Thursday, June 11, 2015

කවුද මේ පෝල්.ඊ. පීරීස්.....

පෝල් එඩ්වඩ් පීරිස්‌ දැරණියගල

අද මං හිතුවා බ්ලොග් කියවන හිතවතුන්ට අපේ රටේ සිටි වටිනා බුද්ධිමතෙක් ගැන කරුණු ටිකක් දැන ගන්න සැලැස්සුවා නම් හොඳයි කියල. පුරාවිද්‍යාව විෂයක් විදියට හැදෑරූ නිසා මං නම් මේ වගේ ලිපි වලට පුදුම විදියට කැමතියි. සෙනරත් පරණවිතාන යන නම කිවූ පමණින් බොහෝ අය ඔහුව හඳුනා ගත්තත් පෝල්.ඊ. පීරීස් දැරණියගල එහෙමත් නැත්නම් පී.ඊ.පී. දැරණියගල කිව්වා නම් බොහෝ දෙනෙක් නොදන්නා ඇති බවට විශ්වාසයි.මේ ලිපිය 2011 වසරේදී දිවයින බදාදා අතිරේකයෙ පළ වුවකි. මෙය සම්පදානය කළ මා හිතවත් කැලුම් මනමේන්ද්‍රආරච්චි සොයුරා වර්තමානයේ අප රටේ ඉන්නා දක්ෂතම සත්ත්ව විද්‍යාඥයෙකි.ඔහු පිළිබඳ සටහනක් නුදුරේදීම ඔබ හා බෙදා ගන්නට බලාපොරොත්තු වෙමි


ශ්‍රී ලංකාවට විශාල කීර්තියක්‌ මෙන්ම විශේෂයෙන්ම සත්ත්ව විද්‍යාව, පාෂාණිභූත විද්‍යාව හා ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව උදෙසා අතිමහත් සේවයක්‌ කළ දැරණියගල මහතා පිළිබඳ ඔබට සුළු විස්‌තරයක්‌ ඉදිරිපත් කිරීම මේ ලිපියේ මූලික අරමුණ වේ. මෙම ලිපියට අදාළව එතුමා පිළිබඳව සුළු විස්‌තරයක්‌ පමණක්‌ ඉදිරිපත් කිරීමට මා උත්සාහ කළ නමුදු ඔහු සම්බන්ධව සුවිසල් ග්‍රන්ථයක්‌ පළ කිරීමට තරම් කරුණු මේ වන විට මා සතුව ඇත. 1980 දීමා හට මුණගැසුණු පුංචි බණ්‌ඩා කරුණාරත්න සහ 1985දී මුණගැසුණු පී.බී. සරනේලිස්‌ යන නැසීගිය මහතුන් දෙපළ මෙම ලිපිය සම්පාදනය කිරීමේදී ප්‍රථමයෙන් හ`දුන්වා දීමට කැමැත්තක්‌ දක්‌වනුයේ ඔවුන් දැරණියගල මහතා පිළිබඳව බොහෝ පෞද්ගලික කරුණු කාරණා මා වෙත ලබාදුන් නිසාවෙනි. කරුණාරත්න මහතා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ කීට විද්‍යාඥයෙකු ලෙස සේවය කළ අතර ඔහු ආචාර්ය පී.ඊ.පී. දැරණියගල සහ ආචාර්ය සිරාන් දැරණියගල සම`ග සමීප ඇසුරක්‌ දක්‌වමින් ඔවුන් සම`ග පර්යේෂණවල නිරත වූ ස්‌වභාව විද්‍යාඥයෙකි. සරනේලිස්‌ මහතා පී.ඊ.පී. දැරණියගල මහතා සම`ග ඔහුගේ කැණීම්, ගවේෂණ හා සතුන් එකතු කිරීමේ චාරිකාවලට සහභාගී වෙමින් එතුමා සම`ග සමීප ඇසුරක්‌ පැවැත්වූ අයෙකු විය. මෙම දෙපළ විසින් පී.ඊ.පී. දැරණියගල පිළිබඳව බොහෝ කරුණු මා වෙත යොමු කළද මෙහි අඩංගුව ඇත්තේ එයින් අල්පයකි. 

වසර 1900 මැයි මස 8 වන දින පෝල් එඩ්වඩ් පීරිස්‌ දැරණියගල මහතා උපත ලැබීය. එවකට මෙරට විසූ ධනවත්, උගත් හා බලවත් පවුලක සාමාජිකයකු ලෙස උපත ලැබූ දැරණියගලගේ පියා වූයේ සර් පෝල් එඩ්වඩ් පීරිස්‌ ය. මව වූයේ හිල්ඩා ඔබේසේකර මැතිණියයි. සර් පෝල් පීරිස්‌ භාෂාව හා ඉතිහාසය පිළිබඳ පුළුල් දැනුමකින් හෙබි බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර සමයේ කැපී පෙනෙන සිවිල් නිලධාරියකු මෙන්ම එවකට පැවති පාලනයේ නීතිය පිළිබඳ විශාරදයෙකුද වෙයි. ළාබාල දැරණියගල තම මුල්ම අධ්‍යාපනය රජයේ පුහුණු විද්‍යාලයෙන් ද (Government
Training Collage) ඉන් අනතුරුව මට්‌ටක්‌කුලියේ පිහිටි පසු කලෙක ගල්කිස්‌සේ ස්‌ථාපිත කරන ලද සාන්ත තෝමස්‌ කොලීජියෙන්ද හදාරන ලදි. මෙරට මූලික අධ්‍යාපනික වැඩ කටයුතු නිමවා කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයට ඇතුළත්වීම අතරතුර පැවති කාලයේදී කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව කායවිච්ඡෙ¨දන විද්‍යාව (Anatomy) හැදෑරීය. 1919 දී සත්ත්ව විද්‍යාව හැදෑරීමට කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයටත්, ඉන් අනතුරුව හාවර්ඩ් විශ්වවිද්‍යාලයටත් ඇතුළත් විය. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය නිමවීමෙන් අනතුරුව 1925 දී ශ්‍රී ලංකාවට පැමිණ කෞතුකාගාර සහ ධීවර දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය. ඉන් අනතුරුව 1937 දී සමුද්‍ර ජීවවිද්‍යාඥයෙකු ලෙස කොළඹ කෞතුකාගාරයේ වැඩබලන අධ්‍යක්‌ෂ තනතුරක්‌ ලැබිණි. තිස්‌නව වියෑති පී.ඊ.පී. දැරණියගල වසර 1939 අප්‍රේල් මස විසිහත් වන දින කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ලෙස පත් විය. මෙතුමා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලාංකික අධ්‍යක්ෂවරයා විය. 1963 ජූලි මාසයේ එම තනතුරින් විශ්‍රාම යන තෙක්‌ම කෞතුකාගාර අධ්‍යක්‍ෂ ධුරය දරමින් පර්යේෂණ හා ප්‍රකාශන ගණනාවක්‌ම ලොව හමුවේ තබමින් එම දෙපාර්තමේන්තුවට ජාත්‍යන්තර මට්‌ටමින් කීර්තියක්‌ ලබා දුන්නේය. වසර 1934 ජූනි මස 28 වන දින හෙතෙම දහනව වියෑති ප්‍රීණි මොලමුරේ මෙනෙවිය සම`ග විවාහ ගිවිස ගත්තේය. මෙම දෙපළ පුතුන් සිව්දෙනෙකුගේ දෙමාපියන්a වූහ. ඒ අර්ජුන්, රනිල්, සිරාන් සහ ඉසාන්ත් ය. මේ අතරින් ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව ප්‍රගුණ කරමින් පියාගේ අඩිපාරේ ගමන් ගත්තේ සිරාන් පුතුය.

