Monday, March 24, 2014

ඉතිහාසය වෙනස් කළ පෙම් කතා........

වර්තමානය වන විට විවිධ ජාතීන් අතර සුහදත්වය වර්ධනය වී, අන්තර් ජාතීය සබඳතා වඩාත් සංකීර්ණ තලයකට ළඟා වී තිබුණද මීට දශක ගණනාවකට පෙරදී එබඳු තත්ත්වයක් පැවැතියේ නැත. විශේෂයෙන්ම එකිනෙකට වෙනස් ජාතීන් අතර සිදුවන විවාහයන්ට දැඩි ලෙස තහංචි පැනවී තිබෙන ලද්දේ, එවැන්නන්ට නීතියෙන් දඬුවම් ලබාදීමටද ඉඩ ප්‍රස්ථා සලස්වමිනි. වර්තමානයේදී ජාතීන් අතර වන සබඳතා දියුණු තලයකට ළඟා වී ඇත්තේද, අතීතයේදී එලෙස සම්මතයන්ට හා නීතින්ට  එරෙහිව යමින් එකිනෙකට වෙනස් වෙනස් ජාතීන්ට අයත්  පුද්ගලයන් අතර හටගත් අන්තර් සබඳතා විශේෂයෙන්ම විවාහ සබඳතා හේතුවෙනි. මෙම ලිපියෙන් විස්තර කෙරෙනුයේ එලෙස පැවැතියා වූ නීතින්ට අභියෝගයක් වෙමින් ජාති, කුල, ආගම් භේද ඉක්මවා යමින් විවාහයන්ට එළැඹී ඉතිහාසයේ විප්ලවීය යුවළවල් පිළිබඳ විස්තරය.



මිල්රඩ් හා රිචඩ් ලවින්

        1958 ජූලි 11 දා රාත්‍රියේදී සුවබර නින්දක පසුවෙමින් සිටි අලුත විවාහ වූ යුවළක් වන රිචඩ් හා මිල්රඩ් ලවින් නිදි යහන මතදීම ‍පොලිස් අත්අඩංගුවට පත්වූයේ එකල ඇමෙරිකාවේ ප්‍රාන්ත විසිහතරක ක්‍රියාත්මක වූ එකිනෙකට වෙනස් ජාතීන්ට අයත් පුද්ගලයන් දෙදෙනකු අතර විවාහ සිදුවීම තහනම් කෙරෙන නීතියට පටහැනිව ඔවුන් දෙදෙනා විවාහවීම හේතුවෙනි. සිර දඬුවම් හිමිවන නීතියකට එරෙහිව ගොස් විවාහ වීමට ලවින් යුවළ පෙළඹී සිටියේ අත්අඩංගුවට පත්වීමට සති පහකට  පෙරදී මිල්රඩ් ගැබ්ගෙන ඇති බව දැන ගැනීමට ලැබිම නිසාය. වර්ජීනියා ප්‍රාන්තයේ මෙලෙස අන්තර්ජාතීය විවාහයන්ට එරෙහිව ක්‍රියාත්මක වූ නීතිය මගහැරීම සඳහා ලවින් යුවළ විවාහ උත්සවය පවත්වා තිබුණේ වොෂිංටන් නුවරදී වූ නමුදු යළිත් වර්ජීනියා ප්‍රාන්තය වෙත පැමිණි සැණින් ඔවුහු අත්අඩංගුවට පත්ව තිබිණි.


        1963 දී ඔවුහු තමන්ට සිදු වූ අසාධාරණය ඇමෙරිකානු ප්‍රජා නිදහස් සංසදය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර ඉතා සංකීර්ණ වූද දුෂ්කර වූද නීතිමය සටනකින් පසුව, එබඳු අන්තර් ජාතීය විවාහයන් තහනම් කිරීම ආණ්ඩුක්‍රම විරෝධී වූවක් ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලවින් යුවළට පමණක් නොව එලෙස ජාතීන් දෙකකට අයත් විවාහක යුවළවල් සියලු දෙනාටම දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. අන්තර්ජාතීය විවාහයන්  තහනම් කරමින් ක්‍රියාත්මක වූ නීතිය අවසන් වරට අවලංගු කරන ලද්දේ 2000 වසරේදී ඇලබාමා ප්‍රාන්තයේදීය.


රූත් විලියම්ස් කාමා හා ශ්‍රීමත් සෙරෙට්සේ කාමා

        රූත් හට ශ්‍රීමත් සෙරෙට්සේ කාමා නොහොත් සෙරෙට්සේ කාමා කුමරුව මුණ ගැසෙන ලද්දේ ඇය බ්‍රිතාන්‍යයේ නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේදීය. 1966 වසරේදී බොට්ස්වානා රාජ්‍යයේ පළමු ජනපතිවරයා බවට පත් වූ ශ්‍රීමත් සෙරෙට්සේගේ බිරිය ලෙසත් ජනපති ආර්යාව ලෙසත් රූත් ක්‍රියාකාරී දේශපාලනික භූමිකාවක නිරත වූවාය. එසේ වුවද ඊට පෙර ජාතීන් දෙකකට අයත් වූ රූත් හා සෙරෙට්සේ හට විවාහ වීම සඳහා බාධක වැටකඩොලු රාශියක් ජය ගැනීමට සිදුව තිබිණි.
        1948 වසරේදී ඔවුන් දෙපළ සිය විවාහය පිළිබඳ පුවත නිවේදනය කිරීමත් සමග රූත්්ගේ පියාගෙන් මෙන්ම සෙරෙට්සේගේ මාමාගෙන්ද ඊට එරෙහිව තර්ජන ඉදිරිපත්ව තිබිණි. බ්‍රිතාන්‍ය රජය පවා යුවළට තර්ජනය කරමින් විවාහයට බාධා කිරීමට කටයුතු කොට තිබුණු අතර පසුව යුවළ බොට්ස්වානා රාජ්‍යය බලායාම  වැළැක්වීමටද උත්සහ දරා තිබිණි.
        අට වසරක කාලයක් එංගලන්තය තුළ පිටුවහළුන් ලෙස සැඟවුණු ජීවිතයක් ගත කළ කාමා යුවළට නිදහස හිමි වුයේ සෙරෙට්සේ නායකත්වය දැරූ බමාන්ග්වටෝ ගෝත්‍රයේ සාමාජිකයින් විසින් බ්‍රිතාන්‍ය මහ රැජිණට පෞද්ගලික මට්ටමින් යවනු ලැබූ කේබල් පණිවුඩයක ප්‍රතිඵලයක් ලෙසයි. පසු කාලීනව ඔවුන් දෙපළගේ පුතුන් වූ ඉයන්හා ෂෙකෙඩිදදේශපාලනික
කරළියේ කැපී පෙනෙන චරිත බවට පත් වූ අතර කාමා යුවළගේ කතාව අළලා චිත්‍රපටයක් හා කෘතියක්ද රචනා කරනු ලැබිණි.

