හැමෝම “සිහින“ දකින්න ආසයි. ඒත් සමහර සිහින හරිම භයංකාරයි. ඒ වගේම ජීවිත කාලයේදී තමාට ළඟාකර ගත නොහැකි යම් දෙයක් හෝ යම් කෙනෙක් සිහිනෙන් හරි අයිතිකර ගන්න අපි හැමෝම කැමතියි.
ඉතිං 2010 වසරෙදි මං “සිහින“ ගැන ලිව්වේ මෙන්න මේ විදියට.......
ෆේස්බුක් එකේ හිතවතුන් මගෙ “සිහිනය“ දැක්ක විදිය
https://www.facebook.com/photo.php?fbid=1209428491266&set=a.1151971294872.16522.1695358034&type=3&theater
අද “සිහින“ ගැන ලියන්න ඕනෙ කියල හිතුණෙ “සමුදුර“ පත්තරේ ගිය අපූරු “සිහින“ ලිපියක් දැකලයි. ඒ නිසා මේ වියමන මං බිත්තියේ එල්ලන්නම්.
සියවස් ගණනක අතීතයකින් හමුවන සිහින ගැන ජනප්‍රවාද........
- බකු -
ජපානයේ ජනප්‍රවාදයන්ට අනුව ‘බකු’ යනු
සිහින කා දමන බිහිසුණු රාක්ෂයෙකි. ‘ටපීර්’ වර්ගයේ ඌරෙකුගේ ශරීර ස්වභාවයෙන් යුතු ‘බකු’ නැමැති
ආධ්‍යාත්මික ජීවියා සතුව දිගු හොම්බක්ද ඇති අතර මධ්‍යම රාත්රියේදී නිවෙස්වලට කඩා
වදින මොහු කරුණාවන්ත හදැති අයෙකු ලෙස සැලකෙන්නේ මිනිසුන් දකින බියකරු සිහින කා දමා
නින්දේදී එවැනි බිහිසුණු අත්දැකීම් ලැබිමෙන් මිනිසුන් ආරක්ෂා කරවන නිසාය.
දාහතරවන සියවසේදී ජපානයට සංක්‍රමණය වූ ‘බකු’ සංකල්පය
සම්භවය වී ඇත්තේ චීනයේය. කාලයත් සමග ‘බකු’ නැමැති ජීවියාගේ ශරීර ස්වභාවය පිළිබඳ වන විස්තරයන්
විවිධාකාරයට වෙනස් වූ අතර දාහත්වන සියවසේදී එය කයිමීරාවෙකුගේ ස්වභාවයට එනම්
කොටියෙකුගේ පාදද අලියෙකුගේ හිසක්ද රයිනෝසිරස් සත්වයෙකුගේ විනිවිද යන බැල්මෙන් යුතු
දෑස්ද හිමි අයෙකු ලෙසට වන පිළිගැනීමක් බිහිව තිබිණි. ‘බකු’ යන
නමද ‘මෝ’ යන්නට වෙනස් වූ අතර ඔහුගෙන් තමාට ඇවැසි ආරක්ෂාව ලැබිමට
නම් නින්දට යාමට ප්‍රථම ‘මෝගේ’ රූපසටහනක් ඇඳිය යුතු බවට පිළිගැනීමක්ද විය.
- මෝර්ෆියස්
-
ආදි ග්‍රීකයන් තරම් සිහින ලෝකය පිළිබඳව ගවේෂණය කළ තවත් මානව සංස්කෘතියක් වේ යැයි සිතිය නොහැකි තරම්ය. ග්‍රීකයන්ගේ
දෛනික ජීවිතයේ සෑම සියලුම දෙයකට මෙන්ම සිහින සඳහාද අධිපති වූ දෙවි කෙනෙකු සිටි අතර
‘මෝර්ෆියස්’ නම්
වූ ඔහු නින්දට අධිපති වූ ‘හිප්නෝස්’ දෙවිඳුගේ පුතුය. දෙවියන්ගෙන් ලැබෙන්නාවූ පණිවුඩයක්
මිනිසුන්ට ලබාදීම සඳහා ඔවුන්ගේ සිහිනවලට ඇතුළුවීමේ හැකියාවක් මෝර්ෆියස්ට තිබෙන අතර
එකී අවස්ථාවලදී ඔහු මිනිසුන්ට පෙනී සිටින්නේ මිනිසෙකුගේ ස්වරූපයක් ආරූඪ කර
ගනිමිනි.