'ලොවින් එකෙක්‌ එක්‌ දෙයකට වෙයි සමත' යන කියමන අරුත් සුන් කරමින් දැරණියගල තම ජීවිත කාලය තුළ විෂය ක්‌ෂේත්‍ර ගණනාවකම කෙළ පැමිණීමට තරම් දක්‌ෂයෙකු විය. එතුමා තම ජීවිත කාලය තුළ පළ කරන ලද ශාස්‌ත්‍රීය ලිපි, ග්‍රන්ථ, පරිපාලන වාර්තා ආදිය හාරසියයක්‌ පමණ වේ. මත්ස්‍ය විද්‍යාව, උර`ග හා උභයජීවී විද්‍යාව, පක්‌ෂී විද්‍යාව, ක්‌ෂීරපායී විද්‍යාව, පාෂාණිභූත විද්‍යාව ආදී ස්‌වභාව විද්‍යා විෂයන්ද ඊට අමතරව ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව, පැරණි බිතු සිතුවම්, දැව කැටයම්, ඇත් දළ කැටයම්, පැරණි සටන් ක්‍රමෝපායන්, කුකුළන් කෙටවීම ඇතුළු අනෙකුත් සතුන් පොරයට යෙදවීම, පැරණි ආයුධ ඇතුළු පුරාවස්‌තූන් ආදි ක්‌ෂේත්‍ර ගණනාවක්‌ම සම්බන්ධව පර්යේෂණවල නියුතු වෙමින් ශාස්‌ත්‍රීය ලිපි ගණනාවක්‌ පළකොට ඇත. ඔහුගේ ශාස්‌ත්‍රීය ලිපි 1929 සිට 1975 තෙක්‌ම අඛණ්‌ඩව පළ විය. මීට අමතරව තෙල් සායම්, දිය සායම් චිත්‍රවලට ද, දැව කැටයම්වලට ද දැරණියගල මහතා උපන් හපනෙකි. ඔහු විසින් රචිත ශාස්‌ත්‍රීය ලිපි හා ග්‍රන්ථ සඳහා අවශ්‍ය වූ බොහෝ චිත්‍ර අඳින ලද්දේ ඔහුමය. ඒ චිත්‍ර නිර්මාණයන් අතර ප්‍රකාශයට පත් නොකළ චිත්‍ර 500 කට වැඩි සංඛ්‍යාවක්‌ ආචාර්ය සිරාන් දැරණියගල මහතා සතුව ඇත. ඒ අතරින් බොහෝමයක්‌ මා විසින් පිටපත් කරගැනිණි. ඒවා අතර මසුන්, සර්පයින්, කටුස්‌සන්, හූනන්, පක්‌ෂීන් ආදි සතුන් ඇඳ ඇත්තේ පරිමාණ චිත්‍ර ලෙසය. මසුන්ගේ, සර්පයින්ගේ, කටුස්‌සන්ගේ ශරීරයේ වූ කොරළ සංඛ්‍යාව, පිහිටීම ආදිය මෙන්ම ඒ ඒ අවයවල පිහිටීම ද ඉතා නිවැරදි ව දක්‌වා ඇත. මේ නිසා ඒ සත්ත්ව රූප වැදගත් වනුයේ හුදෙක්‌ චිත්‍ර ලෙසින් පමණක්‌ම නොවේ. පී.ඊ.පී. දැරණියගල විසින් දිය සායම් මාධ්‍යයෙන් අඳින ලද පක්‌ෂී රූප රැසක්‌ වුවද ඒවා මේ වන තෙක්‌ පළ කොට නොමැත. ඒ අතර රාජාලීන්, උකුස්‌සන් හා කෑදැත්තන් වේ. එතුමා කෞතුකාගාර සේවයෙන් විශ්‍රාම ගැනීමට සමීප සමයේ ක්‌ෂීරපායින් පිළිබඳව ග්‍රන්ථයක්‌ සම්පාදනය කරමින් සිටි අතර ඒ සඳහා නිර්මාණය කරන ලද රූප රැසකි. නමුත් අභාග්‍යයකට මෙන් ඒ ග්‍රන්ථය එළිදැක්‌වීමට ඔහුට නොහැකි විය. මසුන්, සර්පයන්, කටුස්‌සන්, හූනන් හා ඉදිබුවන් ඇතුළත් වර්ණ රූප සහිත ග්‍රන්ථ තුනක්‌ පළ කෙරිණි. A coloured atlas of some vertebrates from Ceylon යනුවෙන් වෙළුම් තුනක්‌ ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඉතා ශාස්‌ත්‍රීයව ලියා ඇති මේ ග්‍රන්ථ ත්‍රිත්වය 1950 දශකයේදී කෞතුකාගාර ප්‍රකාශන ලෙස එළිදැක්‌විණි. මීට අමතරව කැස්‌බෑවුන් හා උර`ගුන් පිළිබඳවද, අලින් පිළිබදවද, ප්ලයිස්‌ටොසීන අවධිය පිළිබඳවද ශාස්‌ත්‍රීය ග්‍රන්ථ කිහිපයක්‌ම එළි දක්‌වා ඇත. අලින් පිළිබඳව ග්‍රන්ථයක්‌ ඇතුළු ශාස්‌ත්‍රීය ලිපි ගණනාවක්‌ම එළි දක්‌වන ලද දැරණියගල මේ සත්ත්වයා කෙරෙහි විශේෂ උනන්දුවක්‌ දක්‌වා ඇති බව පෙනේ.