        ශ්‍රීමත් සෙරෙට්සේ කාමාගේ ප්‍රතිමාවක් අදටද බොට්ස්වානාවේ ගැබොරෝන්අගනුවර දැකගත හැකිය.


ආර්කේඩියා හුවාන්ග් හා මේරි ක්ලෝඩ් රෙග්නියර්

        දහ අටවන සියවසේ මුල් භාගයේදී යුරෝපියානු විද්වතුන් තුළ චීන  සංස්කෘතිය හා චීන භාෂාව පිළිබඳව දැඩි උනන්දුවක් හටගන්නා ලද අතර මේ සම්බන්ධයෙන් ගෞරවය හිමි විය යුත්තේ චීනයේ ඉපිද පසුව ප්‍රංශයට සංක්‍රමණය වූ ආර්කේඩියෝ හුවාන්ග් නමැති තරුණයාටය.

        කතෝලික දෙමාපිය යුවළකට දාව උපන් හුවාන්ග් සිය දෙමාපිය ඉල්ලීම මත පැවිදි දිවියට එළැඹීම සඳහා ප්‍රංශය බලා ගියද පසුව ඔහු ප්‍රංශ විද්වතුන් පිරිසක් සමග එක්වන ලද්දේ චීන - ප්‍රංශ භාෂා ශබ්ද කෝෂයක්
නිර්මාණය කිරීම සඳහායි. ක්‍රි.ව. 1713 දී එනම් ජාතීන් දෙකකට අයත් යුවළක් අතර සිදු කෙරෙන විවාහයක් සමාජ සම්මතයෙන් බැහැර වූවක් ලෙස සැලකුණු අවධියකදී, හුවාන්ග් මධ්‍යම පාන්තික ප්‍රංශ ජාතික කාන්තාවක වූ මාරී - ක්ලෝඩ් රෙග්නියර් හා විවාහ වූයේය. සම්මතයෙන් බැහැර වූවක්  වුවද මේ සඳහා තරුණියගේ දෙමාපියන්ගේ ආශිර්වාදයද හිමිව තිබුණි. චීන ජාතිකයකු හා යුරෝපීය ජාතිකයකු අතර ඉතිහාසයේ සිදු වූ මෙබඳු ගණයේ පළමු විවාහය මෙය ලෙස ඉතිහාසඥයන් විසින් සලකනු ලැබේ.

ගොන්සේලෝ ගුඑරෙරෝ හා සසිල්

        ස්පාඤ්ඤ හා මායා ඒකාබද්ධ සංස්කෘතියෙන් බිහි  වූ බොහෝ අයවලුන්ට එවැනි දෙමුහුම් සංස්කෘතියකට උරුමකම් කීමට සිදුවන ලද්දේ මායා ජාතික කාන්තාවක හා ස්පාඤ්ඤ ජාතික ගොන්සාලෝ ගුඑරෙරෝනැමැත්තා අතර සිදු වූ විවාහයේ ප්‍රතිඵලයක් ලෙසයි. ඒයද සිදුවූයේ ෙදෙවයේ තවත් එක් අහඹු සිදුවීමක ප්‍රතිඵලයක් ලෙසයි. යුකාටන් වෙරළ තීරයට ඔබ්බේදී මුහුදුබත් වූ නැවකින් දිවි ගලවා ගැනීමට සමත් වූ එකම පුද්ගලයා වූ ගොන්සේලෝ, මායාවරුන්ගේ ග්‍රහණයට පත් වූ අතර, ඔවුන්ගෙන් සිය ජීවිතය ගලවා ගනු සඳහා ඔහු විසින් අනුගමනය කරනු ලැබූ උපක්‍රමශීලී පිළිවෙත වූයේ මායාවරුන්ගේ සිරිත් විරිත් හා සම්ප්‍රදායන් පිළිගනිමින් ඊට අනුගත වීමට තමන් කැමැති බව ඔවුන්ට හැඟවීමයි.
        ඒ අතරම ස්පාඤ්ඤ ජාතිකයන් අතර භාවිතා වන සටන් උපක්‍රම ඔවුන්ට ඉගැන්වීමටද ගොන්සේලෝ සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වූයේ මායාවරුන්ගේ විශ්වාසය පමණක් නොව ඔවුන්ගේ ගෞරවයද හිමි කරගනිමිනි. ඔහුට මායාවරුන් අතර කෙතරම් ඉහළ පිළිගැනීමක් හිමි වූයේද යත් පසුව ඔහුට සසිල් හා නමැති මායා කුමාරිකාව සරණ පාවා ගැනීමේ වරප්‍රසාදයද හිමිවිය.
        පසු  කලෙකදී ගොන්සේලෝ මායාවරුන්ගේ ආධිපත්‍යයෙන් මුදා ගැනීම සඳහා ස්පාඤ්ඤ ජාතිකයන් උත්සහ ගනු ලැබුවද ඒ වන විටත් මායාවරුන්ගේ සංස්කෘතියේම සාමාජිකයකු බවට පත්ව සිටි ගොන්සේලෝ ආපසු මවුරට බලා පැමිණීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටින ලද්දේ තමන්ව මායාවරුන් විසින් දේවත්වයෙහිලා සලකනු ලබන හෙයින් ඔවුන්ව අතහැර ඒමේ බලා‍පොරොත්තුවක් තමන්ට නොවන බවයි. ඒ වන විට ඔහු මායා සම්භවය සහිත දරුවන් තිදෙනකුගේ පියෙකුවද සිටි බව කියැවේ.

