Showing posts with label එහෙන් මෙහෙන්. Show all posts
Showing posts with label එහෙන් මෙහෙන්. Show all posts

Tuesday, May 23, 2017

සීගිරියේ හෝටල් හදනවට විරුද්ධ වුණාට ‘කටුගෙට’ යවන්න හදන පුරාවිද්‍යා කොමසාරිස්


ශ්‍රී ලංකාවේ පවතින අතිශය වටිනාකමින් ඉහළ කෞතුක වස්තු කීපයක් දකුණු කොරියාවේ ප්‍රදර්ශනය කිරීමට අගමැතිවරයා එකඟ විය. කෞතුක භාණ්ඩ විදෙස් ගත කරවීමේදී ඒවායේ ආරක්ෂාව පිළිබඳවද ගැටලුවක් මතු වේ. කෞතුක භාණ්ඩ කැඩී බිඳී යෑම මෙන්ම කෞතුක වස්තු වෙනුවට ව්‍යාජ භාණ්ඩ මාරු කිරීමට ඉඩකඩ ඇති බැවින් ආවාට ගියාට ඒවා විදෙස් ප්‍රදර්ශනවලට යවන්නට නොහැකිය. අවසානයේ කෞතුක භාණ්ඩ විදෙස් ගතකළ හැකි වන්නේ ඉතා බරපතළ කොන්දේසි යටතේය. එසේ යවනවා නම් යවන්නේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ කටයුතු සඳහා පමණි. මේ සියල්ල සලකා බලා කෞතුකාගාර අධ්‍යක්ෂවරියත්, සංස්කෘතික අමාත්‍යාංශයේ කෞතුකාගාරය භාර ලේකම්වරයාත්, පුරාවිද්‍යා විද්වතුන්ගේත් විරෝධය නිසා පුරාවස්තු කොරියානු ප්‍රදර්ශනයට යැවීම වැළැකිණි. දේශපාලනික සබඳතා තහවුරු කර ගැනීමට පුරාවස්තු යැවීමේ නාටකයද එතැනින් අවසාන විය.
කෞතුක වස්තු, කෞතුකාගාරයේ පිහිටීම හා ඒ භූමියේ පවතින ඉඩකඩ අනුව කෞතුකාගාරයට හෙළන ආර්ථික බැල්ම එතැනින් නැවතුණේ නැත.

පෞද්ගලික සංවිධානයක් යැයි කියාගනිමින් කොළඹ කටුගෙය ඉදිරිපස මිදුල කොටස විලාසිතා දැක්මකට ඉල්ලා ඇති බව පසුගිය මාස කිහිපයකට පෙර දා පුවත් මවන සිදුවීමක් විය. කෞතුකාගාර අධ්‍යක්ෂවරියත්, සංස්කෘතික අමාත්‍යාංශයේ කෞතුකාගාරය භාර ලේකම්වරයාත් පුරාවිද්‍යා පිළිබඳ විද්වතුනුත් එකහෙළා පැවැසුවේ එවැනි කාර්යයක් සඳහා කෞතුකාගාර පරිශ්‍රය ලබාදිය නොහැකි බවයි. එහෙත් අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් කෞතුකාගාර භූමිය මේ විලාසිතා ප්‍රදර්ශනයට ඉඩ ලබාදිය යුතු බවට නිගමනය විය. අගමැතිවරයාගේ පැත්තෙන් කෞතුකාගාර පරිශ්‍රය විලාසිතා දැක්මකට ලබාදීමට කොළ එළිය පත්තු කරද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රතු එළිය පත්තු කළේය. ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් කෞතුකාගාර භූමිය විලාසිතා දැක්මකට යොදා ගැනීම වළක්වන ලදී.

ඊළඟට කෞතුකාගාර කොළඹ නගරයේ සංචාරක කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ යෝජනාවක් අගමැතිවරයා හරහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි. පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ ව්‍යාපාරික කටයුත්තකට කෞතුකාගාරය යොදා ගැනීම මෙහි අරමුණ විය. මේ සඳහා ප්‍රබල ව්‍යාපාරිකයකු සම්බන්ධ භාරයක් පිහිටුවාගත් ආයතනයක් මුල් වූයේය. එහෙත් මේ ආයතනය භාරකාර මණ්ඩලයේ අනුමැතිය හෝ පුණ්‍යාධාර ආයතනයක් විදියට ලියාපදිංචි වී නොතිබිණි. අඩුම ගණනේ කෞතුකාගාරය කොළඹ නගරයේ සංචාරක කේන්ද්‍රස්ථානය කිරීම කියන යෝජනාවට අනුව අදාළ ක්‍රියාවලිය සිදුවන විටදීවත් මෙවැනි ආයතනයක් ලියාපදිංචි කිරීමට ඉල්ලුම්පත්‍ර මහා භාරකාර මණ්ඩලයට ඉල්ලීම් ලැබී තිබුණේ නැත. එසේ වුවත් මේ ක්‍රියාවලියට අදාළ කැබිනට් පත්‍රය අනුමත කරගෙන තිබිණි. එහිදී මේ ආයතනයට කෞතුකාගාරයෙන් අවශ්‍ය පහසුකම් සැලසීමටත් සංචාරක කේන්ද්‍රස්ථානය ලෙස දියුණු කිරීමට වසර තුනක රාජ්‍ය ප්‍රතිපාදන ලබාදීමටත් කැබිනට් අනුමැතිය ලැබුණේය.

මේ කටයුතු සිදුවන විට අදාළ ආයතනය කෞතුකාගාර භූමිය මැනීමට මිනින්දෝරුවන් එව්වේය. එම මැනීම් කටයුතුවලට කෞතුකාගාර අධ්‍යක්ෂවරිය ඉඩ ලබාදුන්නේ නැත. ඉන්පසුව අදාළ ආයතනයේ නියෝජිත කණ්ඩායමක් ආවේ කෞතුකාගාරයේ බිම් සැලැස්මට අදාළ බිම් ලේඛන ලබා ගැනීමටය. කෞතුකාගාර අධ්‍යක්ෂවරිය ඒවා ලබාදුන්නේද නැත.

එහෙත් මේ කැබිනට් පත්‍රිකාවට අමාත්‍යාංශ ලේකම්වරයාගේද අනුමැතිය ලැබුණේය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ ක්‍රියාවලිය දිගින් දිගට ක්‍රියාත්මක විය. මේ ක්‍රියාවලිය සම්බන්ධ නීත්‍යනුකූල වගකීම ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරයාටය. ඔහුගේ හැසිරීම අනුව ඔහුට පුරාවස්තු පිළිබඳව හෝ කෞතුකාගාරය හෝ රාජ්‍ය දේපොළ සම්බන්ධ අවබෝධයක් තිබේදැයි සැක සහිත විය.
මේ ව්‍යාපෘතිය සඳහා පෞද්ගලික ව්‍යාපාරික ආයතනයේ නියෝජිතයන් සමඟ වරින් වර සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරීන්ව කැඳවීම් කළේය. මේ කටයුත්තට කෞතුකාගාරයේ විෂයභාර අතිරේක ලේකම් විරුද්ධ බැවින් ඔහු වෙනුවට වෙනත් විෂයක් භාර ලේකම්වරයකු මේ රැස්වීම්වලට සහභාගි කිරීමට නම්කර තිබිණි. රැස්වීම් මවු භාෂාවෙන් නොපැවැත්වෙන අතර නම් කරන ලේකම්වරයාට භාෂා ගැටලුවක් ඇති බැවින් මේ රැස්වීම්වලට සහභාගි නොවන බවක් දන්වා තිබිණි. ඒ වෙනුවට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ නිලධාරියකු හෝ අමාත්‍යාංශයේ වෙනත් කනිෂ්ඨ නිලධාරියකු රැස්වීම්වලට සහභාගි කරවනු ලැබීය. එහිදී රැස්වීම්වලට යවන කනිෂ්ඨ නිලධාරීන්ට ඒ සම්බන්ධව කතා කිරීමට බලයක් නොමැති බැවින් පෞද්ගලික ව්‍යාපාරික අවශ්‍යතා අනුව කටයුතු සිදුවෙමින් ඇත.

මේ ව්‍යාපාරික කටයුත්තට විරුද්ධ වීම නිසා කෞතුකාගාර අධ්‍යක්ෂවරියත්, සංස්කෘතික අමාත්‍යාංශයේ කෞතුකාගාරය භාර ලේකම්වරයාත් මේ වනවිට දැඩි අර්බුධයකට මුහුණ දී සිටිති.

කෞතුකාගාරය පමණක්් නොව පුරාවිද්‍යාත්මක වටිනාකම මෙතෙක් යැයි කියා මැනිය නොහැකි ලෝකප්‍රකට සීගිරියද පෞද්ගලික ව්‍යාපාරිකයන්ට සල්ලි මවන උල්පතක් කරන්නට යන ව්‍යායාමය ආණ්ඩුව අත්හැර නැත. ඒ අනුව සීගිරිය, කලුදිය පොකුණ පරිශ්‍රයේ කටාරම් සහිත ලෙන් දෙකක් ව්‍යාපාරිකයකුට දෙන්නට පිඹුරුපත් සැකසිණි. ඒ සංචාරක හෝටලයකටය. එහෙත් ඒ සඳහා අවශ්‍ය අවසරය ලබාගත යුත්තේ පුරවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්ගෙනි. පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සීගිරිය කළුදිය පොකුණ මේ ව්‍යාපාරික කටයුත්තට අනුමැතිය ලබා නොදීම නිසා ඔහුට දිගින් දිගට බලපෑම් පැමිණියේය.
සීගිරිය කළුදිය පොකුණ පරිශ්‍රය පමණක් නොව සීගිරියේ දකුණු ප්‍රවේශ ‍ෙදාරටුව අසල දිය අගලක් කපා ඒ ප්‍රදේශයේ සංචාරක ගිමන්හලක් හැදීමේ ව්‍යාපාරික කටයුත්තකට ද සූදානමක් තිබිණි. මේ පෞද්ගලික ව්‍යාපාරික ව්‍යාපෘතියට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලැබුණේ නැත.

මේ විරුද්ධකම් නිසා පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයාට මේ ආයතනයට සම්බන්ධ දේශපාලන බලාධිකාරියේ ඉහළ තැනින් දිගින් දිගටම වාචික බලපෑම් එන්නට පටන් ගැනිණි. දේශපාලන අධිකාරිය ඔහුගේ ඉල්ලා අස්වීම අපේක්‍ෂා කරයි. එසේ නොවුණහොත් දැනට පුරාවිද්‍යා ප්‍රසම්පාදන කටයුත්තක සිදුවී ඇති අක්‍රමිකතාවකට චෝදනා කර ඔහුගේ සේවය අත්හිටුවන බව වාචිකව දන්වයි. පැන්ෂන් එකක් රහිතව ගෙදර යවන බව කියයි.

කෞතුකාගාරය, පුරාවිද්‍යාත්මක වස්තු හා පුරාවිද්‍යාත්මක ස්ථාන යනු ව්‍යාපාරික අවශ්‍යතාවලට යොදා ගන්නා ආයතන හෝ ස්ථාන නොවේ. එය රටක සංස්කෘතික විකාශනය පිළිබඳව අනාගත පරම්පරාවට කියාදෙන කැටපතකි. අනාගත පරම්පරා වෙනුවෙන් ඒවා ආරක්ෂා කිරීම ජනතාවගේ මෙන්ම බලයට පත්වන ආණ්ඩුවේද වගකීමකි.
නමුත් අපේ රටේ ආණ්ඩුවලට සංස්කෘතිය යනු අමාරුවෙන් කරපින්නාගෙන යන බරම බර තවලමක් පමණි. එක් පැත්තකින් සංස්කෘතිය දේශපාලනඥයන්ගේ නිධානයකි. සංස්කෘතිය ජනතාවගේ හදවතේ රුධිර පීඩනය වැඩි කරන නිලයකි. අවශ්‍ය වන්නේ වෙලාව බලා මඳක් උත්තේජනය කිරීම පමණි. මැතිවරණයකදී, ආණ්ඩු පෙරළියකදී, සංස්කෘතියේ මෙකී ප්‍රයෝජනය එක් පැත්තකින් ගන්නා විට ඔවුන් සංස්කෘතිකමය වටිනාකම හා එහි ජීවමාන සාක්ෂි තම හිතවතුන්ට විකුණා ආර්ථික ලාභ ගැනීමද අත්හරින්නේ නැත.
සංස්කෘතියේ ජීවමාන සාක්ෂි රැකගැනීමට ගිය පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එල්ල වී ඇති බලපෑම් හමුවේ ඔහු මේ ලිපිය ලියන මොහොත වන විට නිවාඩු පිට හිඳී. ඊළග මොහොතේ ඔහු ඉල්ලා අස්වනු ඇත. නොඑසේනම් ඔහුව සේවයෙන් පහ කිරීමට කටයුතු යෙදෙනු ඇත. සීගිරිය ලෝක උරුමය අවියත් ව්‍යාපාරික පරිශ්‍රයක් වනු ඇතිද? කෞතුකාගාරය හෝටලයක් වනු ඇතිද? කටුගෙයි කාමර පෙම් යුවළවලට කුලියට දේවිද?