දැරණියගල විසින් අඳින ලද වනජීවින්ගේ රූප කිහිපයක්‌






දැරණියගල දුටු බළංගොඩ මානවයා










  පොතු කැස්‌බෑවා










කරමල් බෝදිලිමා








කෙනත් පේඡ් ඕක්‌ලී නම් පුරාවිද්‍යාඥයා 1980 දී සම්පාදනය කළ පුරාවිද්‍යාව පිළිබඳ ශාස්‌ත්‍රීය ලිපියක පී.ඊ.පී. දැරණියගල මහතා රුක්‌අත්තන දැවයෙන් නිම වූ ශ්‍රී ලංකාවේ ආදි මානවයා හෙවත් බලංගොඩ මානවයාගේ කැටයමක රේඛා චිත්‍රයක්‌ ඇතුළත් කොට තිබුණි. මේ සුවිශේෂී කැටයම ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති බව එහි වැඩිදුරටත් සඳහන් විය. 1996 දී සත්ත්වවිද්‍යා පර්යේෂණ කටයුතු සඳහා මා ප්‍රථම වතාවට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ගිය මොහොතේ එම දැව කැටයම පිළිබඳව මා නෙත ගැටිණි. එවකට ඒ කැටයම බාරව සිටි මහත්මියට කල්තියාම ලිපි යොමු කොට එය අධ්‍යයනය කිරීමට අවසර ඉල්ලා තිබුණි. එහිදී එතුමිය ඒ කැටයම තැන්පත් කොට ඇති බ්‍රිතාන්‍ය ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරයේ පිහිටි විශේෂ කුටියට මා කැඳවාගෙන ගියාය. ලොව නන් දෙසින් පැමිණි සුවිශේෂී කලා කෘති මෙම දැවැන්ත ශාලාවේ තැන්පත් කොට තිබෙනු මට දැකගත හැකි විය. විස්‌මය උපදවමින් ඒ කුටියේ මේසයක්‌ මත තැන්පත් කොට තිබූ පී.ඊ.පී. දැරණියගල මහතාගේ නිර්මාණයක්‌ වූ බලංගොඩ මානව කැටයම දැකගත හැකිවිය. අඩියක්‌ පමණ උසැති මේ කැටයමින් නිරූපණය වනුයේ බලංගොඩ මානවයාගේ උඩුකයයි. මිල කළ නොහැකි ලොව වටිනා චිත්‍ර හා දුර්ලභ ගණයේ කලා කෘතිවලින් පිරි තිබුණු මේ කුටිය විදුලි බුබුළුවලින් ආලෝකවත් කර නොතිබුණේ චිත්‍රවල වර්ණයන් තවදුරටත් සුරක්‌ෂිතව තබා ගැනීමට අවශ්‍ය වන නිසාය. මේ කැටයම අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඡායාරූප ලබා ගැනීමට අවශ්‍ය යෑයි එම එතුමියට දැන්වූ අතර කැමරාවේ ක්‌ෂණික විදුලි බුබුළ දැල්වීමට ඇයගෙන් අවසර නොලැබිණ. කෙසේ වුවද විශේෂ අවසරයක්‌ මත කැමරා ආලෝකය සහිතව එක්‌ ඡායාරූපයක්‌ පමණක්‌ ගැනීමට අවසර ලැබිණි. මේ කැටයම සත්‍ය ලෙසම උසස්‌ හා අග්‍රගන්‍ය නිර්මාණයක්‌ බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි. මෙයට අමතරව එතුමා විසින් නෙළන ලද තවත් කැටයම් කිහිපයක්‌ ශ්‍රී ලංකාවේ ඇත. ඒවා නම් ප්ලයිස්‌ටොසීනයේ ජීවත්ව සිට වඳවී ගිය හස්‌තියෙකුගේ රුවක්‌, අප්‍රිකාවේ ජීවත්ව හිඳ වඳව ගිය හිපොපොටේමසෙකුගේ හිසක්‌, පොර කුකුළෙකු ආදිය වේ. ඒ කැටයම් ආචාර්ය සිරාන් දැරණියගල සතුව කුරුවිට එක්‌නැළිගොඩ වලව්වේ ඇත. පී.ඊ.පී. දැරණියගල මහතාගේ චිත්‍ර හා කැටයම් රැසක හිමිකරුව ඇත්තේ ආචාර්ය සිරාන් දැරණියගලය. ඔහු ඒ කෘති වසර ගණනාවක්‌ ඉතා සුරක්‌ෂිතව තබා ගැනීම පිළිබඳව අප ස්‌තූතිවන්ත විය යුතුය. 