ලුයිසා හා ලූයිස් ගේ‍රගරි

        අප්‍රිකානු ඇමෙරිකානුවෙකු වූ ලුයිස් ගේ‍රගරි හා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වූ ලුයිසා මැතිව්ස්යුවළ එකිනෙකා දැන හඳුනා ගැනීමට ලැබෙන්නේ 1911 වසරේදී ඔවුන් ඊජිප්තුවේ ශු. දේශයේ සංචාරයක නිරත වත්දීය. බහායිනමැති ධර්මය අනුසාර කරන්නා වූ බැතිමතුන් දෙදෙනකු වූ ලුයිසා හා ලුයිස්ගේ ප්‍රේමයට සමාජ සම්මතයන්ගෙන් බාධක එල්ල වන ලද්දේ එකල සමාජයේ විශේෂයෙන් ඇමෙරිකාව තුළ මෙබඳු අන්තර් ජාතීන් අතර සිදු කෙරෙන විවාහයන්ට එරෙහිව තහංචි සේම වර්ගවාදයද තදින් මුල්බැස ගෙන තිබූ නිසාය.
        සමානාත්මතාව සිය විශ්වාසයේ එක් අංගයක් ලෙස සැලකූ බහායිලබ්ධිකයන් අතර පවා වර්ගවාදය පිළිගැනීමට ලක්වීම ඇත්තෙන්ම ඛිෙදයට කරුණක් විය.
ඒ සියලු බාධා ජයගනිමින් 1912 ලුයිසා හා ලුයිස් යුවළ නිව්යෝක් නුවරදී විවාහප්‍රාප්ත වන ලද්දේ, ජාතීන් දෙකකට අයත් පළමු විවාහක බහායි ආගමික යුවළ බවට පත්වෙමිනි. පසු කාලෙකදී ලුයිස් ගේ‍රගරි ඇමෙරිකාව තුළ මෙන්ම බහායි ලබ්ධික සමාජය තුළද වර්ගවාදයට එරෙහිව සටන් වැදියා වූ ප්‍රකට චරිතයක් බවට පත් වූ අතර 1951 වසරේදී ඔහුගේ මරණය සිදුවන තෙක්ම ගේ‍රගරි යුවළ බාධක මධ්‍යයේ වුවද සාර්ථක යුග දිවියක් ගත කිරීමට සමත් වූහ.


ලෙනාඩ් කිප් රයින්ලන්ඩර් හා ඇලිස් ජෝන්ස්

        කිප් රයින්ලන්ඩර් නමැති උසස් පැළැන්තියේ සුදු ජාතිකයා හා ඇලිස් ජෝන්ස් නමැති කළු ජාතික තරුණිය අතර සිදු වූ විවාහය මෙන්ම දික්කසාදයද මෙම වර්ගවාදය පිළිබඳ ආන්දෝලනය අධිකරණය හමුවට ගෙනෙන ලද්දේ, නීතිමය වශයෙන් පුද්ගලයකු කළුද නැතහොත් සුදුද ලෙස තීරණය කරනුයේ කවර සාධක පදනම් කර ගනිමින්ද යන්න ප්‍රශ්න කරමිනි.

        නිව්යෝක් නුවර වංශක්කාර පවුලක තරුණයකු වූ කිප් හා ජාතීන් දෙකකට අයත් වැඩ කරන පන්තියේ දිළිඳු යුවළකට දාව උපන් ඇලිස් අතර සම්බන්ධයක් හට ගනුයේ 1921 වසරේදී ඔවුන් දෙදෙනා කනෙක්ටිකට් නුවර වූ වෛද්‍ය සායනයකදී හමුවීමත් සමගය. තෙවසරක දීර්ඝ ඇසුරකින් පසුව 1924 දී ඔවුන් විවාහ වනුයේ, කිප්ගේ ජනප්‍රියත්වය හේතුවෙන් එම විවාහය මාධ්‍ය ලෝකයේ ඉහළ අවධානයක් හිමි කර ගනිමිනි. ඒ ජනප්‍රියත්වය කෙතරම් වීද යත් නිව්යෝක්සමාජ ලියාපදිංචි ‍ලේඛනයට නම ඇතුළත් වූ ප්‍රථම කළු ජාතික කාන්තාව වන්නේද ඇලිස් ජෝන්ස්ය.
        කෙසේ වුවද මෙම විවාහය වැඩිකලක් පැවැතුණේ නැත. සිය දෙමාපියන්ගේ බලකිරීම මත දික්කසාදයට සිය කැමැත්ත පළ කළ කිප් අධිකරණය හමුවේ කියා සිටියේ සුදු ජාතිකයකු වීමට ජෝන්ස් හට ප්‍රමාණවත් සුදුසුකම් තිබෙන බවයි.
        අවසානයේදී ජෝන්ස් හට සාධාරණය ඉටු වන පරිදි නඩුව අවසන් වන ලද්දේ ඇයට වාර්ෂිකව නඩත්තු මුදලක් ගෙවන ලෙසට කිප්ට නියෝග කරමිනි.


ජේම්ස් ඇචිලස් කර්ක් පැට්‍රික් හා කෙයාර්උන්

        ජේම්ස් ඇචිලස් කර්ක් පැට්‍රික් හා කෙයාර්උන් නිසා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් ඉන්දියාවේ සංචාරයේ නියුතු වූ නැගෙනහිර ඉන්දියානු සමාගමේ ඉහළ පෙළේ නිලධාරියකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයකුද වූ ජේම්ස් කර්ත් ප්‍රැටික් එම සංචාරයේදී ඉන්දියානු සංස්කෘතිය සමග කෙතරම් සමීප සබැඳියාවක් ඇති කර ගනු ලැබුවේද යත් කෙටි කලකින්ම සිය බටහිර පන්නයේ ගති පැවැතුම් සියල්ල ඉවතලා ඉන්දීය සම්ප්‍රදායන්ට අනුගත වී ඉන්දියානුවෙකු ලෙස එහි පදිංචි වීමට පෙළඹුණි.
        පසුව ඉස්ලාම් ධර්මය වැළඳ ගනු ලැබූ කර්ක්ප්‍රැටික් 1801 දී හයිද්‍රා බාද් නුවර අගමැතිවරයාගේ ළාබාල මිණිබිරිය වූ කෙයාර් උන් නිසාහා විවාහ වූ නමුදු ඊට ඉන්දීය බලධාරීන්ගේ අවසරය හිමිවන ලද්දේ, හයිද්‍රාබාද් රජයේ නීතින්ට එකඟව හැමවිටම ක්‍රියා කිරීමට ඔහු එකඟ වීමේ කොන්දේසිය මතය.
        එසේ වුවද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් වෙළාගනු ලැබ තිබූ ඉන්දියාව  තුළ මෙම විවාහයට එරෙහිව දැවැන්ත විරෝධයක් හටගත් අතර, කර්ක් පැට්‍රික් ඉහළ පෙළේ නිලධාරියකු වීමද මීට එක් හේතුවක් වී තිබිණි. ඉන්දියාවේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත්ව ආ රිචඩ් වෙසෙස්ලිසාමිවරයා හමුවට කැඳවනු ලැබූ කර්ක් ප්‍රැටික්ගේ සියලු නම්බුනාම හා තනතුරු ඔහු වෙතින් ඉවත් කෙරුනද, සිය විවාහය අවලංගු කිරීමට තරම් ඔහු බෙලහීනයකු නොවීය. පසුව සිය දරු දෙදෙනාට අධ්‍යාපනය ලබාදීම සඳහා ඔවුන්ව එංගලන්තයට යැවුණු අතර හදිසියේ හටගත් උණ රෝගයක් හේතුවෙන් ඔහු මිය යන ලද්දේ 1807 දීය.
ඔහුගේ මරණයෙන් වසරකට පසුව ඔහුගේ බිරිය උන් නිසාද මිය ගියාය.