ආණ්ඩුවේ උත්තර ඔව් වුණත් ජනතාව ඒ උත්තරය පිළිගන්නට සූදානම් නම් නැති බවත් ලියා තැබිය යුතුය.

රසිකා හේමමාලිතීරු ලිපි

http://mawbima.lk/print20170401MB20170630.php?id=13044#.WSJi7nWDjpE.facebook

Friday, February 12, 2016

මිය ගිය උවැසිය- මොනිකා කිවිදිය






මිය ගිය උවැසිය- මොනිකා කිවිදිය

නවාතැන් පොළෙන් සමුගත් ළබදිය

නවාතැන් පොළේදි යළිත් හමුවිය...


කවියෙන් දුටුවෙමි ඇය හද රිද්මය....











මොනිකා රුවන් පතිරණ කිවිදිය දිවයින ඉරිදා පත්‍රයට ලියූ "නවාතැන් පොළේ"නමැති ලිපි පෙළ කෘතියක්‌ ලෙස පළවී තිබෙනු, කියවීමි. ඇය එය රචනා කොට ඇත්තේ තම සමාජ මෙහෙවර සඳහා නැවති සිටිය තැන්වල මානව දයාවෙන් පිරිපුන් ඇගේ හද සසල කළ අවස්‌ථා හා සිද්ධි ඇසුරෙනි. එහෙත් මේ ලියන්නේ _විත නවාතැන් පොළ හැර දැමූ මේ උදාර ගැහැනියගේ අසීමිත මානව ප්‍රේමයේ කවි කෘතිය පිළිබඳවයි. ඇය මිනිසුන් වෙනුවෙන් විමසූ, කැපවුණු ගැහැනියකි. ගැහැනුන් නොදුටු දේ ගැහැනු නෙතින් උරාගත් ඇය නවාතැන්පොළ ලිපි පෙළ හරහා මවන්නී ඒ අදහස්‌ය. ගැහැනියක ලෙස ඉපිද ගැහැනියක නිසාම විඳින වද වේදනා සියෑසින් පසක්‌ කරන්නී නවාතැන්පොළ හරහා අනුවේදනීය දිසාමානයන් කරා පාඨකයා ගෙනයන්නීය.


ආශ්චර්යයක්‌ කරා යන ගමනේ ශ්‍රී ලංකාවේ දුක්‌ විඳින ජනතාව හා එම දුක හිසින් ගෙන, හෙට ලොවක නැවුම් සිහින ගෙන අගුපිළේ රෑ සිහින දකින ගැහැනුන් දුටු පතිරණ කිවිදිය කරුණා පිරුණු උවැසියක සේ සෝකවන්නීය. ඒ සෝකය ඇයගේ හදවත තුළ නොරැඳී පිටාර ගැලුවේය. ප්‍රේමයත්, එයින් ගෘහණියක වන ගැහැනියත් බොහෝවිට, සැබෑවටම ලාංකීය සමාජය තුළ කැටයක්‌ බවට පත්වෙයි. මෑතකදී රක්‍ෂණයක්‌ වෙනුවෙන් ස්‌වාමියා අතින් මිය ගිය කාන්තාවක කියා පෑවේද උක්‌ත දුර්භාග්‍යයේ තරමයි. මොනිකා කිවිදිය මෙබඳු පැතිකඩ විනිවිද දකියි. වරක්‌ ඇය දුටු ගැමි නව යොවුන් තරුණියක සිය අතේ අත්ල අහිමි වූ එකියකි. 

ඒ ෆැක්‌ටේරියේ වැඩට ගොස්‌ සිදුවුණු අකරතැබ්බයකි. එහෙත් ඇයගේ මව ඊට කිසිදු මුදලක්‌ නොගත්දි ඉල්ලා තිබුණේ තම දියණියගේ අත නැවත දීමට හැකි නම් එයයි. මොනිකා කිවිදිය සිය කවි වැගුරුවේ මෙසේය, ඇය වෙනුවෙන්.


ඇගේ ඇඟිලි සොරු අරගෙන ගියෝයා

එකී ඇඟිලි මුදලට සම නැතෝයා
කාසි දහසක්‌ ගනු කෙසේයා
ඇගිලි නොම ලදොත් මගෙ දිවි නැසේයා

මේ කුඩා දැරියත්, ඇයගේ මවත් ළතවෙන අයුරුය. තව වරක්‌ ඇය බංගලාදේශයේ සංචාරය කරත්දී දුටු දෙයින් හද ස්‌වර ප්‍රකම්පිත විය. අවුරුදු දොළසක දැරියක්‌ අවුරුදු හතළිස්‌ ගණනක්‌ වයසැති අයකුට විවාහ කරදී ඇය ගෙන යාමට පැමිණ විට එම දැරිය දුව යන දසුනකි ඒ. තම දෙමාපියන්ගේ උණුසුම ලැබිය යුතු මේ දැරිය පිරිමියකු අතපත්ව කුමන පිපතක්‌ ඉවසන්නට සමත්වෙයිද? මේ කුඩා දැරිය බිල්ලක්‌ බවට එම සමාජ සංස්‌කෘතිය තුළ පත්ව ඇත්තේ ගැහැනිය පිළිබඳ වත්මන් සෑම සමාජයකම පාහේ දැකිsය හැකි පරිභෝජන භාණ්‌ඩයක්‌ පමණක්‌ වීම පෙන්වාලමිනි. 

එහෙත් කවියකුට කළ හැක්‌කේ කුමක්‌ද? එම කඳුළු කතා කඳුළු අකුරින් අමුණා පාඨක නෙතග තෙත් කිරීමට තැත් දැරීම පමණි. මේ බංගලාදේශ බොළදිය වෙනුවෙන් අප කිවිදිය ඇමුණූ කවි කඳුළුය.


බොළද ළමා සිතිවිල්ලේ සරන්නියේ
අණසක බිඳින්නට නොහැකිව හඬන්නියේ
දෙවියකු පිහිට වේදැයි මග බලන්නියේ
අවසන කොතැන වෙද නොමදැන දුවන්නියේ



නොපිපුණු කැකුළ බිල්ලට පුද කරන්නිද
නොවැඩුණු උකුළ තුළ කළලය වඩන්නිද
නොවැඩුණු ළැමෙන් බිළි¹ට කිරි පොවන්නිද
නොපැසුණු සිත කයින් ගැහැනියක වන්නිද


කවා පොවා දරු සතපා ළඟින් හිඳ
ගෙවතු මල් වාවා යළි ගේ දොර ඇමද
සිරි යහනේ මොහොතක්‌ නිදි ලබන සඳ
මිය ගිය ළමා ළොව සිහිනෙන් පෙනේවිද


මෙසේ මිය යන මල් කැකළු එක්‌ දේශයකට හෝ කාලයකට අයත් නොවෙයි. මොනිකා කිවිඳිය උවැසියක සේ මේ සියල්ල දකියි. අපට කියයි. එසේ කියන්නී ඇය මිය ගියද අනාගත මී මුනුබුරු මිනිබිරියන්ට හෝ මේ ආච්ර්ණකල්පික මතයන්ගෙන් මිදී නව ලොවක නව අරුණලු දකින්නට වෙර දරන ලෙස පැවසීමටයි. අනාගතයේ ඇය දුටු මෙම අවිනිශ්චිත ස්‌වභාවය අද අපට පසක්‌ වෙමින් පවතියි. 


ඇය මෙන් අපටද මෙම නවාතැන් පොළෙන් හැකි ඉක්‌මනින් සමුගන්නට ඇත්නම් කදිම යයි අපට සිතෙන්නේ එබැවිනි.


වැව් ගොඩවී තාවුල්ලේ අවන්හල්ද සැදීලා
පුරන් කුඹුරුවල දුම්කොළ ගහකින් උක්‌ වැවිලා
දඬුමොණරෙන් රජ මැතිවරු අහසෙන් එති වැඩලා
නිලමේවරු පැජරෝවෙන් යති දුහුවිලි පිඹලා

ගම්මානෙන් පෙකිනිය සිඳ විශ්වය ගැන උගෙනා
මුණුපුරුවරු දසතේ යති අත සහතික රැගෙනා
මෙරටෙහි සළු පිලි වියමින් රට තෙල් ළිං පිහිනා
මිණිපිරියන් එවන කාසි හඬ ගම්දොර ඇසෙනා

මෙවිපත් හඳුනන කිසිවකු පහළ වෙන බැවිනා
පින්වත් දියසෙන් කුමරකු මැවිය යුතුය ඉතිනා
වස්‌ පණහක්‌ ගිය තැන දැඩි සොවින් ලියා තබනා
මී මුනුපුරු මිණිපිරියනි තොපටයි මේ වදනා


ඇය අවසන අපගෙන් අසන්නේ තවමත් නොවිසඳී, එහෙත් අප හදවත් තුළම වහා විසඳිය යුතු පැනයකි. ඒ පැනය අපේ අම්මා වෙනුවෙනි. නංගී වෙනුවෙනි. අක්‌කා වෙනුවෙනි. සොයුරිය වෙනුවෙනි. ඇයගේ කිවි සිත මානව දයාව පිරිපුන් දුකම දැක සංතාපයට පත්ව, එවුන්ගේ දුක නිවීමේ පැතුමම කේන්ද්‍ර කරගත් එකක්‌ බවට මේ පැනයම දෙස්‌ දෙයි.

ඇතැම් චිත්‍රපට ටෙලි නාට්‍ය හා විවිධ කලා මාධ්‍ය හරහා මැවෙන හාණ්‌ඩ ගැහැණියගේ සිතුවමට අනුගත වෙනු වෙනුවට ජීවිතයට මුහුණ දෙන ගැහැණියකගේ ප්‍රතිරූපය වර්ධනයට කාලය එළඹී නොමැත්තේද?

මොනිකා කිවිඳි උවැසිය මා මුලින්ම හද තුළ රඳවා ගත්තේ උසස්‌ පෙළ ලෙච්චමීගේ සිතුවිල්ලෙනි. එහෙත් ඇය හමුවීමට තරම් මා පින් කොට නොතිබිණි. මරණය ගැන ලියූ එයින් ජීවිතය ගැන කියූ මේ සොඳුරු සිතැත්තිය අප හැර ගොසිනි. එහෙත් ඇය ලියූ කවි ඇය මිය ගිය බව අපෙන් වසන් කරයි. ඒවා දකින කියවන මොහොතක්‌ පාසා කවියක්‌ කරන හදියක තරම දැනෙයි. ඉන් හද කම්පා වෙයි. මානවීය ආස්‌ථානයන් සකස්‌කරවීමෙහි කවියෙහි වගකීම ඇය මනාව අවබෝධ කරගෙන සිටියාය. නැවතත් සොඳුරු නවාතැන් පොළකදී ඇය හමුවේ නම්.... එවිටද ඇය අහිංසක මිනිසුන්ගේ දුකම ගැන දොඩනු අරුමයක්‌ නොවනු ඇත.