ශ්‍රී ලංකාවේ පාෂාණිභූත අධ්‍යයනය ප්‍රථමයෙන්ම ආරම්භ කරන ලද්දේ පී.ඊ.පී. දැරණියගල මහතා විසිනි. ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ වූ තබ්බෝව, ආ`ඩිගම හා පල්ලම පිහිටි වසර මිලියන 100 ක්‌ පමණ පැරණි, ජුරාසික්‌ යුගයට අයත් පර්ණාංග ආදී ශාක ෆොසිලත්, යාපන අර්ධද්වීපයේ හා ගිනිකොනදිග ශ්‍රී ලංකාවේ වූ මිනිහා ගල් කන්දේ පිහිටි, වසර මිලියන 2505ත් අතර පිහිටි මයෝසීන යුගයට අයත් සත්ත්ව ෆොසිලත්, රත්නපුර කේන්ද්‍ර කොට ගත් ඒ ආශ්‍රිත කලාපයේ දියලු තැන්පතු අතරේ මැණික්‌ බොරැල්ලේ හමුවන වසර මිලියන 2 - වසර 10,000 කාලයට අයත් ප්ලයිස්‌ටොසීන අවධියේ ජීවත් වූ විශාල ක්‌ෂීරපායී සතුන්ගේ ෆොසිලත් එතුමාගේ පර්යේෂණ සඳහා බ`දුන් විය. මයෝසීන යුගයට අයත් සමුද්‍ර ෆොසිල අතර එකයිනොඩොමෙටාවන්, මොලුස්‌කාවන්, කකුළුවන් ආදී අපෘෂ්ඨවංශී සතුන්ද, කාටිලේජීය මසුන්, අස්‌ජික මසුන්, කැස්‌බෑවුන්, ඉබ්බන්, තල්මසුන්, ඩොල්ෆින් හා මුහුදු ඌරන් ආදි සතුන් ද සම්බන්ධව පිළිබඳව දැරණියගල පර්යේෂණ සිදුකොට ඇත. මේ පුරාණ සතුන් අතරින් නව විශේෂ කිහිපයක්‌ද නම් කිරීමට හෙතෙම සමත් විය. ඔහු ශාස්‌ත්‍රීය ලිපි බොහෝ ගණනක්‌ ලියා පළ කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්ලයිස්‌ටොසීන අවධියට අයත් විශාල ක්‌ෂීරපායී සතුන් පිළිබඳවය. ඉන්දියාවේ නර්මදා හා ෂිවාලික්‌ ෆොසිල තැන්පතුවලට සමීප ඥාතීත්වයක්‌ දක්‌වන ශ්‍රී ලංකාවේ ප්ලයිස්‌ටොසීන ෆොසිල නියෝජනය කරන සත්ත්ව කාණ්‌ඩයට 'රත්නපුර සත්ත්ව සන්තතිය' යනුවෙන් එතුමා විසින් නම් කෙරිණි. ශ්‍රී ලංකාවේ රත්නපුර සන්තතිය ප්‍රධාන වශයෙන් නියෝජනය කරනුයේ හස්‌තීන්, ක`ගවේනුන්, ගවරා, සිංහයා, හිපොපොටේමස්‌ ආදී විශාල ක්‌ෂීරපායින් මෙන්ම කිරි ඉබ්බන් සහ ගල් ඉබ්බන් ආදි උර`ගුන්ද වේ. මේ ෆොසිල පිළිබඳව 1940 දශකයේ සිටම එතුමා උනන්දුවෙන් තම පර්යේෂණ සිදුකළ බව ඔහුගේ ශාස්‌ත්‍රීය ලිපි අනුව සනාථ වේ. මැණික්‌ ගරන්නන් විසින් ඔහුට ලැබෙන්නට සැලැස්‌වූ මේ ෆොසිල ම`ගින් නෂ්ටප්‍රාප්ත වූ ජීවවිවිධත්වය පිළිබඳව ඉතා සිත්ගන්නාසුලු විද්‍යාත්මක කරුණු ගොඩනැංවීමට එතුමා උත්සුක විය. අවිස්‌සාවේල්ල හා රත්නපුරය අතර වූ සමතල ප්‍රදේශය ප්ලයිස්‌ටොසීනයේ විශාල වගුරක්‌ව පැවති බවත්, එහි හිපොපොටේමස්‌ ජීවත් වූ බවත් එම කලාපයෙන් සුලබව හමුවන හිපොපොටේමස්‌ ෆොසිල අනුව එතුමා දක්‌වා ඇත. දත්වල ප්‍රමාණයන් හා එහි රූපවිද්‍යාත්මක ලක්‌ෂණ අනුව ක`ගවේනුන් හෙවත් රයිනෝසිරස්‌ විශේෂ දෙකක්‌ අප රට ජීවත් වූ බව දැරණියගලගේ ෆොසිල අධ්‍යයන ම`ගින් සනාථ වී ඇත. ගවරා පිළිබඳව දීර්ඝ වශයෙන් පර්යේෂණ පැවැත් වූ හෙතෙම පවසනුයේ අදින් වසර 200 ක්‌ පමණ වන තෙක්‌ම උන් අප වනාන්තරවල විසූ බවයි. ගවර හිස්‌කබල් කොටස්‌, හකු, දත් ඇතුළු ශරීරයේ අනෙකුක්‌ කොටස්‌ මැණික්‌ පතල්වලින් හමුවූ අතර ඒ ගවර විශේෂය අප රටට ආවේණික බව එතුමාගේ මතය විය.


එතුමාගේ ප්ලයිස්‌ටොසීන සොයාගැනීම් අතර සිංහයෙකුට අයත් ෆොසිල වූ හක්‌කේ පිහිටි දතක්‌ හමුවීම මෙහි ලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. එවකට දකුණු ආසියානු කලාපයේ සිංහයින් පුළුල්ව වාසය කළ බව දැරණියගලගේ සොයාගැනීම් අනුව සනාථ වේ. වර්තමානයේ ආසියානු සිංහයන් ගුජරාටයේ ගිරි නැමැති වනයට පමණක්‌ සීමා වී ඇත.