බිල් ඩී බ්‍ලේසියෝ හා චර්‍ලේන් මැක්රේ
        මේ වන විට ඇමෙරිකාව තුළ ජාතීන් දෙකකට අයත් යුවළවල් අතර සිදුවන විවාහයන්ට නීතියෙන් අවසර ලැබි තිබුණ ද, ප්‍රධාන පෙළේ රජයේ නිලධාරී ධුරයකට තේරී පත් වූ කළු ජාතික කාන්තාවක සිය බිරිය කර ගත් පළමු තැනැත්තා වනුයේ 2013 වසරේදී නිව්යෝර්ක් නුවර නගරාධිපති ලෙස තේරී පත් වූ බිල් ඩී බ්‍ලේසියෝය චර්‍ලේන් මැක්රේ නමැති ඔහුගේ බිරිය කළු ජාතික කාන්තාවකි.

* *උපුටා ගැනීම (සමුදුර)

Thursday, March 13, 2014

ඉන්දීය බිතුසිතුවම් කලාවේ නිදන් ගබඩාව අජන්තා බිතුසිතුවම්..............

            පුරාවිද්‍යාඥ ජේම්ස් බර්ජස් හා විලියම් ජිල් මෙම සිතුවම්වල සංරක්ෂණ කටයුතු පළමුවරට ආරම්භ කර ඇත. මොවුන් වර්ෂ 1866 දී එංගලන්තයේ ක්‍රිසල් පැලස් හිදී මේ චිත්‍රවල ප්‍රදර්ශනයක් පැවත්වීය.නමුත් අවාසනාවකට මෙන් එම චිත්‍ර ගින්නකට හසුව විනාශ වූ බව සඳහන් වේ. ඊට පසු ග්‍රිෆිත් හා හෙරිංහැම් ආර්යාව සතුව තිබූ පිටපත් නැවත මුද්‍රණය කර 1896 - 1915 කාල වකවානුවේ ප්‍රකාශයට පත් කළ බව සඳහන් වේ.

වර්ෂ 1933 දී හයිද්‍රබාද්හි නිසාම් මහරාජාගේ අනුග්‍රහය යටතේ මේ ගුහා චිත්‍රවල සංරක්ෂණ කටයුතු නැවත ආරම්භ කර ඇත. හයිද්‍රබාද්හි පුරාවිද්‍යා අධ්‍යක්ෂ යෂ්ඩනිගේ මූලිකත්වයෙන් ඉතාලි චිත්‍ර කලා තාක්ෂණවේදීන්ගේ ආධාරය ඇතුව චිත්‍රවල පුනරුත්ථාපන කටයුතු සිදුකර ඇති බව සඳහන් වේ.        මේ චිත්‍ර ආසියානු බෞද්ධ චිත්‍රකලා සම්ප්‍රදායට අයත් වන්නේ යැයි ඔවුන් සඳහන් කරයි. බටහිර පාතීනත්, චිත්‍රකලා සම්ප්‍රදායේද, නේපාල, මධ්‍යම ආසියා, චීන, ජපන්, බෞද්ධ චිත්‍රකලා සම්ප්‍රදායන්ගේද සමහර සමාන ලක්ෂණ මේ චිත්‍රවලද දක්නට ලැබෙන බව කියැවේ. මේ අජන්තා ගුහා චිත්‍රද නැගනහිර බෞද්ධ සම්භාව්‍ය කලා සම්ප්‍රදායට අයත් නිර්මාණ වේ. මේ චිත්‍රවල වස්තු විෂයයන් බෞද්ධ කතා හා විවිධ ආගමික සංසිද්ධී ඇසුරෙන් තෝරාගෙන ඇත.   
 ජාතක කතා මින් ප්‍රධාන වෙයි. අජන්තා ගුහා සිතුවම් 28ක් දක්නට ලැබෙයි.     
අජන්තා බිතුසිතුවම් බටහිර ෆෙස්කෝ බිතුසිතුවම් කලාවෙන් සම්පූර්ණයෙන් වෙනස්වන බව කියැවේ. තෙත් හුණුගල් බදාමයක් මත අඳින බිතුසිතුවම් ෆෙස්කො නමින් හඳුන්වයි. නමුත් අජන්තා සිතුවම් ඇඳ තිබෙන්නේ වියළි බදාමයක් මත යයි සොයාගෙන ඇත.

අජන්තා ගුහා බිතුසිතුවම් ඇඳ තිබෙන ගල්බිත්ති චිත්‍රකරණයට සකස් කරගෙන ඇත්තේ මෙසේය.  පළමුව ගල්මතුපිට මඩ පස් ආවරණයකින් වසාදමයි. එම මඩ ආවරණය ගොමවලින්ද, කුඩාවට කපන ලද ගොයම් ඉපැනැලි හෝ සත්ත්ව කෙස්වලින්ද මිශ්‍රණය කර සකස් කරගෙන ඇත. මෙහි ඝනකම අඟල් 1 1/2 පමණ වෙයි. ඊටපසු ජිප්සම් ගල් ඉතා කුඩාවට කුඩුකර, පෙනේරයෙන් හලා එම කුඩුවලින් පළමු ආවරණය වසා ඇත. එසේ නැතහොත් හුණුගල්කුඩු මේ දෙවන ආවරණයට යොදාගෙන ඇත. මෙහි මතුපිටේ මූලික චිත්‍ර රූප ඇඳීම කර ඇත. මේ රේඛා ඇඳීම සඳහා රතු ඛනිජ නැතහොත් රත්හිරියල් උපයෝගිකරගෙන ඇත. 