තෙඹුකැටියේ ධම්මානන්ද හිමි
සහාය කථිකාචාර්ය
සිංහල අධ්‍යයනාංශ්‍යය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය


උපුටා ගැනීම - දිවයින



මොනිකා රුවන් පතිරණ විසින් රචිත විසි වසක ශේෂ පත්‍රය

ආසිරි ගීත විසුරුවා ගම් දොර සිසාරා
මංගල රියෙහි නංවා පෙරහරක නළවා
දිනයෙක ඇතුල් කළ මඟුල් සේයා රුවෙන් මේ
ඔබ අමතනා අප මෙදා ඒ දම්පතින්මයි

සම් මස් නහර ඇඟිලි රන් මුදුවල ම සිර වී
කල් ගිය වරල පලඳනා කටු ඔටුනු වීලා
රන් දම් යදම් වී කෙමෙන් ගෙල සිර වූ සන්දා
සඟවා තබා ඇත තවම කිට්ටම් නිවාසේ

මල් කුමරුවන් කුමරියන් පිරිවරට ආවත්
උන් හා නැටුම් කෙළි කවට ලුහුඬින් ම නිම වී
තෙරපෙන බරින් ජීවිතේ මල් සිනා මැරුණත්
දුක් සැප කුමන්දා බසක් ඇසුවෝ නො වෙත්මැයි

ලඹ දුන් සුවඳ නන් කුසුම් උඩු වියන් සෙවණින්
බැස පෝරුවෙන් පා තබා පුන් කලස් අතරින්
එ මඟුල් සේයා රූ සමඟ තවලමෙහි ඇදෙමින්
මැඳුරින් මැඳුර ගෙවු කුලී ගිය දුර නිමක් නැත්

අසමින් අපේ ගුණ වරුණ නෑ සිය මුවින් ගැයූ
සපැමිණ ලැගුම් ගත් එදා වීදුරු නිවාසේ
සුරකින වෙර දැරුයෙන් මතු මතුත් දිවි හිමියෙන්
අවසර නොවීමය උනුන් හඳුනන්ට කිසිදා

ගිවිසුම් සදමින් සොඳ පවුරු වීදුරු නොබින්දා
විසි වස් ගෙවුණත් ජය මඟුල් ආසිරි බලයෙන්
මතු දෙදරුම් වළකා මඟුල් හස රැලි රකිත්වා
කල් යල් පැමිණි වග නෑසියනේ සිතත්වා


මේ කවිය.....



උත්සවශ්‍රීයෙන් ඥාති සමූහයා මැද විවාහප්‍රාප්ත යුවලකගේ විවාහ ජීවිතයහි සැඟ ව ඇති යථාර්ථය විසි වසරකට පසු එදා සිටි ඥාති, මිත්‍ර සමූහයා ඉදිරියේ කරන ප්‍රකාශයක් ලෙස මේ නිර්මාණය ඉදිරිපත් වේ. කිවිඳිය මේ සඳහා යොදාගන්නා විරිත ද, අතීතයේ දී ගායනා කළ මඟුල් සිලෝවල ගායනා රීතියට නෑකම් කීම, උත්ප්‍රාසයක් ලෙසින් නිර්මාණයෙන් මතු ව පෙනේ.

මංගල දිනයෙහි මනාලියන් ඇඳුම් පැලඳුම්, ඡායාරූප, ආසිරි ගීය, අනුශාසනා, මනාලියගේ මල් කුමර කුමරියන්, ‘පෝරුව, උඩුවියන්, පාවඩ ඈ සියල්ල වර්තමාන ජීවිතයේ ස්වරූපය සමඟ ඡේදනය කරමින් හා සසඳමින් එදා සහ අද අතර පරාසය පිළිබඳ ව නැවත සිතීමට අප පොළඹවයි. මේ යථාර්ථය ප්‍රකාශ කිරීමට කිවිඳිය යොදා ගන්නා උපක්‍රම ඉතා කාව්‍යෝචිත ය.

“ආසිරි ගීත විසුරුවා ගම් දොර සිසාරා
ඔබ අමතනා අප මෙදා ඒ දම්පතින්මයි..”

ලෙසින් අරඹන නිර්මාණයෙන් ද්වනිත වන්නේ උපහාරය, ශක්තිය, වේදනාව වැනි භාවයන් සමුදායකි. ඇය නිවාස කුලියට ගනිමින් දීර්ඝ ජීවිත චාරිකාවක් කළ බව ප්‍රකාශ කරන්නේ උචිත උපමා, ද්වනිය මතු කරන නව අරුත් සමූහයක් නිර්මාණය තුල පිහිටුවමිනි.

“ඒ මඟුල් සේයා රූ සමඟ තවලමෙහි ඇදෙමින්
මැඳුරින් මැඳුර ගෙවු කුලි ගිය දුර නිමක් නැත්...

මේ නිර්මාණය ඉදිරිපත් කරන ශෛලිය, ආකෘතිය, විරිත, බස පමණක් නොව නිර්මාණයට දී ඇති මාතෘකාව පවා නිර්මාණය තුළින් ප්‍රකට කරවන අත්දැකීමට මනා අපූර්වත්වයක් එක් කර ඇත. ‘ශේෂ පත්‍රය’යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ භෞතික, අප්‍රාණික ප්‍රතිඵලයක් විනා ජීවමානවූත්, සජීවී වූත් මනරම් ජීවිත සංකලනයක් නොවන බව රසිකයාට අවසානයේ ප්‍රත්‍යක්ෂ වේ.

ජයන්තා රුක්මණී සිරිවර්ධන

ගැහැනියකගේ ජීවිතයේ ලස්සනම දිනය ඇය මනාලියක වනදා ය. ඥාති මිත්‍රාදින්ගෙන් ලැබෙන සුබ පැතුම් අවවාද නිමක් නැත. සුදු සේල අන්දා මල් ගවසා, වේල්පට පලදා ඇය පෝරු මස්තකයේ හිද ඔහුගේ මනාලිය වූවාය. මංගල රථයේ නැග රථ පෙරහරින් ගොස් සිහින් සිනා විදහා මංගල සේයාරුවකට පෙනී සිටියාය. මංගල උත්සවය එතෙකින් නිමා විය.

ඉන්පසුව ඇරඹියේ යුග ජීවිතයයි. පවුල නැමති සංස්ථාව රැක ගැනීමට කළ දුෂ්කර ක්‍රියා අපමණය. ඇයට මේ සියල්ල සිහිපත් වන්නේ් මංගල සේයාරුව දැකීමෙනි. වසර විස්සක අතීතය හා වර්තමානය පිළිබඳව මෙන්ම අනාගතය පිළිබඳව යම් ඉඟියක් ද ඇය විසිවසක ශේෂ පත්‍රයෙන් කියනු ලබයි. මොනිකා රුවන්පතිරණ නම් වූ කිවිඳිය විසින් රචිත විසිවසක ශේෂ පත්‍රය කවියෙන් ඇය පවසන්නේ ගෙවී ගිය වසර විස්ස තුළ ජීවිතයේ සිදුවූ විවිධ වූ හැල හැප්පීම් සමඟ පවුල් ජීවිතය රැක ගැනීමට සිදුවී වෙහෙස අපමණ බවය. එය සොඳුරු මෙන්ම කටුක අත්විඳීමකි.

සම්මස් නහර ඇඟිලි රන් මුදුවලම සිරවී
කල්ගිය වරල පලඳනා කටු ඔටුනු වීලා
රන්දම් යදම් වී කෙමෙන් ගෙල සිරවූ සන්දා
සඟවා තබා ඇත තවමත් කිට්ටම් නිවාසේ

කුලී ගෙදරින් කුලී ගෙදරට යමින් පවුල් ජීවිතය රැග ගැනීමට කළ අපමණ කැපකිරීම් මෙන්ම ගැටුම් වලකා ගනිමින් විසි වසරක් ගත කළ අයුරුත් ඇය සිහිපත් කරයි. ඒ සියල්ලට මංගල දා ලැබුණ සුබපැතුම් ජයමංගල ගී ආශිර්වාද බලපෑ බවත් ඇය පවසන්නීය.

මෙහිදී කිවිදිය ව්‍යංගයෙන් මෙන්ම ඍජුවම පවසන්නේ විවාහ ජීවිතයේ බාධක ජයගැන්මට අපමණ වෙහෙස වූ බවය. කැපවූ බවය. එමෙන්ම තවමත් එකිනෙකා හඳුනා ගැනීමට දරන උත්සාහයත්, මංගල දිනයේ පෑ සිනහව විසිවසරක් රැක ගැනීමට ගත් උත්සාහයත් ඉදිරියට එය රැක ගැනීමට ගන්නා උත්සාහයත් පිළිබඳව පවසන්නීය. ඒ සිනහව තුළ සැඟව ඇති දුක, කටුකÀවය අපමණය. බොහෝවිට නෑදෑයින් ජීවිතයේ සතුට දුක්ඛ දෝමනස්සයන් පිළිබඳව නොවිමසූ තරම්ය.

”තෙරපෙන බරින් ජීවිතේ මල් සිනා මැරුණත්
දුක සැප කුමන් දා බසක් ඇසුවෝ නොවෙත්මයි”

නව කවි පරපුරට අයත් මොනිකා රුවන්පතිරණ කිවිඳිය බොහෝවිට සමාජ අසාධාරණ කම්වලට මුහුණ දුන්නවුන්ගේ ජීවිත අත්දැකීම් පිළිබඳව නිර්මාණ යොමු කළාය. ඇගේ භාෂාව සරලය. එනමුදු ඒ සරල බව තුළින් ඇය මතු කළ ප්‍රශ්න ප්‍රබලය.

අපි දෙන්නා සහ තවත් කිහිප දෙනෙක්, තහනම් දේශයකින්, අංගුලිමාලගේ සිහින, ඔබෙ යෙහෙළිය – ඇය ගැහැනිය, විසිවසරක ශේෂ පත්‍රය යන කාව්‍ය ග්‍රන්ථ කිහිපය ඈ විසින් රචනා කොට ඇත.

ඉසවි

Wednesday, February 3, 2016

පේ‍්‍රමයේ විරහව ඔබ මට කියා දුන්නෙහිය


කලකිරීමෙන් හා හුදෙකලාව පීඩිත ව ගිය සිත් ඇති මොහොතක තමා නිතර ම කියවන නවකතාවක් ගැන ගුණදාස අමරසේකරයන් වරක් සඳහන් කර තිබුණා. ඒ තමයි මාර්ටින් වික‍්‍රමසිංහ ගේ ‘විරාගය’. එයින් කුමන හෝ පිටුවක් පෙරළා කියැවීමෙන් තමා මහත් අස්වැසිල්ලක් ලබන බව ඔහු එහිදි තවදුරටත් කියා තිබුණා.

මේක පෞද්ගලික ව මට ආදේශ කරලා ගත්තොත් එවන් මනෝභාවමය අවස්ථාවක මම කියවන්න අතට ගන්නේ ‘විරාගය’ නෙමෙයි, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ’ නවකතාව.

‘විරාගය’ත් එක්ක සංසන්දනය කරල බැලුව ම ‘මළගිය ඇත්තෝ’ ඒ තරම් ගැඹුරින් මනුස්ස ජීවිතය විවරණය කරන්නා වූ අතිවිශිෂ්ට නවකතාවක් නොවන්න පුළුවන්. ඒත් මම ‘විරාගය’ට වඩා ‘මළගිය ඇත්තන්’ට පෞද්ගලික ව කැමැතියි.

චිප‍්‍රලම්භ ගෘංගාරය කියන දේ ‘මළගිය ඇත්තෝ’ නවකතාවේ විතරක් නෙමෙයි ඒක ‘විරාගයෙ’ත් තියෙනවා. ඒත් ‘මළගිය ඇත්තෝ’ මුල සිට අග දක්වා ම ගත්තොත් පේ‍්‍රමකතාවක් - පේ‍්‍රම කාව්‍යයක් - පේ‍්‍රම ගීතයක් වන නිසා ම ආදරයේ සුන්දරත්ව ය වගේ ම එහි ඇති අපරිමිත වේදනාවත් එක අතකින් සංකීර්ණ විදියටත් අනිත් අතින් අති සංවේදී හා භාවසූචක විදියටත් නිරූපණය වෙලා තියෙනවයි කියලා මම හිතනවා.

නවකතාවේ ප‍්‍රධාන කතා නායකයා දෙවෙන්දොරා සං. ජපන් නමක් වගෙ පෙනුණට ඔහු සිංහල. ඔහුට නොරිකෝ සං මුණගැහෙන්නේ ජපානයේදි. ඇය සුන්දර ජපන් යුවතියක්. නවකතාවේ දැක්වෙන ආකාරයට දෙවෙන්දොරා කලක් පැවිදි ව සිට පසුව සිවුරු හල පුද්ගලයෙක්. වෘත්තිමය වශයෙන් ගත්තොත් චිත‍්‍ර ශිල්පියෙක්.