‘මෝර්ෆියස්’ පිළිබඳව
අපට මුල්වරට අසන්නට ලැබෙන්නේ පළමු ශතවර්ෂයේ විසූ ‘ඕවිඩ්’ නැමැති
කිවියා විසින් රචනා කළ මෙටාමෝර්ෆෝස්’ නැමැති
වීර කාව්‍යය ඔස්සේය. සිහින ලෝකය හරහා පහසුවෙන් පියඹා යා හැකි වන සේ දැවැන්ත කළු
පැහැති පිහාටු යුගලකින්ද, පක්ෂියෙකුගේ
බඳු කයකින්ද යුතු මෝර්ෆියස්ව ‘පණිවුඩකරුවෙකු
ලෙස සිය දහස් ගණනක් වූ තමන්ගේ සෙසු දරුවන් අතරින් ‘හිප්නෝස්’ තෝරා
ගනු ලැබ ඇත්තේ මිනිසෙකු ලෙස වෙස් මාරුකර ගැනීමට කවරෙකුටවත් සම කළ නොහැකි හැකියාවක්
‘මෝර්ෆියස්’ හට
තිබූ නිසාය.
- මාරා -
ජර්මානු ගැමි ජනප්‍රවාදයන්ට
අනුව ‘මාරා’ යනු මිනිසුන් නිදියන කල ඔවුන්ගේ පපුව මත හිඳිමින් ඔවුන්ගේ
ශ්වසන මාර්ගය ක්‍රමයෙන් අවහිර කරමින් හුස්ම හිර කරමින්, සුන්දර නිදි සිහින, බිහිසුණු
අත්දැකීම් බවට පත් කරන්නා වූ නපුරු බලවේගයකි. ‘මාරා’ යන
නමින් හෝ වෙනත් නම් යටතේ සියලුම ජර්මානු සංස්කෘතීන් තුළ අනිවාර්යයෙන් හමු වන
බිහිසුණු බවින් යුතු ‘මාරා’ ඉංග්‍රීසි භාෂාවේදී හැඳින්වෙනුයේ ‘මෙයා’ (ථචපඥ)
ලෙසය. බිහිසුණු සිහින හැඳින්වීමට ඉංග්‍රීසියේදී භාවිතා වන දඪඨඩබථචපඥ (නයිට්මෙයාර්)
යන වදන සම්භවය වන්නට ඇත්තේද ‘මෙයා’ ඇසුරින් බව පිළිගැනීමට සාධක බොහෝය. කේරායේෂියානුවන්ගේ විශ්වාසයට අනුව මාරා යනු
රාත්‍රියේ රූමත් කාන්තාවකගේ විලාශයෙන් පැමිණ පිරිමින් දැඩි වදහිංසනයට ලක්කොට
ඔවුන්ගේ ජීව ශක්තිය ක්‍රමක්‍රමයෙන් උකහා ගන්නා වූ බිහිසුණු ජීවියෙකි.
- සිහින
අල්ලන්නා -
ඇමෙරිකා
එක්සත් ජනපදයේ සුපිරීයර් ජලාශය අවට විල් තීරයේ විසූ ස්වදේශික ඇමෙරිකානු ජන
කණ්ඩායමක් වන ‘ඔජිබ්වා’ ගෝත්‍රිකයින් අතර සිහින සම්බන්ධයෙන් මුල්බැසගෙන ඇත්තේ
අපූර්ව ආකාරයේ පිළිගැනීමකි. ඒ අනුව මුල්ම ඔජිබ්වා ගෝත්‍රිකයින් සම්භවය වූ ‘ටර්ට්ල්’ නම්
වූ මිථ්‍යා කල්පිත දිවයිනේ විසූ අසිබිකාෂි නම් වූ මකුළු වනිතාව සෑම උදෑසනකම හිරු
ඇල්ලීම සඳහා විශේෂිත මකුළු දැලක් වියනු ලැබූ අතර ඒ ඔස්සේ ඔජිබ්වා වැසියන් රැක බලා
ගැනීමද සිදු කළාය. නමුත් පසුව ඔජිබ්වා ගෝත්‍රිකයන් විශාල වශයෙන් ව්‍යාප්තව යාමත්
සමග සිය පිළිවෙත තවදුරටත් පවත්වාගෙන යාම අපහසු වූ ‘අසිබිකාෂි‘ සෑම
ගෝත්රිකයෙකුටම මෙයාකාරයේ දැලක් නිර්මාණය කිරීමේ හැකියාව ලබා දෙන ලද්දේ බිහිසුණු
සිහින දැකීමෙන් ඔවුන්ව ආරක්ෂා කර ගැනීම සඳහායි. ජනප්‍රවාදයන්ට අනුව මෙබඳු ‘සිහින අල්ලන’ දැලක්
සිය සායනයට ඉහළින් එල්ලීම මගින් එහි වන සිදුරු ඔස්සේ පෙරී එන යහපත් සිහින පමණක්
දැකීමේ වරම මිනිසුන්ට හිමි වනු ඇත.