මේ ගුහා සිතුවම් ශතවර්ෂ ගණනාවක් පුරා සිතුවම්කර ඇති බව සඳහන් වේ. වකටක හා චාලුක්‍ය අධිරාජ්‍යයන්ගේ කාලයේ එනම් ක්‍රි.ව. 4-7 දක්වා කාලයේ බොහොමයක් මේ සිතුවම් නිර්මාණය කර ඇතැයි කියැවේ.පළමු ගුහා චිත්‍ර සිතුවම් පුලකේෂි රජතුමාගේ කාලයේ පළමු ශතවර්ෂයේ නිර්මාණය වී ඇත. මේ රජතුමා  ක්‍රි.ව. 642 දී මියැදින. මේ අජන්තා චිත්‍රවලින් බොහෝ දුරට ස්වභාවික හැඩතල ප්‍රදර්ශනය වෙයි. වර්ණ සංයෝජනයද එසේමය. හැඩතල, ප්‍රමාණය, හැඟීම් ප්‍රකාශනය, සමානතාවය යන චිත්‍ර කලා ගුණාංග මේ චිත්‍රවල දක්නට ලැබෙයි.  

ඉන්දියාවේ 5 ශතවර්ෂයේ ගුප්ත යුගයේ චිත්‍ර කලා සංස්කෘතියේ අවසානය මේ අජන්තා සිතුවම් යැයි සඳහන් වේ. ඉන්දියාවේ බෞද්ධ චිත්‍රකලා ඉතිහාසයේ අවසානය සනිටුහන් කරන්නේද මේ චිත්‍රයි. ඊට පසු යුගය දේවාත්වරෝපණ සම්ප්‍රදායට අයත් වෙයි. යුරෝපීයනට යම්සේ පාතීනන් පළිඟු චිත්‍ර වැදගත් වන්නේද එලෙසම ආසියානුවන්ට අජන්තා ගුහා චිත්‍ර වැදගත් වෙයි.   


අජන්තා ගුහා සිතුවම්වල ප්‍රධාන තේමාව වී ඇත්තේ බුදුන් වහන්සේගේ පුනර්භව කතාය. ජාතක කතා මින් ප්‍රධාන වෙයි. 17 වන ගුහාවේ වෙස්සන්තර ජාතක කතාවේ චිත්‍ර ප්‍රදර්ශනය වෙයි. කරුණා, දයාව, ජීවිතයේ මරණය හා අනිත්‍යයද මේ චිත්‍රවලින් ප්‍රකාශනය වෙයි

6-7 ශතවර්ෂවලනිර්මාණය වූ ගුහා චිත්‍රවල බටහිර ආසියානු ඇසිරියන් චිත්‍ර කලා සම්ප්‍රදායේ චිත්‍ර කලා ලක්ෂණ දක්නට ලැබෙන බව සඳහන් වේ. ලලනා චිත්‍ර විශේෂයෙන් අප්සරාවන් හා නාටිකාංගනාවන් ඉතා විචිත්‍ර ලෙස විවිධ ඇඳුම් පැළඳුම් හා ආභරණවලින් සරසා චිත්‍රගත කර ඇත. 
ආගමික ප්‍රකාශන තේමා ලක්ෂණ පසුකාලීන ගුහා චිත්‍රවලින් බැහැර වී ඇති බව මින් පෙනේ. මෙම චිත්‍ර අධ්‍යයනය කිරීමේදී පසුකල ගුහා චිත්‍රවල මහායාන බෞද්ධ දේවාත්ව රෝපණ චිත්‍ර සම්ප්‍රදායක් දක්නට ලැබෙයි. ‍පොදුවේ ගත්කල මෙම චිත්‍ර ඉන්දියාවේ ගුප්ත හා චාලුක්‍ය රාජ්‍ය යුගවල භෞතික සංස්කෘතිය හැදෑරීමට උපයෝගි වෙයි.  


රූගත කතුන්ගේ ආභරණ, ඇඳුම් පැළඳුම්, මල්, පලතුරු, ගස්, පක්ෂීන් ආදියෙන් සරසන ලද පසුතල හා චිත්‍ර එවක මානව සංස්කෘතිය කෙසේ වූයේ දැයි ප්‍රකාශනය කරයි. අජන්තා ගුහා සිතුවම් බෞද්ධ ආසියානු චිත්‍රකලාව විස්තර කරන්නා සේම ඊට නිර්මාණ පසු යුගයේ නිර්මාණය වූ එල්ලෝරාහින්දු චිත්‍රකලා ඉතිහාසය විස්තර කරයි. අජන්තාවේ පළමු ගුහා චිත්‍ර සැරසිලි  ශ්‍රී ලංකාවේ ‍පොළොන්නරු යුගයේ චිත්‍රකලා කෘති කෙරෙහි ආභාෂය ලබා දී ඇති බව සඳහන් වේ. 

සීගිරි චිත්‍රවලද අජන්තා සිතුවම්වල සමාන ලක්ෂණ දක්නට ලැබෙයි. 

ලොව උතුරු හා නැගෙනහිර දෙසට බුදු දහම ව්‍යාප්ත වීමත් සමග අජන්තා ඉන්දියානු බෞද්ධ චිත්‍ර කලාව තුර්කිස්ථානය, චීනය වැනි රටවල චිත්‍රකලාව කෙරෙහි බලපා ඇත. එයට කදිම  නිදසුන ඇෆ්ගනිස්ථානයේ අඩි 175 උස වූ බාමියන් බෞද්ධ පිළිරුවයි. එහි නිර්මාණ කලා ලක්ෂණ අජන්තා කලා සම්ප්‍රදායට සමාන බව සඳහන් වේ. ඉරානයේ තුර්ෆාන් කයිසිල් ආදී ස්ථානයන්හි ඇති චිත්‍රවලට අජන්තා චිත්‍ර ෙශෙලියේ බලපෑම් ලැබි ඇත. චීනයේ 6-7 ශත වර්ෂවලට අයත් වූ ටුන්හුආං හි චිත්‍රවලද අජන්තා ශෛලිය දක්නට ලැබෙන බව ‍පොතපතේ සඳහන් වේ. ක්‍රි.ව. 7-8 ශතවර්ෂවල චීනයේ ටෑන්ග් අධිරාජ්‍යාගේ කාලයේ චීනය හා ඉන්දියාව අතර සුහද දේශපාලන සම්බන්ධතාවක් තිබි ඇත.