දෙවෙන්දොරා ගේ වයස නවකතාවේ නිශ්චිත ව නොදැක්වුණත් ඔහු තරුණ විය මඳක් ඉක්මගිය, මැදිවියට එළැඹෙමින් සිටින අයකු බව පෙනී යනවා. එහෙත් නොරිකෝගේ වයස නම් නවකතාවේ ඉඟි කෙරෙනවා. ඇය අවුරුදු විස්සකට වඩා විය නොහැකි යයි තමාට හැඟෙන බව දෙවෙන්දොරා වරක් කියා සිටිනවා.

දෙවෙන්දොරා නොරිකෝගේ ජීවිතයට මුලින් ම ඇතුළුවුණා කියනවාට වඩා නොරිකෝ දෙවෙන්දොරාගේ ජීවිතයට මුලින් ම ඇතුළු වුණා යැයි කීම වඩාත් නිවැරැදි යැයි මා සිතනවා.

“දවසක් යමුද කබුකි බලන්න” නොරිකෝ කියා සිටිනවා. ඒක තමයි ඔවුන්ගේ සම්බන්ධයේ ආරම්භය. කබුකි බලන්න ගියායින් පස්සේ දවසක නොරිකෝ දෙවෙන්දොරාට තම නිවෙසට එන්නැයි ආරාධනා කරනවා. නොරිකෝ ගේ පියාත් පාරම්පරික සිත්තරෙක්.

මේ ගමනෙන් පස්සේ දෙදෙනාගේ බැඳීම තවත් වර්ධනය වෙනවා. ඔවුන් තෝකියෝ නගරයේ හැම තැන ම ඇවිදිනවා. එහෙත් මෙහි විශේෂත්වය වන්නේ දෙදෙනා ම තම තමන් ඔවුනොවුන්ට ආදරේ බව වචනයෙන් ප‍්‍රකාශ නොකිරීමයි. ඒක ඔවුන් කියන දෙයක් නෙමෙයි එකිනෙකාට දැනෙන දෙයක්;

දෙවෙන්දොරාගේ ජීවිතයේ කැළඹීමක් හටගන්නා මුල් ම සිද්ධිය වෙන්නේ නොරිකෝ තම අසල්වැසියකු සමග ආහාර ගැනීමකට කළ ඇරියුමක් පිළි ගැනීමයි. දෙවෙන්දොරාගේ හදවතට වේදනාවක් හටගන්නවා විතරක් නෙමෙයි එයින් ඇතිවූ ඊර්ශ්‍යාවෙන් ඔහු බලවත් සේ පීඩා විඳිනවා.

මුළු තෝකියෝ නගරය ම තමා විසින් කඩදාසියෙන් සාදන ලද සෙල්ලම් ගෙයක් සේ එකවර ම බිඳවැටුණු බව දෙවෙන්දොරා කියා සිටිනවා.

මේ අතරේ දෙවෙන්දොරා තෝකියෝ අතහැර කියොතෝවලට යන්න අදහස් කරනවා. ඒක දැනගන්නා නොරිකෝ දුක්බර බැල්මෙන් කියනා දෙයින් අප හදවත් සියුම් වෙණ තතක් සේ නොහැඬවෙන්නේ ද?

“යන්න එපා දෙවෙන්දොරා සං”

බැරිම තැන ඇය මෙහෙම කියනවා.

“යනවා නම් දෙවෙන්දොරා සංගේ සිරුරෙ සුවඳ, මේ ඇඳුම්වල සුවඳ තියලා යන්න”

(රත්න ශී‍්‍ර විජේසිංහ ‘සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්’ නම්වූ බොළඳ ගීතය ලිව්වේ මේ අවස්ථාව වස්තුබීජ කරගෙන.)

කියොතෝවලට යන්න කලින් දෙවෙන්දොරා නොරිකෝට වෙළෙඳ සලකදී වෙස් මුහුණක් තෑගි කරනවා. නොරිකෝ ගේ හිත කවදා නමුත් වෙනස් වුණොත් මේ වෙස් මුහුණ තමාට දෙන්නැයි ඔහු කියා සිටිනවා.

මොකද මේ තරම් භයානක මුහුණක් තේරුවේ?

”මගේ යටි හිත එහෙම තමයි ඊර්ශ්‍යාවෙනුයි නපුරුකමිනුයි පිරිලා.”

දෙවෙන්දොරා උත්තර දෙනවා. ඇත්තටම ඒක දෙවෙන්දොරාගේ ජීවිතය නිරූපණය කරන ඔහු ගේ ඇතුළු සිත විවරණය කරන සංකේතාත්මක අවස්ථාවක්. මේ අතර නොරිකෝ සෞම්‍ය වෙස් මුහුණක් ඔහුට තෑගි කරනවා. “මේක නැති වුණදාට මමත් ඉවරයි කියලා හිතාගන්න” ඇය කියනව. කියොතෝවලදි දෙවෙන්දොරා ගත කරන්නේ නන්නත්තාර ජීවිතයක්.

ඔහුට නිරන්තර දැනෙන එකම දේ නොරිකෝ අමතක කර දැමීමට නොහැකි බව පමණයි. සියලු දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදීම සඳහා දෙවෙන්දොරා ගේෂා ස්ති‍්‍රයක් ඇසුරු කරන්න පටන් ගත්තත් ඔහු එයින් වුණත් කායික තෘප්තියක් කෙසේ වෙතත් භාවමය අස්වැසිල්ලක් ලබන්නේ නැහැ. සැබෑ ආදරය ජිවිතයේ පතුළට කිඳ්‍ර බැස එහි ඇති දුකෙන් තැවරෙන බව දෙවෙන්දොරා කියා සිටිනවා.

දෙවෙන්දොරා ආයෙත් තෝකියෝවලට එනවා. ඒ එනකොට ඔක්කොම වෙනස් වෙලා. කොටින්ම නොරිකොත් වෙනස්වෙලා බව ඔහුට හිතෙනවා. ඈ කිසි කලෙක තමාට ආලය නොකළ බවත් ඇය හුදෙක් තමාට කරුණාවෙන් සැලකුවා පමණක් බවත් ඇය තමා සමඟ කතාබහ කිරීමට පි‍්‍රය කළා පමණක් බවත් ඔහු හිතන්න ගන්නවා. කොහොම වුණත් මෙවර දෙවෙන්දොරා නවතින්නේ නොරිකෝගේ නිවෙසේ කාමරයක.

ඒ වනවිට ඇගේ පියා මිය ගිහින්. නොරිකෝ වෙනත් රැකියාවකට යනවා. ඇයට දෙවෙන්දොරා එක්ක කතා කරන්නවත් වෙලාවක් නැහැ. සියුම් හදක් ඇති දෙවෙන්දොරාට මේක දරාගන්න බැරිව යනවා. ඔහු බැරිම තැන ඇයට මෙහෙම කියනවා.

”මාව මරන එක මීට වැඩිය හොඳයි. මාව මරන්න.”

නොරිකෝ තමාට තෑගි කළ සෞම්‍ය වෙස් මුහුණ ඔහු ඇගේ කාමරයේ තබා නිදිපෙති බොනවා. ඔහුට ඕනෑ ජීවිතය නැති කර ගන්න. ඒත් ඔහු මිය යන්නේ නැහැ. නොරිකෝ ඔහුට ලියුමක් ලියනවා.

”ඔබ මගේ වෙස් මුහුණ ආපහු දුන් නමුත් මම ඔබේ වෙස් මුහුණ ආපහු දුන්නේ නැහැ.”

’මළගිය ඇත්තෝ’ නවකතාව නිම වන්නේ නිශ්චිත අවසානයකින් තොරව. එය එහි දෙවැනි කොටස වන ‘මළවුන්ගේ අවුරුදු දා’ නවකතාවත් එක්ක ඊළඟට ඈදෙනවා.

’මළගිය ඇත්තෝ’ එහි කතුවර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ම අත්දැකීමකින් ලියැවුණු කෘතියක් ද? මෙබඳු ප‍්‍රශ්නයක් පැන නඟින්නේ මහාචාර්ය සරච්චන්ද්‍ර කාලයක් ජපානයේ ජීවත්වුණු නිසා.

කෙසේ වෙතත් ඒ ප‍්‍රශ්නයට කිසියම් පිළිතුරක් ඔහු ලියූ ‘පින් ඇති සරසවි වරමක් දෙන්නේ’ නම් වු ස්වයං ලිඛිත චරිතාපදානයෙන් ලැබෙනවා. නොරිකෝගේ චරිතය තමා දැන සිටි ජපන් ස්තී‍්‍රන් දෙදෙනකු ඇසුරෙන් ගොඩනඟන ලද්දක් බව එහිදි මහාචාර්ය සරච්චන්ද්‍රයන් කියා සිටිනවා. එහෙත් ඒ චරිතය ගැන ඊට වැඩි විස්තරයක් කිරීමෙන් ඔහු වැළකී සිටිනවා.

මහාචාර්ය සරච්චන්ද්‍ර ජපානයේ සිටියදී ජීවත්වුණේ පාරම්පරික ශිල්පියකුගේ නිවෙසේ. (නොරිකෝගේ පියාත් පාරම්පරික චිත‍්‍ර ශිල්පියෙක් බව මා මීට කලිනුත් සඳහන් කළා). එම ශිල්පියාගේ පුතා තෙරුඕ. දුව කිමිකෝ. තෙරුඕ ගේ බිරිය චියෙකෝ. නවකතාවේ නොරිකෝගේ සොහොයුරු හිදෙජි හා ඔහුගේ බිරිය චියෙකෝ ගේ චරිත මේ තෙරුඕ හා චියෙකෝ ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙනවයි කියලා අපිට හිතන්න පුළුවන්. කිමිකෝ ගේ චරිතය නවකතාවේ දැක්වෙන්නේ මෙමොකෝ වශයෙන්.

එසේ වුවත් නොරිකෝට පාදක වූ ජපන් ස්ති‍්‍රය ගැන තොරතුරු සඟවා තබන්න තම ස්වයං ලිඛිත චරිතාපදානයේදි මහාචාර්ය සරච්චන්ද්‍ර උත්සාහ ගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.

මේ අතර ප‍්‍රවීණ කවියකු හා නිශ්චල ඡායාරූප ශිල්පියකු වන ලාල් හෑගොඩ මෑතදි කළ ජපන් සංචාරයකදි ඔහුට මුණ ගැසුණු එක් ජපන් ස්ති‍්‍රයක් නිසා නොරිකෝ පිළිබඳ අවධානය නැවතත් ‘මළගිය ඇත්තෝ’ පාඨකයන් වෙතින් යොමුවුණා. ජපානයේදි ලාල් ට මුණගැසී ඇති අකිකො සං නමැති ස්ති‍්‍රය ඔහුගෙන් මහාචාර්ය සරච්චන්ද්‍ර පිළිබඳ තොරතුරු විමසා තිබෙනවා.

ඇය මෙසේ කියා තිබෙනවා. “..... මම කියවපු සියලුම නවකතා අතරෙන් මා කැමැතිම නවකතාව ‘මළගිය ඇත්තෝ’. ඒක මගේ ජීවිතේට හුඟක් සමීපයි. මම එතුමාට ආදරෙයි. මහාචාර්ය සරච්චන්ද්‍ර ජපානයට ආවම මම එතුමා හමුවුණා... අපේ අවන්හලට එන බව එතුමා කිව්වා. එදා දවස පුරාම මම මඟ බලා හිටියා. ආවේ නැහැ. ඊළඟ දවසෙත් බලන් හිටියා ආවේ නැහැ. මොකක් හරි වැදගත් වැඩක් තියෙන්න ඇති.” (උපුටා ගැනීම ‘ඉරිදා ලක්බිම’ පුවත්පතිනි) එහෙත් ලාල් කියනකම් ඒ වෙනකොට මහාචාර්ය සරච්චන්ද්‍ර මළගිය ඇත්තන්ගේ ලෝකයට ගිහින් බව ඇය දැනන් ඉඳලා නැහැ.