දැරණියගල විසින් ප්ලයිස්‌ටොසීනයේ ජීවත් වූ, විද්‍යාත්මකව හෝමෝ සිංහලේයුස්‌ සහ හෝමෝ පිතෙකස්‌ සිංහලේයුස්‌ නමින් වූ මානව විශේෂ දෙකක්‌ පිළිබඳව විස්‌තර කොට ඇත. මීට අදාළ නළල් තල ප්‍රදේශයට අයත් හිස්‌ කබල් කොටසක්‌ සහ උඩු හණුවේ කෘන්තක දතක්‌ එතුමාට හමු වී ඇත. නූතන භෞතික මානව විද්‍යාව තුළ දැරණියගල විසින් කරුණු හෙළිකෙරුණු මේ මානව විශේෂ දෙක වලංගු නොවූවද හෝමොපිතෙකස්‌ සිංහලේයුස්‌ට අයත් කෘන්තක දත නැවත පරීක්‌ෂා කිරීම සුදුසු යෑයි සිතමි. මෙම දත ප්‍රමාණයෙන් ඉතා විශාල වන අතර පරිණාමීයව ප්‍රාථමික මානවයෙකුට අයත් යෑයි රූපවිද්‍යාත්මක ලක්‌ෂණ අනුව පැහැදිලි වේ. 

ප්ලයිස්‌ටොසීනයේ ජීවත් වූ එම සත්ත්ව සන්තතිය අනුව, වර්තමාන දේශගුණයට වඩා වෙනස්‌ දේශගුණික තත්ත්වයන් එවකට පැවති බව එතුමාගේ අධ්‍යයන ම`ගින් සනාථ වේ. ග්ලැසියර හා අන්තර් ග්ලැසියර අතර උස්‌ පහත් වූ මුහුදු මට්‌ටමත්, ඒ ඇසුරෙන් වෙරළබඩ තීරයේ රට තුළට වන්නට තැන්පත්ව ඇති බෙලි කටු නිධි පිළිබඳවත් තම ශාස්‌ත්‍රීය ලිපිවල විස්‌තර කොට ඇත. ප්ලයිස්‌ටොසීනයේ මුහුදු මට්‌ටම ඉහළ යැම නිසා රට තුළ තැන්පත් වූ බෙලි කටු නිධි පිළිබඳව එතුමා තම පර්යේෂණ දියත් කළ අතර අකුරළ පිහිටි සමුද්‍ර තැන්පතුව පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලදි. ප්ලයිස්‌ටොසීනයට අදාළව එතුමා විසින් අධ්‍යයනය කරන ලද ෆොසිල කොළඹ කෞතුකාගාරයේ ස්‌වාභාවික විද්‍යා අංශයේ මැදිරිවලත්, රත්නපුර කෞතුකාගාරයේත් ප්‍රදර්ශනයට තබා ඇත. එතුමා ජීවත්ව සිටි සමයේදී තම පර්යේෂණවලට භාජනය කළ සිංහ දත ඇතුළු තවත් සුවිශේෂී ෆොසිල එකතුවක්‌ ලන්ඩනයේ පිහිටි ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරයට පරිත්‍යාග කොට ඇති අතර එම එකතුව 1996 දී මා විසින් පර්යේෂණයට භාජනය කෙරිණි.

පී.ඊ.පී. දැරණියගල මහතාගේ සත්ත්වවිද්‍යාත්මක පර්යේෂණ ජීවිතය අතිශයින් වැදගත් වේ. සමුද්‍රජීවී විද්‍යාඥයෙක්‌ ලෙස කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ රාජකාරියට බැ`දුණු එතුමාගේ විශේෂ අවධානයක්‌ සමුද්‍ර හා මිරිදිය මසුන් කෙරෙහි යොමු විය. ගැඹුරු මුහුදේ වසන පොතු මාළුවා, තෙත් කලාපයේ වැසි වනාන්තර ආශ්‍රිතව දිය කඩිතිවල වසන මල් පුළුට්‌ටා, හල්මල් දණ්‌ඩියා, ජොන්ක්‌ලාස්‌ ඇහිරාවා ආදී නව විශේෂ නම් කිරීමත්, තවත් මත්ස්‍ය විශේෂවල උප විශේෂ තත්ත්වයන් පිළිබඳවද ඔහුගේ අවධානය යොමු විය. 

පෘෂ්ටවංශී සත්ත්ව කාණ්‌ඩ අතර එතුමා අඩුවෙන්ම පර්යේෂණවල නිරත වූයේ උභයජීවීන් පිළිබඳවය. හෙතෙම තෙත් සහ බුරුල් පසේ ජීවත්වන පාද රහිත උභයජීවී කාණ්‌ඩයක්‌ වන හිරිදණ්‌ඩන් පිළිබඳවත්, පාද කීපයක්‌ සහිත විකෘති තත්වයෙන් වූ උභයජීවීන් පිළිබඳවත් ශාස්‌ත්‍රීය ලිපි කිහිපයක්‌ පමණක්‌ ප්‍රකාශයට පත්කොට ඇත. දැරණියගල උර`ගයින් පිළිබඳව පර්යේෂණ සඳහා විශේෂ කැපවීමක්‌ කළ බව පැහැදිලිය. මේ අතරින් ලංකාවේ ජීවත් වන සර්පයින්ගේ උප විශේෂ තත්ත්වයන් සහ එම විශේෂ දකුණු ඉන්දියානු සතුන් සම`ග දක්‌වන සබඳතා පිළිබඳවත් පුළුල් ලෙස විමර්ශනය කොට ඇත. 

මේ අතරින් වැලි පොළ`ගා, දාර පිඹුරා, මුදු කරවලා සහ වැලි පිඹුරා ආදී තවත් සර්ප විශේෂ කිහිපයක්‌ එතුමාගේ විශේෂ අවධානයට යොමු විය. මීට අමතරව පොළොව තුළ ජීවත් වන පාංශු සර්ප විශේෂ කිහිපයක්‌ම එතුමා විසින් නව විශේෂ ලෙස නම් කරන ලදී. කටුසු විශේෂ අතර කරමල් බෝදිලියා, කුරු බෝදිලියා සහ අං කටුස්‌සන් ලංකාවේ උර`ග පරපුරේ මෙරට මුල්ම පදිංචිකරුවන් බවට එතුමා විසින් දක්‌වන ලද මත වර්තමාන පර්යේෂණ ප්‍රතිඵල ම`ගින්ද සනාථ වීම තුළින් දැරණියගලගේ සත්ත්ව විද්‍යා දැනුම මොනවට පැහැදිලි වේ. දැරණියගලගේ විශේෂ අවධානයට ලක්‌ වූ උර`ග කාණ්‌ඩ දෙකකි, කිඹුලන් සහ මිරිදිය ඉදිබුවන්. කිඹුලන්ගේ කැදලි තැනීම, බිත්තරවල විකසනය සහ හැසිරීම් රටා පිළිබඳවත් සමුද්‍ර කැස්‌බෑවුන්ගේ ඉහළ සහ පහළ ඵලකවල රූපවිද්‍යාත්මක ලක්‌ෂණ පිළිබඳවත් මැනවින් විස්‌තර කොට ඇත. වියළි කලාපයේ ගස්‌ කඳන් අතර ජීවත් වන දිවාසැරි හූනෙකු වන පොඩි හූනා ඇතුළු සිකනළුන්, කබරගොයින් හා තලගොයින් පිළිබඳවද තම අධ්‍යයනය පුළුල්ව සිදු කරන ලදී. 