- ෆොබිටර් හා ඔනෙයිරෝයි -
සිහින
හා සම්බන්ධ විවිධ අංගයන් නිරූපණයට ග්‍රීක සාහිත්‍යයෙන් හමුවන විවිධාකාරයේ
දේවතාවුන් බොහෝමයකි. මීට පෙර හඳුන්වා දුන් සිහින පණිවුඩකරුවා වන ‘මෝර්ෆියස්’ ඉන්
එක් අයෙකු පමණක්ය. ඔහුගේ සොහොයුරා වන ෆොබිටර් එනම් ග්‍රීක භාෂාවෙන් ‘බිය ගෙනෙන’ යන
අර්ථය ඇති දේවතාවාගේ කාර්යභාරය වී ඇත්තේ මිනිස් සිහින ලෝකය භීතියෙන් පුරවාලීමයි. ‘අඳුරේ’ පුතු
වන ෆොබිටර් යනු දැවැන්ත පියාපත් යුගලයකින් හෙබි යක්ෂයෙකු සේම ග්‍රීක විශ්වාසයන්ට
අනුව පාතාල ලෝකයේ එක් පාර්ශ්වයක් වන ‘ඊරොබොස්’ හි වන සර්ව දේව මණ්ඩලයේද එක් සාමාජිකයෙකි.
- නිදි පක්ෂාඝාතය -
නිදි පක්ෂාඝාතය ලෙස හැඳින්වෙන්නේ හදිසියේම නින්දෙන් නැගී සිටීමත් සමග යමෙකුට චලනය වීමට හෝ කතා කිරීමට හෝ නොහැකි අසාමාන්‍ය එමෙන්ම තැති ගන්වන සුළු තත්ත්වයකට පත් වීමයි. ඇතැම්විට තමන් දෙස යමෙකුගේ පරීක්ෂාකාරී බැල්ම යොමුව ඇති බවක්ද මෙම අත්දැකීමට මුහුණ දෙන්නෙකුට හැඟී යනු ඇත. ඇතැම් විට සිය කාමරයේ යම්කිසි ගුප්ත ජීවියෙකු පිටසක්වල ජීවියෙකු හෝ වෙනත් කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් සිටින බවක්ද හැඟී යනු ඇත. මෙය හුදෙක්ම මනසින් මවා ගන්නා මනඃකල්පිත තත්ත්වයක් වුවද, එකී අත්දැකීමට ලක් වන්නාට එහි ඇති බියකරු භාවය මිස එහි සත්‍ය අසත්‍යතාවක් හැඟී නොයනු ඇත. නින්දේදී අත්විඳිනු ලබන මෙම තත්ත්වය විවිධ සංස්කෘතීන් තුළ විවිධාකාරයෙන් අර්ථ ගන්වා තිබෙනු දැකිය හැක. ජර්මානු සංස්කෘතියේදී ‘මාරා’ ලෙසද කාශ්මීරයේදී ‘පඩින්දාර්’ නැමැති අදෘශ්‍යමාන පක්ෂියෙකු ලෙසද, තුර්කියේදී ‘ඩිජින්’ නැමැති රාක්ෂයෙකු ලෙසද පාකිස්තාන ජනප්රවාදයේදී ‘ෂහිතාන්’ නැමැති සාතන් ලෙසද හඳුන්වා ඇත්තේ නින්දේ පසුවන පුද්ගලයාට වින කටීමට එන බවට විශ්වාස කරන මෙම නපුරු බලවේගයයි. නිදි පක්ෂඝාතය හට ගන්නේ එවැනි බලවේගයක බලපෑමකට ලක් වීමේ ප්‍රතිඵලයක් ලෙසය.
