හිතන්නෙ.
Deleteඅැත්තට ම පුදුමයි.... අපි අතීතයේ මාර ජාතියක්.... ඒත් දැන්
ReplyDeleteපින්තුර ටික කලින් දැක්ක නේ.. විස්තරෙත් එක්ක බ්ලොග් එකට දාපු එක වටිනවා.. ජය
ReplyDeleteස්තූතියි දේශකයා. තව පින්තූර ගොඩාක් තියෙනවා. නිදහස් වෙලාවක දාන්නම් ෆේස්බුක් එකෙ.
Deleteඓතිහාසික දේවල් වාර්තා කර තැබීම මිසක්, සංරක්ෂණය කිරීමක් 100% ක්ම කළ නොහැකියි. මිනිසා අතින් හෝ සොබාදහම විසින්ම හෝ ඒවා වියැකී යනවා. කැටපත් පවුරටත්, සීගිරි ලලනාවන්ටත් එය පොදුයි.
ReplyDeleteජල මල් නම් ක්‍රියාත්මක වෙන්නෙ ඉතාම සරළ ක්‍රමයකින් ජලය පීඩනයට පත් කිරීමෙන්. ඊට ජලය සැපයෙන්නෙ මට හිතෙන විදිහට සීගිරි ගළ මුදුනට වැටෙන වතුර එක්රැස් වීමෙන් තැනෙන ගළ උඩ ඇති පොකුණු වලින් විය යුතුයි.
වීඩියෝ එකට ස්තූතියි...
ස්තූතියි ඩ්රැකී...!
Deleteසිගිරි ගල උඩ ඉඳන් කොහොමද පල්ලහැ වෙනකං හිල් විදින්නේ? මං හිතන්නේ කොහේ හරි උඩහ තියන ජලාසෙකින් වෙන්ටැති සක්‍රිය වෙන්නේ. සමහර විට සීගිරියේ මුදුනේ ඉඳන් පහලට ස්වාබවිකව ඇති වෙච්ච් සිදුරු තියෙන්නත් බැරි නෑ.
Deleteසීගිරි උද්‍යානය පුරාම තියෙනව භූගත ජල මාතිකා. පුච්චපු මැටි වළලු වලින් හදපු. සීගිරි ගළ මුදුනෙ ඉඳං (ගල තනිකරම විදල නෙවෙයි) සකස් කරපු එව්ව තියෙනව ඇති.
Deleteලස්සනයි. මටත් සිගිරිය බලන්න යන්න ආස හිතුණා. මමනම් තාම ගිහිල්ලාම නැහැ :)
ReplyDeleteයන වෙලාවක විමලෙටත් කතාකරගෙනම යන්න,පව් මිනිහත් තාම සීගිරි ගිහිං නැතිලු.
Deleteඅනිවාර්යෙන්ම යන්න නඳුන්.......
Deleteපුදුම හිතෙන තැනක්. හැබැයි දවසම ඉන්න බලාගෙන යන්න.....
දෙතුන් වතාවක් ගොසින් විද ඇති සුන්දරත්වය ඔබ අගේට මතුකලා.
ReplyDeleteස්තූතියි...!
DeleteMATA THAMA SIGIRI YANNA BARI UNA. LOKE HUNGAK RATAWALATA GOHIN THIYANAWA. PARLIAMNET EKATATH GIYA.
ReplyDeleteඔය මල් සුද්ද කරන්න විදියක් නැද්ද දන්නැ මට මතක විදියට සෑහෙන්න උඩට වතුර යනව
ReplyDeleteවිඩියෝව බැලුව
ස්තූතියි අක්කෙ ෂෙයා කළාට
වීඩියෝ එක ෆේස්බුක් එකේ දැක්කා. ඔයා වගේ කෙනෙකුගෙන් මේ ගැන දැන ගන්න ලැබීම වටිනවා. ළඟදී දැක්කා සුද්දෝ මේකේ අභ්‍යන්තර පිවිසුම් මාර්ග වසා දැම්මා කියලා. ඒ ගැන මොනවද හිතෙන්නේ ?
ReplyDeleteසුද්දොයි බමුණොයි තමයි ඉතිං... :-)
Deletethank you so much akkiyoo... atthatama dakkama harima adambarayak..ape ateetha muthun mitthange tibuna kala kusalathawaya saha ehi diunuwa pilibandawa danaganeemata honda satahanak....................
ReplyDeleteස්තූතියි...!
Deleteඇත්තටම නියමයි අක්කා..
ReplyDeleteඅදයි මේ විඩියෝ එක දැක්කේ..
ස්තූතියි නංගී..!
Deleteසිංහ ලේ
ReplyDeleteසීගිරි ගලේ.
Niyamai teacher... සීගිරිය balanna trip ekak giya wage හැඟීමක් danenne....❤️❤️
ReplyDelete