පී.ඊ.පී. දැරණියගල ඉතිහාසය, භූ විද්‍යාව, පුරාවිද්‍යාව, පාෂාණිභූත විද්‍යාව, ඛණිජ පිළිබඳ විද්‍යාව, ජීව විද්‍යාව, සත්ත්ව විද්‍යාව, මානව විද්‍යාව, මානව වංශ විද්‍යාව ඇතුළු ක්‌ෂේත්‍ර ගණනාවකම ශාස්‌ත්‍රීය ලිපි පළ කොට ඇති, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උගතෙකි. ඔහුගේ ශාස්‌ත්‍රීය ලිපි බොහොමයක්‌ පළ වූයේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්aතුවේ 'ස්‌පෝලියා සිලැනිකා' ශාස්‌ත්‍රීය සංග්‍රහයේය. ඊට අමතරව රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රකාශයේද පළවිය. ලොව අග්‍රගන්‍ය ශාස්‌ත්‍රීය ප්‍රකාශයක්‌ වන භ්එමරු ස`ගරාවට තම ජීවිත කාලය තුළ ලිපි හතරක්‌ සපයමින් එතුමා තමා සතු බුද්ධියේ මහිම ලොවට කියා පා ඇත. වසර 1947 දී එතුමා අප්‍රිකාවේ පැවැත්වූ ගවේශනය සමස්‌ත ශ්‍රී ලංකාවටම ගෞරවයක්‌ ගෙන දුනි. ස්‌පෝලියා සෙලනිකා 25 වන වෙළුමට ඒ පිළිබඳව දීර්ඝ ලිපියක්‌ සපයමින් එහිදී අනාවරණය කරගත් නව සොයාගැනීම් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ඒ ගවේශනයේදී නව හිපොපොටේමස්‌ විශේෂ, මානව විශේෂ, හස්‌තීන්, ඉදිබුවන්, කිඹුලන් ඇතුළු මානව විද්‍යාත්මක තොරතුරු බොහොමයක්‌ අනාවරණය කර ගනිමින් ලොව රටවල් කිහිපයකින් ඒ කණ්‌ඩායම නියෝජනය කළ විද්වතුන් අතර එතුමා ප්‍රමුඛත්වයක්‌ හිමිකර ගත්තේය. 1945 දී එතුමාගේ දිවියේ විශේෂිත සොයාගැනීම් අතර අපගේ ආදීම මුතුන්මිත්තා හෙවත් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා නොඑසේ නම් 'බලංගොඩ මානවයා' පිළිබඳව අනාවරණය කිරීම අප රට ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ක්‌ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්‌ථානයක්‌ විය. එතුමා එම මානවයා නව උප විශේෂයක්‌ ලෙස නම් කළේය. එනම් 'හෝමෝ සේපියන් බලංගොඩෙන්සිස්‌' ලෙසය. මෙහි ප්‍රථම නිදර්ශකය එතුමා විසින් අනාවරණය කරන ලද්දේ රාවණා ඇල්ල ගුහාව තුළින්ය. 

ඉන් අනතුරුව 1958 දී ස්‌පෝලියා සෙලනිකා හි 28 වන වෙළුමට දිගු ශාස්‌ත්‍රීය ලිපියක්‌ ලියමින් බලංගොඩට ආසන්න වළවේ ගං ඉවුරේ බෙල්ලන්බැ`දි පැලැස්‌සෙන් බලංගොඩ මානවයාට අයත් තවත් මානව අවශේෂ සොයා ගන්නා ලදී. බලංගොඩ මානව අවශේෂ සමග එම මානවයා පරිහරණය කළ ශිලා මෙවලම්, සත්ත්ව අස්‌ජි මෙවලම්, දඩයමින් ඉතිරි අවශේෂ වූ සත්ත්ව අස්‌ජි සහ දත් ආදිය අනාවරණය කර ගැනීමට එතුමා සමත් විය. මේ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳව ස්‌විට්‌සර්ලන්ත ජාතික සරසින් සහ සරසින් යන දෙමස්‌සිනන්ට අමතරව සවිස්‌තරාත්මක විස්‌තරයක්‌ සැපයීමේ ගෞරවය පී.ඊ.පී. දැරණියගලට හිමි වේ. 

සිය හසල දැනුම සහ ශාස්‌ත්‍රීය ප්‍රකාශයන් නිසා ලොව බොහෝ ආයතනවලට එතුමා සම්බන්ධ කරගැනිණි. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ධුරය හොබවමින් රාජකීය ආසියාතික සංගමයේ සභාපති ධුරයේද, ඊට අමතරව ඇමෙරිකානු පෘෂ්ඨවංශී පාෂාණීභූත සංගමයේද, ඉන්දියානු සිස්‌ටමැටික්‌ සූලොජී සංගමයේද, ඉන්දියානු පැසිපික්‌ ධීවර කවුන්සිලයේද, ඉන්දියානු සත්ත්ව විද්‍යා ඇකඩමියේද, මිනිසා පිළිබඳ අධ්‍යයනයේ ඇමෙරිකානු පදනමේද, ලෝක ආහාර හා සෞඛ්‍ය සංගමයේද, ජාත්‍යන්තර ප්‍රාග් ඉතිහාසය පිsළිබඳ කොන්ග්‍රසයේද, ප්‍රාග් ඓතිහාසික විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සංගමයේද, යුනෙස්‌කෝ සංවිධානයේද ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක නිල තල ඉසිලීය. එතුමා වෙතින් විද්‍යා ක්‌ෂේත්‍රයට ඉටු වූ සේවයට ගෞරවයක්‌ වශයෙන් 1960 දී විෙද්‍යාaදය විශ්වවිද්‍යාලය ම`ගින් ගෞරව ආචාර්ය උපාධියක්‌ පීරිනැමිණි. 