6-7 ශත වර්ෂවල ජපානයේ නිර්මාණය කරන ලද චිත්‍ර කලා කෘති කිහිපයක අජන්තා ශෛලියේ නිර්මාණ දක්නට ලැබෙන බව කියයි. ඊට නිදසුන් ලෙස නාරා හි දක්නට ලැබෙන තචිබාන සිද්ධස්ථානය පෙන්වා දිය හැකිය. මේ සිද්ධස්ථානයේ කලා නිර්මාණවලට චීන චිත්‍ර සම්ප්‍රදායන් බලපා නැති බවද සඳහන් වේ.
8 වන ශතවර්ෂය අයත් යයි සැලකෙන 1948 ද විනාශ වූ හෝර්යුජිහි දක්නට ලැබුණු චිත්‍ර නිර්මාණවල අජන්තා ශෛලියේ නිර්මාණ තිබූ බව සඳහන් වේ.
ග්‍රීක හා රෝම චිත්‍ර කලාවේ ආභාෂය මුළු යුරෝපය පුරා පැතිර ගිය අයුරින් අජන්තා බිතුසිතුවම් චිත්‍ර කලා ෙශෙලිය හා සම්ප්‍රදාය මුළු ආසියාව පුරාවට ඉරානයේ සිට ජපානය දක්වා පැතිර ගිය බව සඳහන් වේ.  



*උපුටා ගන්නා ලද්දකි...............(සමුදුර)

Sunday, March 9, 2014

සියවස් ගණනක අතීතයකින් හමුවන "සිහින" ගැන ජනප්‍රවාද........


 හැමෝම  “සිහින“  දකින්න ආසයි. ඒත් සමහර සිහින හරිම භයංකාරයි. ඒ වගේම ජීවිත කාලයේදී තමාට ළඟාකර ගත නොහැකි යම් දෙයක් හෝ යම් කෙනෙක් සිහිනෙන් හරි අයිතිකර ගන්න අපි හැමෝම කැමතියි. 






ඉතිං 2010 වසරෙදි මං “සිහින“ ගැන ලිව්වේ මෙන්න මේ විදියට.......

ෆේස්බුක් එකේ  හිතවතුන් මගෙ  “සිහිනය“ දැක්ක විදිය


https://www.facebook.com/photo.php?fbid=1209428491266&set=a.1151971294872.16522.1695358034&type=3&theater



අද “සිහින“ ගැන ලියන්න ඕනෙ කියල හිතුණෙ “සමුදුර“ පත්තරේ ගිය අපූරු “සිහින“ ලිපියක් දැකලයි. ඒ නිසා මේ වියමන මං බිත්තියේ එල්ලන්නම්.

සියවස් ගණනක අතීතයකින් හමුවන සිහින ගැන ජනප්‍රවාද........


            - බකු -             

                   ජපානයේ ජනප්‍රවාදයන්ට අනුව  බකුයනු සිහින කා දමන බිහිසුණු රාක්ෂයෙකි. ටපීර්වර්ගයේ ඌරෙකුගේ ශරීර ස්වභාවයෙන් යුතු බකුනැමැති ආධ්‍යාත්මික ජීවියා සතුව දිගු හොම්බක්ද ඇති අතර මධ්‍යම රාත්‍රියේදී නිවෙස්වලට කඩා වදින මොහු කරුණාවන්ත හදැති අයෙකු ලෙස සැලකෙන්නේ මිනිසුන් දකින බියකරු සිහින කා දමා නින්දේදී එවැනි බිහිසුණු අත්දැකීම් ලැබිමෙන් මිනිසුන් ආරක්ෂා කරවන නිසාය.


                                              දාහතරවන සියවසේදී ජපානයට සංක්‍රමණය වූ බකුසංකල්පය සම්භවය වී ඇත්තේ චීනයේය. කාලයත් සමග බකුනැමැති ජීවියාගේ ශරීර ස්වභාවය පිළිබඳ වන විස්තරයන් විවිධාකාරයට වෙනස් වූ අතර දාහත්වන සියවසේදී එය කයිමීරාවෙකුගේ ස්වභාවයට එනම් කොටියෙකුගේ පාදද අලියෙකුගේ හිසක්ද රයිනෝසිරස් සත්වයෙකුගේ විනිවිද යන බැල්මෙන් යුතු දෑස්ද හිමි අයෙකු ලෙසට වන පිළිගැනීමක් බිහිව තිබිණි. බකුයන නමද මෝයන්නට වෙනස් වූ අතර ඔහුගෙන් තමාට ඇවැසි ආරක්ෂාව ලැබිමට නම් නින්දට යාමට ප්‍රථම මෝගේරූපසටහනක් ඇඳිය යුතු බවට පිළිගැනීමක්ද විය.


        - මෝර්ෆියස් -                      

                                ආදි ග්‍රීකයන් තරම් සිහින ලෝකය පිළිබඳව ගවේෂණය කළ තවත් මානව සංස්කෘතියක් වේ යැයි සිතිය නොහැකි තරම්ය. ග්‍රීකයන්ගේ දෛනික ජීවිතයේ සෑම සියලුම දෙයකට මෙන්ම සිහින සඳහාද අධිපති වූ දෙවි කෙනෙකු සිටි අතර මෝර්ෆියස්නම් වූ ඔහු නින්දට අධිපති වූ හිප්නෝස්දෙවිඳුගේ පුතුය. දෙවියන්ගෙන් ලැබෙන්නාවූ පණිවුඩයක් මිනිසුන්ට ලබාදීම සඳහා ඔවුන්ගේ සිහිනවලට ඇතුළුවීමේ හැකියාවක් මෝර්ෆියස්ට තිබෙන අතර එකී අවස්ථාවලදී ඔහු මිනිසුන්ට පෙනී සිටින්නේ මිනිසෙකුගේ ස්වරූපයක් ආරූඪ කර ගනිමිනි. 