- බ්‍රව්නීස්
-
ස්කොට්ලන්ත වැසියන් අතර වන ජනප්‍රවාදයකට අනුව කියැවෙන්නේ, ඔවුන් නින්දට ගිය පසු නිවෙස් කරා පැමිණෙන ‘බ්‍රව්නීස්’ ලෙස
හැඳින්වෙන කුඩා මිනිස් ජීවීන් විශේෂයක් විසින් නිවසේ සියලු වැඩපළ කර දෙන බවයි.
මොවුන් තවත් එවැනිම ජනප්රවාදයකින් කියැවෙන ගොවිපොළවල වැඩ කර දෙන ‘හොබ්’ නම්
වූ ජීවීන් විශේෂයට සමාන වුවද හොබ්වරු මෙන් බ්‍රව්නීස්ලා විනාශකාරී නොවේ. කෙතරම්
වැඩපළ කර දුන්නද සුළු දෙයකින් කුපිත වී සියල්ල විනාශ කර දමන හොබ්ස්ලා මෙන් නොව බ්‍රව්නීස්ලා
මෘදු ගති ස්වභාවයෙන් යුතු පිරිසකි. මිනිසුන් විසින් තමන්ව දකිනු ලැබිමට අකමැති බ්‍රව්නීස්ලා
නිවෙසක වැඩපළ කර දීමට පැමිණෙන්නේ නිවැසියන් සිහින දකිමින් තද නින්දේ පසුවන කලය.
- නිසු -
ජපාන ජනකතාවන්ට අනුව ‘නිසු’ ලෙස හැඳින්වෙන්නේ රෝ බිය හා අවාසනාව ලෝකයට ගෙන එන කයිමීරා
සත්වයෙකි. කොටියෙකුගේ ගාත්රාවලින්ද, වඳුරෙකුගේ
බඳු මුහුණකින්ද, වලිගය
ලෙස විෂඝෝර සර්පයෙකුද ඇති ‘නිසු’ පිළිබඳ ජපාන සංස්කෘතියෙන් මුල්වරට ඇසෙන්නේ දොළොස්වන සියවසේදී විරුද්ධවාදී කණ්ඩායම් දෙකක් අතර හට ගත් යුද්ධයක් පිළිබඳ කියැවෙන ‘ද ටේල් ඔෆ් ද හයිකි’ ජනප්රවාදයෙනි.
එහි දැක්වෙන කතාවට අනුව කළු වලාකුළක ස්වරූපයක් ගනිමින් ජපාන අධිරාජ්‍යයා වෙත
පැමිණි ‘නිසු’ අධිරාජ්‍යයාව දැඩි ලෙස රෝගාතුර කොට තිබේ. අවසානයේදී ඔහුගේ
ජීවිතය ගලවා ගැනීමට හැකි වූයේ සමුරායිවරයෙකු විසින් කළු වලාකුළට ඊතලයක් විද එය
විනාශ කිරීමෙනි. අදටද නිසුගේ සොහොන ලෙස සැලකෙන දැවැන්ත පස්කන්දක් ජපානයේ වෙරළ
තීරයක දැක ගත හැකිය.
- වැලි මිනිසා -
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතාවක් ඔස්සේ පළමුවරට ලෝකයා විසින් හඳුනා ගනු ලැබූ ‘වැලි මිනිසා’ යනු
නින්දට යන දරුවන්ට සිහින පෙන්වීම සඳහා ඔවුන්ගේ දෑස් මත සියුම් වැලි විශේෂයක් හෙළනු ලබන කරුණාවන්ත ජීවියෙකි. නින්දෙන් අවදි වන විට යමෙකුගේ
දෑස් වටා කුඩු වැනි අවශේෂයක් රැඳී තිබේ නම් ඉන් ඇඟවෙනුයේ පෙරදා රාත්රියේදී වැලි
මිනිසා ඔහුව බැලීමට පැමිණ ඇති බවකි. කෙසේ වුවද වැලි මිනිසා යනු ඉතා බිහිසුණු කෲර ජීවියෙකු ලෙස ළමා සිත් තුළ අරක්ගැනීමට හේතු වූයේ 1816 දී එළිදැක්වුණු කතාවකි. එහි වැලි මිනිසා නිරූපණය කෙරෙනුයේ, නින්දට යෑම ප්‍රතික්ෂේප කරන දරුවන්ගේ ඇස්වලට වැලි ගසා
ඔවුන්ගේ දෑස් ඉවතට වැටීමට සලස්වා ඒවා එකතු කොටගෙන සිය යක්ෂ ළමුන්ට ආහාර පිණිස ලබා
දෙන අයෙකු ලෙසටය.