එතුමාගේ පුතුන් සතර දෙනා අතරින් ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල පියාගේ අඩිපාරේ යමින් මෙරට ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවට අති විශාල සේවයක්‌ ඉටු කළේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරුවල වගකීම් ඉසිලු හෙතෙම 90 දශකයේදී එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල් තනතුරද ඉන් අනතුරුව එහි උපදේශක තනතුරද හෙබවීය. පසුගිය වසර 50 තුළ සමස්‌ත ශ්‍රී ලංකාව තුළම සිදුකළ ගවේශන හා කැණීම් අතර 'ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය' යන මැයෙන් ආචාර්ය නිබන්ධනය නිම කළ ආචාර්ය සිරාන් දැරණියගල 1992 දී එය ග්‍රන්ථයක්‌ වශයෙන් ප්‍රකාශයට පත් කළේය. එම ග්‍රන්ථය ශ්‍රී ලංකාව තුළ පමණක්‌ නොව සමස්‌ත දකුණු ආසියාවේම ප්‍රාග් ඉතිහාසය පිළිබඳව වූ මව් පොත ලෙස සැළකිය හැකිය. තම පියා කැණීම් කළ හා ගවේශනය කළ ස්‌ථානයන් නැවතත් පර්යේෂණයට භාජනය කරමින් නූතන කාලනීර්ණ ක්‍රමවේදයන්ට අනුව කාලනීර්ණය කරමින් නව මත සහ අදහස්‌ ඉදිරිපත් කළේය. ආචාර්ය සිරාන් දැරණියගලගේ සොයාගැනීම් අතරට බුන්දල වැලිකදු අතරින් හමු වූ වසර 1,25,000 ක්‌ පැරණි ශිලා මෙවලම් සහ වසර 37,000 ක්‌ පැරණි ස්‌ථරායනයක්‌ ඇති කුරුවිට බටදොඹලෙන විශේෂයෙන් සඳහන් කළ හැකිය. ආචාර්ය සිරාන් දැරණියගල කුඩා කළ සිටම ඔහුගේ පියා වූ පී.ඊ.පී. දැරණියගල සම`ග ගවේශන සහ කැණීම්වලට සහභාගී විය. ඒ තුළින් හෙතෙම පියාගේ ආදර්ශය සහ ම`ග පෙන්වීම නොඅඩුව ලද බවට සැකයක්‌ නැත.

පී.ඊ.පී. දැරණියගල මහතා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික අධ්‍යයනවල නව මාවතක්‌ විවෘත කළ අතර ආචාර්ය සිරාන් දැරණයගල එහි බොහෝ දුර ගමන් ගත්තේය. සිරාන් දැරණියගල මහතා තම සේවය හා අත්දැකීම් නොඅඩුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දෙමින් ප්‍රාග් ඓතිහාසික හා ප්‍රොටෝ ඓතිහාසික යන යුගයන් පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළේය. ඔහු ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‌ෂ ජනරාල්වරයෙකු වූ ආචාර්ය ඩබ්. විඡේපාල සහ වර්තමාන නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ආචාර්ය නිමල් පෙරේරා සමගින් අනුරාධපුර ඇතුල් නුවර හා වසර 40,000ක්‌ පැරණි බුලත්සිංහල පාහියන් ලෙන, දොරවක ලෙන, කෑගල්ල අළු ලෙන, පල්ලෙමලල, මිණීඇතිලිය ආදී ඉතා සංකීර්ණ වූ කැණීම් ගණනාවක්‌ම මෙහෙයවන ලදී. මීට අමතරව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණී අදිකාරි සීගිරිය අසල පොතාන, අලිගල සහ අලවල පොත් ගුල් ලෙන යන ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීම් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවට දායක විය. සමකයට ආසන්න රටක්‌ ලෙස ජීවවිවිධත්වයෙන් ඉතා ඉහළ රටක්‌ වූ ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය ගුහා කැණීම්ද ඉතා සංකීර්ණ වේ. ඉතා තුනී සංස්‌කෘතික ස්‌තර සහිත සංකීර්ණ ගුහා කැණීම්, කැණීම සහ නිවැරදිව දත්ත පෙළ ගැසීම පුරාවිද්‍යා ක්‌ෂේත්‍රය තුළ අතිශයින්ම සංකීර්ණ ක්‍රියාවලියකි. පී.ඊ.පී. දැරණියගල විසින් නව මාවතකට යොමු කරන ලද ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණ තව දුරටත් විද්‍යාත්මක ක්‍රමවේද මත සංයමයකින් යුතුව පවත්වාගෙන යාම පිළිබඳව අප ඔවුනට ස්‌තූතිවන්ත විය යුතුය. 

