Friday, August 5, 2011

ආවර්ජනය........


හිමින් හිමින් වැස්ස වැටෙද්දි සැණින් අතීතයට දිව ගියා හිත....
මාව ඒ සුන්දරත්වයට ආයෙමත් ඇබ්බැහි වුණා ....
වැස්ස කියන්නේ පුංචි කාලයේදී කෙතරම් සුන්දර අවස්ථාවක්ද...
වැහි බිඳු වැටෙන්න පටන් ගන්න කොටම 
පරණ පොත්වල කොළ බරස් ගගා ඉරාගෙන'විත් තරඟයට කඩදාසි බෝට්ටු හදපු කාලය මතක් වුණා
අක්කලා දෙන්නයි අයියගෙයි සෙනෙහෙට මැදි වෙලා හැදිව්ව මට ඒ අතීතය නම් හරිම සුන්දරයි...
ඒ සුන්දර අතීතයේ අපි අතරමංවෙලා අසරණ වෙලා දැන්....
ආයේ ඒ කාලය කොහොම ලබන්නද
තරඟයට කවි ගීත කියපු
හැංඟිමුත්තං කරපු.....
අනේ ඇත්තටම කොච්චර සුන්දරද ඒ අතීතය....
තාත්තාගේ උකුලට වෙලා රජ කාලේ කතන්දර අහපු...
අම්මාගේ අතින් අනපු රස බත් පිඩවල් කාපූ...
ඒ ළමා විය කෙතරම් සුන්දරද...

4 comments:

  1. 2011 අගෝස්තු 5 වෙනිදා මං මේ පෝස්ට් එක ලියද්දි අම්මයි තාත්තයි දෙන්නම හිටිය මාත් එක්ක. ඒත් අද අම්මා අපි හැමෝම අත් හැරල ගිහින් අවුරුද්දක් ගතවුණා. සැදෑසමය ගෙවන තාත්තා දිහා බලද්දි දැනෙන්නේ පුදුම වේදනාවක්. පුංචි කාලේ දඟ වැඩ කරද්දි වේවැලෙන් බය කරපු තාත්තද මේ කියල හිතෙනවා. දැන් පුංචි දරුවෙක් වගෙයි.
    හ්ම් කාලය කොච්චර දේවල් වෙනස් කරනවද ඇත්තටම............

    ReplyDelete
  2. apitath oya tikama wenawa neda ?

    ReplyDelete
    Replies
    1. ඔව් අපි කාටත් පොදු ධර්මතාවය ඒක. ඒත් හැමෝම එහෙම හිතන්නෙ නැති එකයි ප්‍රශ්නෙ.

      Delete
  3. සිහින කුමාරිThursday, April 10, 2014 9:08:00 AM

    මගෙත් අම්මා නැති නිසා මේ වචන ටික කියවද්දී දන්නෙම නැතිව ඇඩුණා. ඒ කාලේ කොච්චර ලස්සනද කියල හිතෙන්නේ අපිට ඒ දේවල් දැන් අහිමි නිසා වෙන්න ඇති රුක්ෂිලා අක්කා............

    ReplyDelete