නොරිකො ගේ ඇත්ත නම කිමිකෝ බවත් ඉහත ලිපියේ සඳහන්ව තිබෙනවා. (අකිකො කියන්නේ අවන්හලේ කාන්තාව‘ යන්නටයි.)

එතකොට දෙවෙන්දොරා සං? ඒ මහාචාර්ය සරච්චන්ද්‍රම ද? මේ චරිතය නිර්මාණය කිරීමේදි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට ප‍්‍රකට චිත‍්‍ර ශිල්පි මංජු ශී‍්‍ර ගේ චරිතය බලපාලා තිබෙන බවක් කතාව මුලදි අපට පෙනෙනවා. එහෙත් පෙ‍්‍ර්මය පිළිබඳ වන අත්දැකීම් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ම පෞද්ගලික ඒවා වෙන්න පුළුවන්.

’මළගිය ඇත්තෝ නිශ්චිත අවසානයකින් තොරව නිම නොවූවත් එහි දෙවැනි කොටස වන ‘මළවුන් ගේ අවුරුදු දා’. නවකතාව හමාර වන්නේ නිශ්චිත අවසානයකින්. එනම්, දෙවෙන්දොරා සංගේ මරණයෙන්.

ඉන්පසු තනිවන නොරිකෝ මෙහෙම කියනවා. “යළි ආ හැකි නිසා නොවෙද ඔහු යන්නේ? නොගිහින් යළිත් ආ නොහැකිය. යෑම හොඳය. ගොස් ඊමද හොඳය. ලොව ඇත්තේ යාම් ඊම්ය. නෑවිත් යන්ට බැරිය. නොගිහින් එන්ට බැරිය.”

සු.මි.
සිළුමිණ

Wednesday, January 20, 2016

කවුද මේ තගා......??



" තග් " යන වචනය ඇසු පමණින්ම අපගේ මතකයට නැගෙන්නේ අපේ රටේ පාදඩ දේශපාලන සංස්කෘතිය හා ඔවුන්ගේ පැවැත්ම ආරක්ෂා කරන තක්කඩි කල්ලියයි. අපට බොහෝ හුරු පුරුදු තග් යන වචනය ඉංග්‍රීසි භාෂාවට පෙරලී ඇත්තේ ඉංග්‍රීසීන් විසින් ඉන්දියාව තම අධිරාජ්‍යවාදී විය ගසට ගැට ගැසීමෙන් අනතුරුවය. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන භාෂාව කන්නාඩ වේ. එම භාෂාවේ හොරා යන වචනය හඳුන්වන්නේ තකා ලෙසය. තකා යන වචනය ඉංග්‍රීසී බසින් උච්චාරණය වී ඇත්තේ තගා යනුවෙනි. අද වන විට දකුණු ආසියානු කලාපයට තග්ස් ලා නොමැතිව දේශපාලනය කිරීමද . රටේ නීතිය කරවීමටද බැරි තරම් වැදගත් තැනක් එම සංස්කෘතියට නිතැතින්ම හිමි වී ඇත. 

1740 සිට 1840 දක්වා කාලය තුල ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත වල 'තග්' කල්ලි කණ්ඩායම් තමන්ගේ අණසක පතුරවමින් විසීය. මධ්‍ය කාලින යුගයේ විසු භායනකම මනුෂ්‍ය කොට්ඨාශය ලෙසද තගී වරුන් හඳුන්වනු ලැබීය. ඔවුන් කිසි විටක අවි ආයුධ පරිහරණය නොකළේය. එම කල්ලි වල මාරාන්තික අවිය ලෙස උපයෝගී කරගනු ලැබුවේ කපු රෙදි කඩකි. ශක්තිමත් නුලෙන් වියා ඇති එම රෙදි කඩ සෑම තගි සාමාජිකයෙකුගේම පසුම්බියේ තිබුණු අතර , මිනිසුන් මරා දැමීමේදී එක රෙදි කඩින් සතුරාගේ බෙල්ල තදින් වෙලා සිරකරනු ලබයි.

'තග්' සාමාජිකත්වය ඕනෑම කෙනෙකුට ලබාගත හැකි තනතුරක් නොවේ. එය බොහෝ විට පියාගෙන් පුතාට උරුම වුවකි. මධ්‍ය කාලීන යුගයේ විසු නුගත් ජනයා තග් කල්ලි හැඳින් වුයේ දාමරික කණ්ඩායමක් ලෙස නොව බලගතු පුජාවක් ඉෂ්ඨ කරන්නන් ලෙසය. මුළු මහත් සමාජයම ඔවුන් දෙස බැලුවේ බියකිනි. එම උප සංස්කෘතියට බඳවා ගන්නා සෑම ආධුනිකයෙකු හටම සියලු දුශ්චරිතයන් පිළිබඳව ක්‍රමානුකූල පුහුණුවක් ලබා දේ. එමෙන්ම දැඩි විනයකින් සියලුම සාමාජිකයින් බැඳ තබා තිබුණි. තමන්ට රිසි පරිදි කිසිවක් කිරීමට ඔවුන්ට හැකියාවක් නොතිබු අතර , සියල්ල සිදු වුයේ සාකච්චාවක ප්‍රතිපලයක් ලෙසය.

'තග්' කල්ලි විසින් බොහෝ විට මංකොල්ල කෑම් හා මිනී මැරුම් සිදු කරන්නේ ජන ශුන්‍ය ප්‍රදේශවලදීය. එවකට ඉන්දියාවේ ප්‍රවාහන කටයුතු සිදු කරන්නේ තවලම් මගිනි. එකී තවලමකට අවම වශයෙන් කරත්ත සියයක් හෝ තිබී ඇත. දින ගණනක් ගමන් කරනා මෙම තවලම් කරුවන් හා තග් වරු කුළුපග වේ. කිසිදු අවියක් හෝ නොපෙනෙන මේ මිනිසුන් ගැන විශ්වාශයක් ගොඩනගා ගන්නා තවලම් කරුවන් , ඔවුන් සමග කරට කර වැඩ කරමින් දුර ප්‍රදේශවලට ගමන් කරනු ලබයි. මේ කාලය තුල තග්වරුන්ගේ උපක්‍රම හා කපටිකම් තුලින් ගැලේ සිටින ධනවතා හඳුනා ගනී. අනතුරුව රාත්‍රිය උදාවීමත් සමගම මුදල් හා වස්තුව පැහැරගන්නා ඔවුන් , ගැලේ සිටි බොහෝ දෙනෙකු මරා පලා යයි.

'තග්වරු' මිනීමැරීමට උපයෝගී කරගත් රෙදි කඩ හැඳින් වුයේ රුමල් ලෙසය. එය බොහෝ විට කාකි පැහැයෙන් යුතු විය. පසුම්බියේ ඉතා සියුම් ලෙස සඟවා ගන්නා මේ මාරාන්තික ලේන්සුවෙන් වසර සියයක් තුල මිනිසුන් විසි ලක්ෂයක් මැරු බව මාර්ක් ට්වේන් විසින් ලියන ලද Following The Equvator පොතේ හා රිලීෆ් ටේලර් විසින් ලියන ලද Confession Of A Thug පොතේ සඳහන් වේ.

සටහන - චූලක බණ්ඩාරවත්ත

Friday, December 4, 2015

" කාන්තාවන් සියල්ලන්ම වැරදි නම් පිරිමි පමණක් නිවැරදිද ? "



"THE STONING OF SORAYA M"

ඔබත් අනිවාර්යෙන්ම මේ සිනමා කෘතිය නරඹන්න 

මේ මිලේච්ච සංස්කෘතියට එරෙහිව ඔබේ පළමු ගල ගසන්න ..!!!

Dont act like the hypocrite 

who thinks he can conceal his wiles 

while loudly quoting the Koran


වසාලන්නට තම කපටිකම්

කුරානය උපුටා දක්වමින්

කුහකයෙකු සේ

රඟනු කුමටද


14 වන සියවසේ ඉරානයේ විසු හෆේස් නම් කවියෙකුගේ පදමාලාවකින් මේ සිනමා කෘතිය ආරම්භ වේ. මේ උදෘතය තුලම මේ අනුවේදනීය කතාවම රැඳී ඇත. "සිරගතව සිටින අප සියල්ලම වැරදි නම් ඉන් පිටත සිටින සියල්ලන්ම  නිවැරදිද " මේ මැගසින් බන්ධනාගාරයේ නාඳුනන සිරකරුවෙකු ලිවූ වදනකි. මේ සිනමා සිත්තම තුලද එවැනිම මහා ගැඹුරක් ඇති දෙබසක් මා දුටුවෙමි. මේ කතාංගයේ ගල් ගසා මරාදමන සොරායා ගේ නැන්දනියවන සහ්රා මෙසේ අසන්නේය...

" කාන්තාවන් සියල්ලන්ම වැරදි නම් පිරිමි පමණක් නිවැරදිද ? "




මිත්‍යාදෘෂ්ඨික ජනයා තම ඇදහීම් 
තුලින් මනුෂ්‍යත්වය කීතු කීතු වලට
 ඉරා වනසා දමන අයුරු
 "THE STONING OF SORAYA M" 
චිත්‍රපටය අධ්‍යක්ෂ Cyrus 
Nowrasteh සමත් වී ඇත.





එමෙන්ම පුරුෂාධිපත්‍යට යටත් වූ  පසුගාමී සමාජ වටපිටාවක   කාන්තාවන් ගේ ඉරණම ඉතා  අසාධාරණ ලෙස විසඳෙන අයුරු   සිනමාවට නගා ඇත්තේ සත්‍ය සිදුවීමක් පාදක කොට ගෙනය. 
ප්‍රංශ ඉරාන සාහිත්‍යවෙදියෙකු වූ Freidoune Sahabjam විසින් රචිත  THE STONING OF SORAYA නවකතාව ලෝකයේ අලෙවි වාර්තා  තැබූ පොතකි. එම සිදුවීම් මාලාව අලලා ඉරාන සිනමාව ලොවට දායාද කල මහා ආදර්ශමත් මෙන්ම හද සසලවන සිනමා නිර්මාණයකි මේ.

(ආ)ත්මය( ග)ලවා ගැනීමේ (ම)ග වූ ආගම දඩමීමා කරමින් තමන්ගේ පටු  පවිටු චේතනා ඉෂ්ඨ සිද්ධ කරගැනීමට මෙවන් නීච සිදුවීම් ලොව පුරා බොහෝ රටවල සිදුවේ. අද දිනයේ අයෙකුට මවක් සහෝදරියක්  පෙම්වතියක් මිතුරියක් වූ අපේම ගැහැනියක් සෞදී අරාබියේ මොලේ නැති කාලකන්නින්ගේ ශාරියා නම් ගල් යුගයේ නීතියට යටත් කරමින්  මෙලෙසම මරා දමනු ඇත.






උපුටා ලන්නා ලද්දේ චූලක බණ්ඩාරවත්ත සොයුරාගෙ 'රතු වැස්සෙනි'.......



චිතුපටය නැරඹීමට මේ ලින්ක් ඔස්සේ පිවිසෙන්න...... 





ඉතිහාසයේ සැබෑ වීරවරයන්



ඉතිහාසයේ සැබෑ වීරවරයන්ගේ අගය හා වැදගත්කම වඩාත් දැනෙන්නේ ඔවුන් ජීවත්ව සිටි යුගයට වඩා ඉන් පසු යුගයන්ටය. තත්කාලීන බලසබඳතා හා ප්‍රචාරණය තුළින් ඉස්‌මතු වන හුදු දැවැන්ත දැන්වීම් පුවරු වීරයන්ගේ මතකය ඔවුන් බලයෙන් පහව යැමෙන් පසුව ගිලිහී යන නමුත් සැබෑ යුගපුරුෂයන් ගේ මතකය, නිලඹර දිදුලන තාරකාවන් සේ යුගයෙන් යුගයට හා පරම්පරාවෙන් පරම්පරාවට ආලෝකය ලබාදෙමින් හා දිශානතිය සනිටුහන් කරමින් දීර්ඝ කාලීනව පවතී. 

මේ එවන් මිනිසෙකු ගැන විවරණයයි ....
 