                       ‘මෝර්ෆියස්පිළිබඳව අපට මුල්වරට අසන්නට ලැබෙන්නේ පළමු ශතවර්ෂයේ විසූ ඕවිඩ්නැමැති කිවියා විසින් රචනා කළ මෙටාමෝර්ෆෝස්නැමැති වීර කාව්‍යය ඔස්සේය. සිහින ලෝකය හරහා පහසුවෙන් පියඹා යා හැකි වන සේ දැවැන්ත කළු පැහැති පිහාටු යුගලකින්ද, පක්ෂියෙකුගේ බඳු කයකින්ද යුතු මෝර්ෆියස්ව පණිවුඩකරුවෙකු ලෙස සිය දහස් ගණනක් වූ තමන්ගේ සෙසු දරුවන් අතරින් හිප්නෝස්’ තෝරා ගනු ලැබ ඇත්තේ මිනිසෙකු ලෙස වෙස් මාරුකර ගැනීමට කවරෙකුටවත් සම කළ නොහැකි හැකියාවක් මෝර්ෆියස්හට තිබූ නිසාය.


             - මාරා -  
                   

                         ජර්මානු ගැමි ජනප්‍රවාදයන්ට අනුව මාරායනු මිනිසුන් නිදියන කල ඔවුන්ගේ පපුව මත හිඳිමින් ඔවුන්ගේ ශ්වසන මාර්ගය ක්‍රමයෙන් අවහිර කරමින් හුස්ම හිර කරමින්, සුන්දර නිදි සිහින, බිහිසුණු අත්දැකීම් බවට පත් කරන්නා වූ නපුරු බලවේගයකි. මාරායන නමින් හෝ වෙනත් නම් යටතේ සියලුම ජර්මානු සංස්කෘතීන් තුළ අනිවාර්යයෙන් හමු වන බිහිසුණු බවින් යුතු මාරාඉංග්‍රීසි භාෂාවේදී හැඳින්වෙනුයේ මෙයා’ (ථචපඥ) ලෙසය. බිහිසුණු සිහින හැඳින්වීමට ඉංග්‍රීසියේදී භාවිතා වන දඪඨඩබථචපඥ (නයිට්මෙයාර්) යන වදන සම්භවය වන්නට ඇත්තේද මෙයාඇසුරින් බව පිළිගැනීමට සාධක බොහෝය. කේ‍රායේෂියානුවන්ගේ විශ්වාසයට අනුව මාරා යනු රාත්‍රියේ රූමත් කාන්තාවකගේ විලාශයෙන් පැමිණ පිරිමින් දැඩි වදහිංසනයට ලක්කොට ඔවුන්ගේ ජීව ශක්තිය ක්‍රමක්‍රමයෙන් උකහා ගන්නා වූ බිහිසුණු ජීවියෙකි.


             - සිහින අල්ලන්නා -                       

                                ඇමෙරිකා එක්සත් ජනපදයේ සුපිරීයර් ජලාශය අවට විල් තීරයේ විසූ ස්වදේශික ඇමෙරිකානු ජන කණ්ඩායමක් වන ඔජිබ්වාගෝත්‍රිකයින් අතර සිහින සම්බන්ධයෙන් මුල්බැසගෙන ඇත්තේ අපූර්ව ආකාරයේ පිළිගැනීමකි. ඒ අනුව මුල්ම ඔජිබ්වා ගෝත්‍රිකයින් සම්භවය වූ ටර්ට්ල්නම් වූ මිථ්‍යා කල්පිත දිවයිනේ විසූ අසිබිකාෂි නම් වූ මකුළු වනිතාව සෑම උදෑසනකම හිරු ඇල්ලීම සඳහා විශේෂිත මකුළු දැලක් වියනු ලැබූ අතර ඒ ඔස්සේ ඔජිබ්වා වැසියන් රැක බලා ගැනීමද සිදු කළාය. නමුත් පසුව ඔජිබ්වා ගෝත්‍රිකයන් විශාල වශයෙන් ව්‍යාප්තව යාමත් සමග සිය පිළිවෙත තවදුරටත් පවත්වාගෙන යාම අපහසු වූ අසිබිකාෂිසෑම ගෝත්‍රිකයෙකුටම මෙයාකාරයේ දැලක් නිර්මාණය කිරීමේ හැකියාව ලබා දෙන ලද්දේ බිහිසුණු සිහින දැකීමෙන් ඔවුන්ව ආරක්ෂා කර ගැනීම සඳහායි. ජනප්‍රවාදයන්ට අනුව මෙබඳු සිහින අල්ලනදැලක් සිය සායනයට ඉහළින් එල්ලීම මගින් එහි වන සිදුරු ඔස්සේ පෙරී එන යහපත් සිහින පමණක් දැකීමේ වරම මිනිසුන්ට හිමි වනු ඇත.



      - ෆොබිටර් හා ඔනෙයිරෝයි -            

                           සිහින හා සම්බන්ධ විවිධ අංගයන් නිරූපණයට ග්‍රීක සාහිත්‍යයෙන් හමුවන විවිධාකාරයේ දේවතාවුන් බොහෝමයකි. මීට පෙර හඳුන්වා දුන් සිහින පණිවුඩකරුවා වන මෝර්ෆියස්ඉන් එක් අයෙකු පමණක්ය. ඔහුගේ සොහොයුරා වන ෆොබිටර් එනම් ග්‍රීක භාෂාවෙන් බිය ගෙනෙනයන අර්ථය ඇති දේවතාවාගේ කාර්යභාරය වී ඇත්තේ මිනිස් සිහින ලෝකය භීතියෙන් පුරවාලීමයි. අඳුරේපුතු වන ෆොබිටර් යනු දැවැන්ත පියාපත් යුගලයකින් හෙබි යක්ෂයෙකු සේම ග්‍රීක විශ්වාසයන්ට අනුව පාතාල ලෝකයේ එක් පාර්ශ්වයක් වන ඊරොබොස්හි වන සර්ව දේව මණ්ඩලයේද එක් සාමාජිකයෙකි. 


