වැරෙන් හති හලමින්
දෙපයට ගොදුරු වූ
බයිසිකල් පැඩලය
වේගයෙන් කැරකෙත්ම
ජීවන අරගලයේ රෝදය
හදවතේ ලබ් ඩබ් ශබ්දය පරයා
සීරුවෙන් ඉරිදියට ඇදෙන සඳ.....
සරුව පිත්තල සංගීත රාවය
පරිසරයේ නිහඬ බව බිඳගෙන
ඔච්චම් කරමින් මා පසුකරත්ම
කෙළි පොඩිත්තිගේ කුස ගින්දරින්
මගේ මුළු සර්වාංගයම
දැවී අළු විය මොහොතකට..............
(බුද්ධදාස ගලප්පත්ති සොයුරාගේ
"හෙට නැවත එයි" පොතේ
'දවසක් නිමාවෙයි' කතාවට ලියවුණු මගේ හදට දැනුණු සිතුවිල්ල...............)
ඕක තමයි ඇත්තම සමාජ ක්රමය.හැම තැනකම එහෙමයි.කට්ටියක් සුරසැප විදිනවා.තව කට්ටයක් එදාවේලවත් කන්න බැරිව ලත වෙනවා.
ReplyDeleteපන්ති භේදය කියලවත්,සමාජ ක්රමය හරි ආණුඩුවේ වැරදි ප්රතිපත්ති කියලවත් අවි ආයුධ අරගෙන විප්ලව කරලා පෝසත්තු පරාජය කරන එක නෙමෙයි කරන්න ඕනි.තමනුත් ඒ පෝසත්තු ලගටම එන එක තමයි කල යුත්තේ.එයයි නියම විප්ලවය.
සමාජයේ පැතිකඩක් වචන පෙලකට කැටිකොට ලියූ සංවේදී සිතිවිල්ලක්.. මම නම් "හෙට නැවත එයි" පොත කියවලා නෑ. කියවන්න ආස හිතුණා.. තොටුපළේ තිබුණ කමෙන්ටුවක් ඔස්සෙයි මේ ඉසව්වට මුල්වරට අද ආවේ
ReplyDeleteස්තූතියි සොයුරනේ............!!
ReplyDelete