ජුලියස් පුචික්  

ජුලියස් පුචික් යනු ලොව මෙතෙක් බිහි වූ අග්‍රගන්‍ය පුවත්පත් කලාවේදියෙක් මෙන්ම නොබියව පැසිසිට්වාදයට එරෙහිව සිය පන්හිඳ එසවූ මාකස්වාදී දේශපාලන ක්‍රියාකරුවෙකි. 1903 පෙබරවාරී 23 වෙනි දින චෙකොස්ලෝවැකියාවේ දිළිඳු කම්කරු පවුලක ඔහු උපත ලැබීය.

ඔහුගේ ලේඛන හැකියාවන් ඔප් නැංවුයේ දොළොස් හැවිරිදි වියේදීය. එවකට චෙකොස්ලෝවැකියාවේ පැවැති කොමියුනිස්ට්වාදී " වහලා " නම් පුවත් පතට ඔහුගේ නිර්මාණ ඉදිරිපත් කළේය. වසර විස්ස වන විට ඔහුගේ ජීවිතය පුර්ණකාලීන දේශපාලනයට යොමු විය. චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ දීප්තිමත් ක්‍රියාකරුවෙකු ලෙස පක්ෂය තුළ ප්‍රසාදයට ලක් විය. අනතුරුව වැඩිදුර අධ්‍යාපනය පිණිස ප්‍රාග් විශ්වවිද්‍යාලයට බැඳෙමින් ජනමාධ්‍යවේදී උපාධිය හිමි කර ගත්තේය. ඉන් පසුව ජනතාව අතර ඉමහත් ජනප්‍රියට පත් වූ සඟරා කිහිපයකත් , Rudé právo ("Red Law") නම් සමාජවාදී පුවත්පතේ කතෘ වරයා ලෙසත් කටයුතු කළේය.

පක්ෂයේ තවත් දේශපාලන ක්‍රියාකාරිනියක් වූ ගුස්ටා පුචිකොවා සමග ජුලියස් පුචික් 1938 දී විවාහ වීය. එම වසර ඔහුගේ ජීවිතයේ තීරණාත්මක වසරද විය. එවකට පැවැති ධනේශ්වර පාලනය ඔහුගේ පක්ෂය වූ චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පක්ෂය තහනම් කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස රහසිගත දේශපාලනයට ඔහු ඇතුළු පක්ෂ නායකත්වය තල්ලු කරනු ලැබීය.

1939 නාසි ජර්මානුවන් චෙකොස්ලෝවකියානු අගනුවර ආක්‍රමණය කිරීමත් සමගම පළමුවෙන්ම දඩයමට ලක් වුයේ කොමියුනිස්ට්වාදීන්ය. නාසි පොලිසිය වූ ගෙස්ටාපෝ ඒකකයේ ප්‍රධානතම ඉලක්කය වුයේ කොමියුනිස්ට්වරුන්ය. නාසි ආක්‍රමණයට එරෙහිව ඔහු දිනෙන් දින ජනතාව දැනුවත් කරමින් සිය අවිය බඳු පන්හිඳ බිම නොතැබුවේය. තහනම් දේශපාලනය තුළද Rudé právo ("Red Law") පුවත්පත මුද්‍රණය කිරීම නොකඩවා කරගෙන ගිය ජුලියස් , පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත් විය. නාසි ජර්මානුවන්ගේ අමානුශිකත්වයට එරෙහිව ජනතාවගේ පරමාර්ථ දිනවීමට දිවි පරදුවට තබමින් ඔහුගේ ලේඛන කටයුතු කරගෙන ගියේය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු අව්‍යාජ කොමියුනිස්ට්වාදියෙකු විය.

පක්ෂයේ රහසිගත මුද්‍රණාලය තුළ දී 1942 අප්‍රේල් 24 දින ඔහු ඇතුළු තවත් හය දෙනෙකු නාසි ගෙස්ටාපෝ පොලිසියට හසුවිය. අනතුරුව ඔහු Pankrác සිපිරිගෙය තුල සිරකළේය. එහිදී මිනිසෙකුට විඳිය නොහැකි දරුණු වධ හිංසාවලට ඔහු ලක් කළේය. එහෙත් විප්ලවවාදී සදාචාරය රකිමින් තමාගේ දේශපාලන ව්‍යාපාරයත් එහි සගයිනුත් ඔහු ආරක්ෂා කළේය. වධකාගාරය තුළදීද ඔහු ලිවීම අත් නොහළේය. Notes from the Gallows හෙවත් " පෝරකයේ සටහන් " නම් සුප්‍රකට ග්‍රන්ථයට පාදක වුයේ ඔහු වධකාගාරය තුළ මරණය පෙනී පෙනී ලිවූ සටහන්ය. ජුලියස් එම රචනා සටහන් කළේ සිගරට් පෙට්ටිෙවල ඇති කුඩා තීරු මතය. පසු කාලීනව ලුයිජි නෝනෝ විසින් Notes from the Gallows නමින් ඔහුගේ සියලු සටහන් ලෝකයේ යුක්තිගරුක මිනිසුන්ගේ , සත්‍ය ගවේෂණය කරන පුවත්පත් කලාවේදීන්ගේ පරමාදර්ශය ලෙස අගනා කෘතියක් නිර්මාණය කළේය.

1943 දී ඔහු චෙකොස්ලෝවැකියාවේ සිට ජර්මනියේ බර්ලින් නගරයට රැගෙන ආවේය. ඔහුට එල්ලකළ ප්‍රධානතම චෝදනාව වුයේ නාසි ජර්මානු පාලනයට එරෙහි පුවත් ලිවීම හා රහසිගත කොමියුනිස්ට් ව්‍යාපාරයක ක්‍රියාකරුවෙකු වීමය. අධිකරණය ඉදිරියේදී නිර්භීතව නාසි පාලනය විවේචනය කළ ජුලියස් පුචික් , පුවත්පත් කලාවේදීන් යනු පාලකයන්ගේ සට්ටම්බියන් නොවන බව ලොවට පෙන්වීය. මරණය තෙක්ම ජනතාවගේ යහපත් හෙට දිනක් වෙනුවෙන් පෙනීසිටි ඔහු මෙන්ම සිය දේශපාලන සගයා වූ ජරස්ලෝව් ක්ලේකාන් සමග 1943 සැප්තැම්බර් 8 වන දින එල්ලා මරාදැමීය.

නාසි ජර්මානුවන්ගෙන් නිදහස් වූ චෙකොස්ලෝවකියාව පුර්ණ සමාජවාදී රාජ්‍යක් බවට පත් විය. ඉන් අනතුරුව ජුලියස් පුචික් එරට ජනතා වීරයෙක් බවට පත් විය. එරට පාලනය හෙබවූ කොමියුනිස්ට් පක්ෂයේ සංකේතය බවට ජුලියස් පුචික් පත් විය.

උපුටා ගන්නා ලද්දේ - චූලක බණ්ඩාරවත්ත සොයුරාගෙ රතු වැස්සෙන්..........

Wednesday, December 2, 2015

ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය...



වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය නව මගකට යොමුකරමින් කුඩා දරුවෙකු මෙලොවට ජනිත විය. ගාලුස්‌ සීසර් ට හා අවුරේලියා යුවලට දාව උපත ලද ඔහු ජුලියස් සීසර් නම් විය. උපතේදී තම මවගේ උදරය කපා මෙලොවට බිහිකිරීමට සිදුවීමෙන් අනතුරුව වර්තමානය තෙක් එය නම් කර ඇත්තේද සීසේරියන් සැත්කම ලෙසය. ජුලියස් සීසර් ක්‍රිස්‌තු පූර්ව 100 වැනි වර්ෂයේ රෝමයේ, සුදුර නමැති නගරයේ උපත ලැබූ බවට අනුමාණ කෙරේ.

අද මෙන්ම එදාද බොහෝ පිරිසකගේ ජීවනෝපාය වුයේ දේශපාලනයයි. සීස්ර්ටද තම දෙමාපියන්ගෙන් ලැබුණු වත්කමක් නොවූ හෙයින් 16 හැවිරිදි වියේදීම රෝම දේශපාලනයට අවතීර්ණ විය. ක්‍රමයෙන් ග්‍රීක වහල් හිමි සමාජය තුළින් ඉස්මතු වූ සීසර්, එම පාලනයේ මුදුනටම ළඟා වුයේ රණශුර වික්‍රමයන්ගේ ප්‍රතිඵලය තුළිනි. ඔහුගේ ජීවිත කාලය තුළදී රෝම ජනතාවගෙන් බොහෝ ගරු බුහුමන් ලැබුණි. ඒ මක් නිසාද යත් පාලකයන්ගේ කුරිරු බව ඉදිරියේ වැසියන් නැගී සිටීමට වඩා වහලුන් වන නිසාය. අවනත වීම හැර කිසිදු විකල්පයක් ආඥාදායක පාලනයක් තුළදී ජනතාවට නොමැත. එයට එරෙහිව නැගී සිටින්නේ නිර්භයත්වයෙන් පිරිපුන් මිනිසුන් පමණි. එවන් මිනිසුන් ඉතිහාසයේ වීරයන් බවට පත් වේ.

පුරාණ රෝමයේ කැලැන්ඩරයට අනුව ඔහු උපත ලැබූ මාසය හැඳින්වූයේ ක්‌වින්ටිලිස්‌ ලෙසය. නමුත් එම මාසය සීසර් ගේ නම ඉතිහාස ගත වීමට ජුලි නමින් වෙනස් විය. හරියටම විදේශ බැංකුවලින් ගිනි පොලියට ණය ගෙන ඒවා ජනතාව මත බදු පිට බදු ගසා තමන්ගේ නම් ගුවන් තොටුපළවල් , වරායවල් , පාසැල් වලට දමනවා සේ එදා ජුලියස් සීසර්ලාද තමන්ගේ නාමය බැබලවීමට බොහෝ දේ කර ඇත. සීසර්ගේ පෙලපත රෝමයේ රදල පංතියට අයත් විය. එහෙත් ඔවුන් හතරවැනි ශතවර්ෂයේදී පොදු ජනතාව සමග ඒකාබද්ධ වූහ. පොදු ජනතාව බොහෝ විට පාලකයන් සමීප කරගනු ලබන්නේ ඔවුන් ඔසවා ගෙන යන දෝලා කරුවන් ලෙසය. පුරාණ රෝමයේද එය එසේම සිදු විය.
ලොව තම අනසකට නතුකොට තිබු සීසර් ගේ අවසානය සිදුවන්නේද බොහෝ ආඥාදායකයන්ට සිදු වූ පොදු සිදුවීම් මාලාවකිනි. ඔහුගේ මරණය පිළිබඳව මහා කවි විලියම්  ශේක්ස්පියර්  ලියූ ජුලියස්‌ සීසර් නාට්‍යයේ මෙසේ ලියා ඇත.

ශාස්‌ත්‍රකරු - සීසර් උතුමාණෙනි,

සීසර් - මා අමතන්නේ කවුද?

ශාස්‌ත්‍ර කාරයා - (සීසර් අමතමින්)


මාර්තු 15 වැනි දා ප්‍රවේශම් වන්න, උතුමාණනි.

බෲටස්‌ - ඔබ මාර්තු 15 වැනිදා ප්‍රවේශම් විය යුතු බව ශ්‍රාස්‌ත්‍රකරුවෙක්‌ පවසයි.

සීසර් - ඔහු මා හමුවට පමුනුවන්න. මට ඔහුගේ මුහුණ බලන්නට සලස්‌වන්න.

කැෂියස්‌ - (මිත්‍රයා, රැස්‌කකා සිටිනා) ජනයා අතරින් ඇවිත් සීසර් දෙස බලන්න. 

සීසර්- ඔබ දැන් මට මොනවද කීවෙ? එය නැවතත් කියන්න.

ශාස්‌ත්‍රකාරයා - මාර්තු 15 වැනිදා ප්‍රවේශම් වන්න උතුමාණනි. 

සීසර් - ඔහු දවල් හීන දකිමින් කාලය නිකරුණේ ගතකරන්නෙක්‌, අපි ඔහු අතහැර දමමු. ඔහු ගියාවේ.

මාර්තු 15 වැනිදා උදා විය ...

(සෙනෙට්‌ සභාව බලා යමින් සිටි සීසර් අතරමගදී හමුවූ ශාස්‌ත්‍රකරු 

අමතමින්)

සීසර් - ඇයි මට ප්‍රවේශම් වෙන්න කියා බොරු කියන්නේ? ඔබ කිවූ 


දිනයත් අද උදාවෙලා.