                   - නිදි පක්ෂාඝාතය -                

              නිදි පක්ෂාඝාතය ලෙස හැඳින්වෙන්නේ හදිසියේම නින්දෙන් නැගී සිටීමත් සමග යමෙකුට චලනය වීමට හෝ කතා කිරීමට හෝ නොහැකි අසාමාන්‍ය එමෙන්ම තැති ගන්වන සුළු තත්ත්වයකට පත් වීමයි. ඇතැම්විට තමන් දෙස යමෙකුගේ පරීක්ෂාකාරී බැල්ම යොමුව ඇති බවක්ද මෙම අත්දැකීමට මුහුණ දෙන්නෙකුට හැඟී යනු ඇත. ඇතැම් විට සිය කාමරයේ යම්කිසි ගුප්ත ජීවියෙකු පිටසක්වල ජීවියෙකු හෝ වෙනත් කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් සිටින බවක්ද හැඟී යනු ඇත. මෙය හුදෙක්ම මනසින් මවා ගන්නා මනඃකල්පිත තත්ත්වයක් වුවද, එකී අත්දැකීමට ලක් වන්නාට එහි ඇති බියකරු භාවය මිස එහි සත්‍ය අසත්‍යතාවක් හැඟී නොයනු ඇත. නින්දේදී අත්විඳිනු ලබන මෙම තත්ත්වය විවිධ සංස්කෘතීන් තුළ විවිධාකාරයෙන් අර්ථ ගන්වා තිබෙනු දැකිය හැක. ජර්මානු සංස්කෘතියේදී මාරාලෙසද කාශ්මීරයේදී පඩින්දාර්නැමැති අදෘශ්‍යමාන පක්ෂියෙකු ලෙසද, තුර්කියේදී ඩිජින්නැමැති රාක්ෂයෙකු ලෙසද පාකිස්තාන  ජනප්‍රවාදයේදී ෂහිතාන්නැමැති සාතන් ලෙසද හඳුන්වා ඇත්තේ නින්දේ පසුවන පුද්ගලයාට වින කටීමට එන බවට විශ්වාස කරන මෙම නපුරු බලවේගයයි. නිදි පක්ෂඝාතය හට ගන්නේ එවැනි බලවේගයක බලපෑමකට ලක් වීමේ ප්‍රතිඵලයක් ලෙසය. 


                   - බ්‍රව්නීස් -                       


                      ස්කොට්ලන්ත වැසියන් අතර වන ජනප්‍රවාදයකට අනුව කියැවෙන්නේ, ඔවුන් නින්දට ගිය පසු නිවෙස් කරා පැමිණෙන බ්‍රව්නීස්ලෙස හැඳින්වෙන කුඩා මිනිස් ජීවීන් විශේෂයක් විසින් නිවසේ සියලු වැඩපළ කර දෙන බවයි. මොවුන් තවත් එවැනිම ජනප්‍රවාදයකින් කියැවෙන ගොවි‍පොළවල වැඩ කර දෙන හොබ්නම් වූ ජීවීන් විශේෂයට සමාන වුවද හොබ්වරු මෙන් බ්‍රව්නීස්ලා විනාශකාරී නොවේ. කෙතරම් වැඩපළ කර දුන්නද සුළු දෙයකින් කුපිත වී සියල්ල විනාශ කර දමන හොබ්ස්ලා මෙන් නොව බ්‍රව්නීස්ලා මෘදු ගති ස්වභාවයෙන් යුතු පිරිසකි. මිනිසුන් විසින් තමන්ව දකිනු ලැබිමට අකමැති බ්‍රව්නීස්ලා නිවෙසක වැඩපළ කර දීමට පැමිණෙන්නේ නිවැසියන් සිහින දකිමින් තද නින්දේ පසුවන කලය.




          - නිසු -         


              ජපාන ජනකතාවන්ට අනුව නිසුලෙස හැඳින්වෙන්නේ රෝ බිය හා අවාසනාව ලෝකයට ගෙන එන කයිමීරා සත්වයෙකි. කොටියෙකුගේ ගාත්‍රාවලින්ද, වඳුරෙකුගේ බඳු මුහුණකින්ද, වලිගය ලෙස විෂඝෝර සර්පයෙකුද ඇති නිසුපිළිබඳ ජපාන සංස්කෘතියෙන් මුල්වරට ඇසෙන්නේ දොළොස්වන     සියවසේදී විරුද්ධවාදී කණ්ඩායම් දෙකක් අතර හට ගත් යුද්ධයක් පිළිබඳ කියැවෙන ද ටේල් ඔෆ් ද හයිකිජනප්‍රවාදයෙනි. එහි දැක්වෙන කතාවට අනුව කළු වලාකුළක ස්වරූපයක් ගනිමින් ජපාන අධිරාජ්‍යයා වෙත පැමිණි නිසුඅධිරාජ්‍යයාව දැඩි ලෙස රෝගාතුර කොට තිබේ. අවසානයේදී ඔහුගේ ජීවිතය ගලවා ගැනීමට හැකි වූයේ සමුරායිවරයෙකු විසින් කළු වලාකුළට ඊතලයක් විද එය විනාශ කිරීමෙනි. අදටද නිසුගේ සොහොන ලෙස සැලකෙන දැවැන්ත පස්කන්දක් ජපානයේ වෙරළ තීරයක දැක ගත හැකිය.  


           - වැලි මිනිසා -         

                     හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතාවක් ඔස්සේ පළමුවරට ලෝකයා විසින් හඳුනා ගනු ලැබූ වැලි මිනිසායනු නින්දට යන දරුවන්ට සිහින පෙන්වීම සඳහා ඔවුන්ගේ දෑස් මත සියුම් වැලි විශේෂයක් හෙළනු ලබන කරුණාවන්ත ජීවියෙකි. නින්දෙන් අවදි වන විට යමෙකුගේ දෑස් වටා කුඩු වැනි අවශේෂයක් රැඳී තිබේ නම් ඉන් ඇඟවෙනුයේ පෙරදා රාත්‍රියේදී වැලි මිනිසා ඔහුව බැලීමට පැමිණ ඇති බවකි. කෙසේ වුවද වැලි මිනිසා යනු ඉතා බිහිසුණු කෲර ජීවියෙකු ලෙස ළමා සිත් තුළ අරක්ගැනීමට හේතු වූයේ 1816 දී එළිදැක්වුණු  කතාවකි. එහි වැලි මිනිසා නිරූපණය කෙරෙනුයේ, නින්දට යෑම ප්‍රතික්ෂේප කරන දරුවන්ගේ ඇස්වලට වැලි ගසා ඔවුන්ගේ දෑස් ඉවතට වැටීමට සලස්වා ඒවා එකතු කොටගෙන සිය යක්ෂ ළමුන්ට ආහාර පිණිස ලබා දෙන අයෙකු ලෙසටය.