ශාස්‌ත්‍රකරු - උදාවුණාට තවම දවස ගතවුණේ නැහැ, උතුමාණනි.

සර්විලස්‌ කැස්‌කා විසින් දෙන ලද ඔත්තුවකට අනුව සීසර්ට එරෙහිව කුමන්ත්‍රණයක් ඇති බව මාක් ඇන්ටනිට දැනගන්නට ලැබුණි. සීසර් ඝාතනය කිරීමට සුදානම් වූ පිරිසට තිබු එකම අභියෝගය වුයේ මාක් ඇන්ටනී සටනට පිවිසේ යයි යන අනියත බියයි.

 ඇන්ටනී සෙනෙට්‌ සභාවට පිවිසීම වැලක්වීම පිණිස හැඩි දැඩි ට්‍රෙබෝනියස්‌ යෙදවීමට තීරණය විය. කුමන්ත්‍රණය දියත් වුයේ සීසර් සෙනට් සභාවට පිවිස අසුන් ගැනීමෙන් පසුවය . රටින් නෙරපා සිටි තම සහෝදරයා වෙනුවෙන් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ටිලුස්‌ සිම්බර් ජුලියස්, සීසර් ගේ ඉදිරියට පැමිණ ආචාර කරමින් දනින් වැටුණි . ටිලුස්‌ට සහය පිණිස සේ සෙසු කුමන්ත්‍රණ කරුවන්ද වහාම ඉදිරියට පැමිණියේය. සිම්බර් වහාම නැගිටිමින් සීසර්ගේ "ටියුනික්‌" කබාය පහතට ඇද දැමීය. එවිටම කෙටි කඩුව ඇඳගත් කැස්‌කා එය සීසර්ගේ ගෙලට එල්ල කරමින් සීසර් යටත් කරගත්තේය. බෘෘටස්‌ ඇතුළු කැස්‌කාගේ පිරිස සීසර්ට පිහි පහර 23 ක් එල්ල කල අතර , රෝමය පමණක් නොව අවට සියලු රටවල් තම ආඥාදායක බලයෙන් යටපත් කර සිටි මිනිසෙකු කිසිවෙකුගේ පිහිටක් නොමැතිව ලේ විලක් මත මැරී වැටුණි.


ඉන් පසුව බෲටස්‌ ඔහුගේ අනුගාමිකයන්ද පිරිවරාගෙන අගනුවර දෙසම ගමන් ආරම්භ කොට "රෝම වැසියෙනි, අපි නැවතත් නිදහස්‌ ජනතාවක්‌" යනුවෙන් ඝෝෂා කරන්නට විය. නිවස තුළට වී එතෙක්‌ කල්ගත කළ ජනතාව මෙම ඝෝෂාව කුමක්‌දැයි විපරම් කළ විට සීසර් ඝාතනය කිරීමේ ප්‍රවෘත්තිය ලැව් ගින්නක්‌ සේ පැතිර ගියේය.

සීසර්ගේ භූමදාන අවස්‌ථාවේදී රැස්‌ව සිටි රෝම ජනතාව අමතා කතා කළ ප්‍රථම කථිකයාගේ කථාව එහි සිටි සියලුම දෙනාගේ හදවත් සසල කිරීමෙහි සමත්විය.

එම කථිකයා නම් සීසර්ගේ සමකාලීන සෙනෙට්‌ මන්ත්‍රීවරයකු වූ මාර්ක්‌ ඇන්ටනිය. මා මෙහි පැමිණියේ සීසර් වළ දැමීමට මිස ඔහු ගැන ප්‍රශංසා කිරීමට නොවේ. එහෙත් අප විසින් කරනු ලබන වැරැදි ක්‍රියා අප සමග වැළලී යන අතර අපගෙන් සිදුවන යහපත් ක්‍රියා සදාකාලිකවම පවතින්නේ යෑයිද එය අප හැම දෙනා විසින්ම ඉතා හොඳින් සිත්හි තබාගත යුතුව ඇතැයිද යනුවෙන් ඔහු දීර්ඝ කතාවක්‌ කළේය. 


මාක්‌ ඇන්ටනීගේ මෙම කතා විලාශය කථිකයන් පුහුණු කිරීමේ විෂය මාලාවේදී දැනටද ප්‍රයෝජනයට ගනු ලැබේ.

සටහන
- චූලක බණ්ඩාරවත්ත - 
(චූලක අයියගෙ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගත්තෙ....)

Friday, July 3, 2015

අසම්මත පෙම්වතිය අතින් මියගිය කවියා



කාලිදාස, සාහිත්‍ය ලොවේ ශ්‍රේෂ්ඨතම කවියෙකි. මේඝදූතය ඔහුගේ කෘතියකි. හෙතෙම, අසම්මත පෙම්වතිය අතින් මිය ගිය මහාකවියා ලෙස ද හඳුන්වයි. මෙහි සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් එය රසවත් කතාවකි. දිනක් කාලිදාස කවියා තමා ඇයි හොඳයි කම් පැවැත් වූ කාන්තාවකගේ ගෙදරට නිතර යන්ට එන්ට පටන් ගත්තේ ය.

දිනක් එහි රාත්‍රිය ගත කළ ඔහු, ඔහුගේ ඇඳුමක් ඒ ගෙය තුළ අමතක ව ගියේ ය. (මේ සිද්ධිය මෙතර දී වූවක් ද
ැයි අවිනිශ්චිත ය. මෙහි සිටි කුමාරදාස රජු හා කාලිදාස කවියා අතර තිබුණේ මිත්‍රත්වයකි. එය ආත්මීය සොයුරු පෙමක් වැනි ය. ඉහත කී කතගේ ගෙදරට කුමාරදාස රජු ද යාම ඊම සිරිතක් ව තිබුණි.)

මේ නිවසට පැමිණි කුමාරදාස රජු තම මිතුරාවන කාලිදාස මෙහි යනු එනු ඇතැයි සැක කොට ඒ සැකය හා කුතුහලය දුරු කරගනු වස් ඊට සුදුසු උපායක් කල්පනා කළේ ය. කුමාරදාස රජු මිතු කතගේ නිවසේ ඇඳේ සිටින අතර වාරයේ මේ කවි දෙපදය එහි බිත්තියේ ලීවේ ය.

“සිය තඹරා සිය තඹරා සිය සෙවෙ නී
සියස පුරා නිදි නොලබා උන් සෙවෙ නී”

මේ කවි දෙපදයට ගැළපෙන ඉතිරි පද පුරවන්නෙකුට එයට පරිත්‍යාග ලෙස ත්‍යාග හා මුදල් දෙන බව කියා රජතුමා නිවසින් පිටවිය. පසුදා මේ ගෙට පැමිණි කාලිදාස කවියා බිත්තියේ ලියා ඇති කවි දෙපදය දැක කැලඹුණු සිත් ඇති ව ඉතිරි කවි දෙපදය ඊට යටින් ලියා කවිය සම්පූර්ණ කළේ ය.


“වන ඹමරා මල නොතලා රොනට වනී
බල දෙදරා පන ගලවා ගිය සෙ වැනී”


මෙය දුටු වෛශ්‍යා ස්ත්‍රිය තෑගි ලබා ගැනීමේ අරමුණින් රහසිගත ව කාලිදාස කවියා මරා සඟවා තමා ඒ කවි දෙපදය පිරවූ බව රජුට දන්වා තෑගි බෝග ලබා ගත්තේ ය. කරුණු සොයා බැලූ රජුට සත්‍ය හෙළිවිය. තම මිතුරාගේ අවමංගල්‍යය ඉතා උසස් ලෙස සිදු කිරීමට රජු කටයුතු කරවී ය. පසුව කුමාරදාස රජු තම කලණ මිතුරාගේ දැවෙන සොහොනට පැන තම අකලංක මිත්‍රත්වය විදහා පා මිය පරලොව ගිය බව ජනප්‍රවාදවල කියැ වේ. මේ සිද්ධිය අතීතයේ භාරතයේ වූ සති පූජාව හා සමාන ය. එදා රජු මෙහි සිටියා ද නැතහොත් භාරතයේ සිටියා ද යන්න පැහැදිලි සඳහනක් නැත.

කාලිදාස කවියා පිළිබඳ අනෙක් පුවත ද රසවත් ය. කාලිදාස අසරණ පවුලක උපත ලද දුප්පත් ළමයෙකි. කුඩා කල සිට නිසි අධ්‍යාපනයක් නොලත් ඔහු භාෂා ශාස්ත්‍ර පිළිබඳ අල්ප දැනුමක් ඇත්තෙක් විය. තරුණ වියට පත් කාලිදාස දිනක් ගමනක් යන අතරමග දී දැඩි වර්ෂාවකට හසු විය.

ඉන් මිදීම සඳහා ඔහු අසල ඔහු දුටු කෝවිලක පියස්සට ගොඩ විය. එය කාලී කෝවිලකි. වැසි පායන තුරු කල්පනා කරමින් සිටි තරුණ කාලිදාසට කෝවිල තුළින් භක්ති ගී ගායනා හඬ ඇසෙන්නට විය.

එදෙසට කන් යොමු කළ මේ තරුණයාට “අනේ මටත් මෙලෙස ස්ත්‍රොත්‍ර ගායනා කරන්නට හැකිනම් කොපමණ අපූරුදැයි” සිතුණි. “එහෙම වාසනාවක් ලදොත් කාලි දේවිය මහ ඉහළින් ම වර්ණනා කරමි”යි සිත සිතා සිටිය දී කෝවිල තුළින් “කාලිදාස” “කාලිදාස” යැයි අමතනු ඇසුණි. දොර යතුරු කවුළුව තුළින් කෝවිල ඇතුළත බැලූ කාලිදාසට දක්නට ලැබුණේ ඇදහිය නොහැකි අපූරු දර්ශනයකි.

එනම් කාලී දේවිය ඔහු ඉදිරියේ සිටින බව ය. එයින් ඉහ වහා ගිය සතුටට හා පුදුමයට පත් කාලිදාස කාලි දේවියට වැඳ නමස්කාර කොට වරමක් ඉල්ලා සිටියේ ය. ඇය “ඒ කෙබඳු වරමක් දැයි ඇසී ය.” එවිට කාලිදාස “ගායනය පිළිබඳ වූ වරමක්” යැයි කීය. කාලී ක්ෂණයක් ඒ වරම ඔහුට දුන්නා ය. අනතුරුව කවි වරම් ලද කාලිදාස කාලී දේවියගේ ගුණ කවියෙන්ම වර්ණනා කරන්නට විය.

සමුද්‍රඝෝෂ, අනුෂට්‍රෂ්, මාලනී, ශාර්දූල, චික්‍රිඩිතා දි වැනි විවිධ වෘත්තයන් යටතේ කරන ලද භක්ති ගායනා අවසන් වූ පසු ඔහු අභියස කාලී දේවිය පෙනී සිටිමින් මෙසේ කීය.

“ඔබ ඉතාමත් හරබර ලෙස මිහිරි ගායනයෙන් මාගේ ගුණ වැනූවෙහිය. ඒ ගැන මා සතුටු වෙමි. නමුත් ඔබ මා වර්ණනා කළේ මිනිස් ලඳක් ලෙසිනි. එම නිසා ඔබට කවි වරම දුන්නා සේම ඔබට ශාපයක් ද කරන්නට සිදු වී ඇත. එනිසා ඔබගේ මරණය කෙදිනක හෝ ගැහැනියක අතින් සිදුවේවා” යන්න ශාපයයි.

පසුව, තමාගේ දිවෙන් රුහිරු උරා බී මීට සමාව දෙන ලෙස ඉල්ලමින් යතුරු කවුළුවෙන් කෝවිල තුළට දිව දිගු කළේ ය. දිවට හානියක් සිදුවුවහොත් තමා දුන් කවි වරමෙන් පලක් නොවන නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ශාපය අනුමත කළා ය. කාලිදාසට කවිත්වය ලැබුණේ ඒ අයුරිනි. කාලිදාස පසුව භාරතයේ ප්‍රසිද්ධ කවියෙකු විය. ඒ අනුව කාලිදාසට කවි වරම් ලැබුණු දා කාලී දේවිය විසින් කළ ශාපය ඒ අයුරින්ම විදේශයක දී හෝ සිදු වූ අතර ඔහුගේ කවීත්වය දේව වරම් තත්ත්වය විදහා පාමින් අදත් ලෝක වාසී සාහිත්‍ය රසිකයින් අතර එකසේ රැව් පිළිරැව් දේ.

ඉන්දියාවේ වික්‍රම රජතුමාගේ රාජ සභාවේ සිටි කාලිදාසත් භොජ රාජ සමයේ සිටි අප රට කුමාරදාස රජතුමාගේ මිත්‍ර කාලිදාසත් එක ම අයෙකු ද යන්න ඇතැමෙකුට ගැටළුවකි. කුමාරදාස රජු ද සංස්කෘත භාෂාව උගත් අයෙකි. ජානකි හරණය ඔහුගේ කෘතියකි. ඔහු මාතර ප්‍රදේශයේ සිටිය දී කාලිදාස මෙහි පැමිණි බව සංස්කෘත කාව්‍යයන්හි සඳහන් වේ. කාලිදාස හා සම්බන්ධ වික්‍රම හෝ වික්‍රමාදිත්‍ය යනු භාරතීය ගුප්ත යුගයේ විසූ චන්ද්‍ර ගුප්ත රජු බව ඇතැමුන්ගේ පිළිගැනීම ය. එපමණක් නොව කාලිදාසට ඥානාලෝකය ලැබුණේ දේව ප්‍රසාදයකින් ය යන මතය හා මෙරටට පැමිණ වෙසඟනක් අතින් මිය ගිය පුවත ඔප්පු කිරීමට තරම් පිළිගත හැකි සාධක නොමැති බව විද්වත් මතයයි. එහෙත් ජානකීහරණය රචනයෙහිලා කුමාරදාස කාලිදාසයනට ණය ගැති වී ඇති බව නිසැක මතයකි.

මහාකවි කාලිදාස සංස්කෘත සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම කවියෙකුවන අතර මේඝදූතය, අභිඥාන සාකුන්තලය, සෘතුසංහාරය, රඝුවංශය ඔහුගේ උසස් නිර්මාණයන් ය. කාලිදාසගේ උපත මෙන් වාසය කිරීම පිළිබඳව ද විවිධ මත පවතී. ඇතැමුන් ඔහු බෙංගාලයේ ‘නදීයා’ නම් ස්ථානයේ ජන්ම ලාභියෙකු බවත් තවකෙකු ඔහු කාශ්මීර වැසියෙකු බවත් සඳහන් කරයි. ඇතැම් පඬිවරු ඔහු උදේනී නම් නුවර ජන්ම ලාභියෙකු බව කියති.

කාලිදාස විසින් රචිත අනෙක් ග්‍රන්ථ අතර කුමාර සම්භව, වික්‍රමමෝර්වශී, මාලවිකාග්නිමිත්‍ර සංස්කෘත ග්‍රන්ථ අතර වැදගත් වේ.

ඇතැම් විද්වත්හු සෘතුසංහාරය ඔහුගේ කෘතියක් ලෙස පිළි නොගනී. එයට හේතුව අනෙක් කෘතිවල ඇති කාව්‍යමය ලක්ෂණ හා උත්කෘෂ්ඨ බව මෙහි නොදැකී ම ය. කෙසේ වෙතත් මෙය කාලිදාසගේ මුල් ම කෘතිය බව ඔහුගේ අනෙක් කෘති හා විමර්ශනාත්මක ව බලන විට පැහැදිලි වේ. ගුප්ත අධිරාජ්‍යයේ ඉතිහාසය එයට පසු කාලවල ලියැවුණු ග්‍රන්ථවල කාලිදාසගේ කාව්‍යමය ලක්ෂණ දක්නට විය. උපමා, ශෛලිය, ස්වාභාවික වර්ණ චරිත නිර්මාණ, පේ‍්‍රම සිතුවිලි හා අලංකාරයන්ගේ සිත්කලු බව වැනි ලක්ෂණ පසුකාලීන ලේඛකයින්ට ද බලපා ඇත.

කාලිදාසගේ කෘතිවලින් සාහිත්‍ය ඔපවත් වූවා සේම චිත්‍ර කලාව ද ඔපවත් වූ බවට සාධක එමට ය. චිත්‍ර කලාවේ සියළු සිද්ධාන්ත පිළිබඳ කාලිදාස දැන සිටි බවට කෘතිවල එන වර්ණනාවන් සාක්ෂි දරයි. චිත්‍ර කලාව පිළිබඳ ව ඔහු දක්වා ඇති විවරණ ගුප්ත කාලීන ශිල්පීන්ට බෙහෙවින් බලපෑ අතර ඔහුගේ විසිතුරු වර්ණනාවන් ඔහු ජීවත් වූ යුගයේ දියුණු චිත්‍ර කලාවක් තිබු බවට හොඳ ම නිදසුනකි. එකල ධනවතුන් හට චිත්‍ර ශාලා (ART GELARY) තිබු අතර එහි ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ, රජුන්ගේ හා ප්‍රභූන්ගේ ප්‍රතිරූප තිබූ බවත් ඒ චිත්‍ර ශාලා ද්වාරයන්හී සත්ත්ව හා පක්ෂි රූප සහිත චිත්‍රවලින් අලංකාර කොට තිබු බව කියැ වේ.

කාලිදාසගේ කෘතිවලට අනුව චිත්‍ර කලාව ප්‍රත්‍යක්ෂ හා ස්මරණ යැයි දෙයාකාර බව සකුන්තලාවේ සඳහන් වේ. මේඝදූතයේ යක්ෂ පත්නිය විසින් යක්ෂයාගේ රූපය මතකයෙන් (ස්මරණ ශක්තිය) ඇඳි බව සඳහන් වේ. “මාලවිකාග්නිමිත්‍ර”යේද චිත්‍ර කලාව ගැන නන් අයුරින් විස්තර කොට ඇත. ඔහුගේ කෘති සියුම් ව අධ්‍යයන කරන්නෙකුට භාරතීය ඉතිහාසයේ ස්වර්ණමය යුගයක සම්පත්තිය, වීරත්වය, අනභිභවනීයත්වය හා සුන්දර පරිසරය සිය ඇසින් දැක කරන ලද වර්ණනා අනුව ඔහු ගුප්ත යුගයේ ඉපැදී ජීවත් වූ භාරතීය රත්නයක් බව පැහැදිලි වේ. අතීතයේ දී ආලේඛ්‍ය චිත්‍රවලට (PORTRETE) වැදගත් තැනක් හිමි විය. විවිධ පුද්ගලයින් මේ චිත්‍රවලින් නිරූපණය විය.

අජගේ ශෝකය තුනි කිරීම පිණිස ඉන්දුමතීගේ හා දශරථගේ රූපයක් බලිමන්නිකේතනයේ පූජා පිණිස තැබූ බව කාලිදාස සඳහන් කරයි. රාම, සීතා සමගින් ආපසු අයෝධ්‍යාවට පැමිණි විට ඔවුන්ගේ ජීවිතයේ විවිධ අවස්ථා එහි ප්‍රාසාදයන්හී සිතුවම් කොට තිබු බව කාලිදාසගේ රඝුවංශයේ ලියා ඇත. මේ චිත්‍ර දුටු රාමට සීතා කෙරෙහි සෙනෙහසක් පී‍්‍රතියක් ඇති වී පැරැණි දුක්ඛිත සිද්ධි අමතක වූ බවත් කියැ වේ. මේ චිත්‍රවල කලාත්මක හා තාත්විකත්වය කාලිදාස විසින් දක්වා ඇත්තේ මෙසේ යි.

“අහො! රාජර්ෂෙර්වතිකා නිපුණතා! ජානෙ මෙ සඛී අග්‍රතොවර්තත ඉති”

අභිඥාණ ශාකුන්තාලයෙහි අංක 06 සහ 17 ශ්ලෝකවලින් දක්වා ඇත්තේ ද මෙවැනි ලක්ෂණයන් ය. ශකුන්තලාව ගැන සිතමින් දුකින් තැවෙන දුෂ්මන්ත ස්මරණ ශක්තියෙන් ඇයගේ ප්‍රතිරූපය චිත්‍රයට නගා තමාගේ දුක තුනීකර ගැනීමට උත්සාහ කරයි. ශකුන්තලාවගේ චිත්‍රයේ පසුතලය හංස ජෝඩු, ගලන මාලිනී නදිය මුවන්, වෘක්ෂ ලතාදිය ගැන පවා වර්ණනා කොට ඇත. මෙවන් උදාහරණ කාලිදාසගේ ග්‍රන්ථවල එමට ය. චිත්‍රවල ෂඩාංග, දුරලඟ විහිදීම, ත්‍රිමාණ හා ද්විමාණ වැනි ලක්ෂණ, මාධ්‍ය හා භාවිතය, මාධ්‍ය හැසිරවීම, වර්ණ සංකලනය ආදි චිත්‍රවල ගුණාංග හා ශිල්පී ධර්ම කෙරෙහි විවිධ උපමා සහිතව වර්ණනා කිරීමට කාලිදාස සමත් වී ඇත.

ගල් තලාවල පාට වර්ගවලින් සිතුවම් ඇඳීම, බිතු සිතුවම් (FRESCO PAINTING) ඇඳීම හා ලෑලි මත ආලේඛ්‍ය චිත්‍ර ඇඳීම කළ බව ද චිත්‍ර ඇඳීමේ උපකරණ, පින්සල් වර්ග හා පින්සල් සාදා ගැනීමේ ක්‍රම, වර්ණ සාදා ගැනීමේ ක්‍රම වර්ණවල ගුණ හා චිත්‍ර ඇඳීමේ ශිල්පීය ක්‍රම, සිද්ධාන්ත පිළිබඳව පුළුල් විස්තරයක් කාලිදාසගේ ග්‍රන්ථවල සඳහන් කොට ඇත.

අද මෙන් එකල ද දිය සායම්, තෙල් සායම් හා පාට හුණු වර්ගවලින් චිත්‍ර ඇඳි බව සඳහන් කරන හෙතෙම ප්‍රාචීන භාරතයේ විවිධ අවශ්‍යතා අනුව චිත්‍ර නිර්මාණය කළ බව පවසා ඇත. භාරතයේ අතීතයේ දී ස්ත්‍රීන්ට යම්කිසි හේතුවක් නිසා ස්වකීය පි‍්‍රයයා දක්නට ලැබුණේ රූපයක් මගිනි. ස්වයංවරයකට ආරාධනා කරන ලද රජුන් ඉදිරියේ දී විවාහයට සූදානම් වූ යුවතියගේ ස්වරූපය දක්වා සිටියේ ද චිත්‍රයක් මගිනි.

බොහෝ විට ඔවුහු චිත්‍ර මගින් ලද ආශ්වාදය අති සුන්දර ය. නිර්ව්‍යාජය ය. ඔවුන් තුළ චිත්‍රයක රස විඳීමේ ශක්තිය තිබුණි. කාලිදාස චිත්‍ර පිළිබඳ මෙසේ කියයි.

“යද්‍යත් සාධූන චිත්‍රෙ ස්‍යාත්ක්‍රියතෙ තත්තදන්‍යාථා
තථාපි තස්‍යාඩ ලාවණ්‍යං රෙඛයා කිඤවිදන්වීනම්”

“යම් වස්තුවක් ස්වභාවයෙන් ම සුන්දර නොවේ නම්, යමක ස්වාභාවික තත්ත්වය අසුන්දර නම් ඒ අවලක්ෂණ වස්තුවද චිත්‍රයේ දී සුන්දර හා රමණීය ව දක්නා ලැබේ. එහි මූල් ස්වරූපය සම්පූර්ණයෙන් ම වෙනස් වී චිත්‍රගත වෙත් ම එහි සෞන්දර්ය ඇති වේ.” ඉහත උපදෙස් අනුව ගුප්ත කාලීන ප්‍රවීණ කලා ශිල්පීන් සිය තෙලිතුඬින් කරන ලද අලංකාර කෘති අදත් අජන්තා හා බාග් ලෙන් තුළ සුරක්ෂිත ව පවතී.

කාලිදාස මහා කවියෙකු ද පමණක් නොව කලා විචාරකයෙකි. හෙතෙම සංස්කෘත කාව්‍යයට පමණක් නොව චිත්‍ර කලාවට ද අමිල සේවයක් කොට ඇත.


(උපුටා ගැනීම සිළුමිණ)