පී.ඊ.පී. දැරණියගල සහ සිරාන් දැරණියගල ඇතුළු ඉහත ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාඥයෝ ප්‍රාග් ඓතිහාසික ගුහා සහ එළිමහන් වාසස්‌ථාන සබැ`දිව නිවැරදිව සංස්‌කෘතික ස්‌ථර හ`දුනාගනිමින් කාලනීර්ණයන් සහ ඒ තුළින් ලද මානව අවශේෂ, සත්ත්ව අවශේෂ, ශිලා මෙවලම්, අස්‌ජි මෙවලම්, ප්‍රාග් මානව පළඳනා ආදි ද්‍රව්‍යයන් අර්ථකථනය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය නැවත ගොඩනැගීමට සුවිසල්ව දායක වූහ. ඔවුන් විද්‍යාත්මක පසුබිමක හිඳ එම විෂයට ගරු කරමින් සංයමයකින් එම කර්තව්‍ය තවදුරටත් ඉටු කරමින් සිටිති. පුරාවිද්‍යාඥයා තමා හදාරනු ලබන විෂය තුළ කැණීමෙන් මතුකර ගන්නා වස්‌තූන් සඳහා කාලනීර්ණයන් අතැතිව සාධාරණ අර්ථකථනයන් දිය යුතුය. එසේ නොවුවහොත් හෙතෙම දවල් සිහින දකිමින්, නොමැති දත්ත මවමින්, විකෘති ඉතිහාසයක්‌ ජනතාව ඉදිරියේ තබනු ඇත. දැරණියගල පිය පුතු දෙපළද, ඉහත කී සෙසු ප්‍රාග් ඓතිහාසික විද්වතුන්ද ඉදිරිපත් කරනු ලබන සාධක ජාත්‍යන්තරය පිළිගන්නා විනිවිදභාවයකින් යුක්‌ත ඒවා වේ. පී.ඊ.පී. දැරණියගල තරුණ පුරාවිද්‍යාඥයන්ට දෙන ආදර්ශය වනුයේ හික්‌මීමෙන් සහ සාධාරණ ලෙස විෂයානුබද්ධ විය යුතු බව නොවේද.


Sunday, June 7, 2015

කේලම් සහ පෙරීම.....




      සොක්‍රටීස්ට කේලම් කීම                                                                 

දිනක් සොක්‍රටීස් ට මුන ගැසුණු අසල්වැසියෙක් ඔහුට කිව්වලු

 " ඔබ දන්නවද මං ඔබගේ හොඳම මිතුරා ගැන දැනගත් දේ .. "


 , මෙහෙම කියල ඔහු ලොකු කතාවක් ආරම්භ කරන්න සැරසුනාලු.


" හෝව් හෝව්, ඔබගේ කතාව පෙරනයන් තුනකින් පෙරා මම අසන්නම් " සොක්‍රටීස් ඉක්මනින් කිව්ව ලු.




"පෙරනයන් තුනක් .. " අසල්වැසියා ටිකක් අප්‍රසන්නව පැවසුවාලු.


සොක්‍රටීස් " ඔව්. පළමු පෙරනය, සත්‍යක් ද ? , ඔබ මගේ මිතුරා ගැන ඔය පැවසීමට සූදානම් වන දෙය සත්‍යක් ම බව ඔබ හොඳින්ම දන්නවාද ? "

"ම්.. ම්.., නෑ, එය මා හට යමෙකු කී දෙයක් පමණයි." අසල්වැසියා පිළිතුරු දුන්නලු.

" හොඳයි , දෙවන පෙරනය, ඔබ ඔය මගේ මිතුරා ගැන කියන්න හදන දෙය යහපත් දෙයක් ද ? " සොක්‍රටීස් ඇසුවාලු.

"ම්.. ම්.., නෑ, එය නම් ඔහු ගැන යහපත් පුවතක් නෙමෙයි.." අසල්වැසියා පිළිතුරු දුන්නලු.

සොක්‍රටීස් පැවසුවාලු " හ්ම්ම්.. ඔබට තවත් එක අවස්ථාවක් තිබෙනව. අවසාන පෙරනය, ඔබ මාගේ මිතුරා ගැන පවසන දෙයින් මා හට යම් ප්‍රයෝජනයක් සිද්ධ වේද ? "

"ම්.. ම්.., නෑ, එය නිකම්ම ඔබගේ මිතුරා ගැන ආරංචියක් පමණයි..." අසල්වැසියා පිළිතුරු දුන්නලු.

සොක්‍රටීස් කිව්වලු. "හොඳයි, ඔබ ඔය පවසන්නට යන දෙය සත්‍යක් ද නොවේ, යහපත් දෙයක් ද නොවේ, මා හට ද කිසිඳු ප්‍රයෝජනයක් නොමැත. ඉතින් මම ඔබේ කතාව අසන්නේ ඇයි. ?? "

උපුටා ගන්නා ලද්දේ පල්ලියෙ කතා බ්ලොග් අඩවියෙනි....

Tuesday, March 3, 2015

නිවී ගිය මිණි පහන

කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙක්වූද, කීර්තිමත් පුරාවිද්‍යාඥයෙක්වූද, මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා අභාවප්‍රාප්ත විය.
ඒ මහතා එංගලන්තයේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලැබූ අතර, ඔක්ස්පර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියද, ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක්ද ලබා ඇත.
1975 වර්ෂයේ සිට කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු කළ ඒ මහතා එම විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානවරයා වශයෙන්ද, උපකුලපතිවරයා වශයෙන්ද, කටයුතු කර 2002 වර්ෂයේදී විශ්‍රාම ලැබීය.
මහාචාර්ය බණ්ඩාරනායක මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය සහ දඹුලු ව්‍යාපෘතිවල පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ අතර, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද විය. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂකවරයා වූයේද ඒමහතාය.
මහාචාර්ය බණ්ඩාරනායක මහතා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති පදවියද, යුනෙස්කෝවේ ශ්‍රී ලංකා නියෝජිත තනතුරද, ඉන්දියාව සහ භූතානයේ මහකොමසාරිස් තනතුරද හෙබවීය.
මහාචාර්යවරයා ශාස්ත්‍රීය ග්‍රන්ථ සහ ලිපි රැසක කර්තෘවරයෙක් වූ අතර, පුරාවිද්‍යාව පිළිබඳ විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක ගුරුවරයෙක්ද විය.

උපුටා ගැනීම........ 
අද පුවත් පතින්



මහාචාර්ය සේනක බණ්ඩාරනායක පිළිබඳ ඇතුළත් ලිපි හා පුවත්........
පහත ලින්ක් වලින් ලබා ගත හැකිය..........































Thursday, February 26, 2015

කාන්තාවන් සඳහා පමණයි..........



ලොව විසීරි පවත්නා විවිධ මැහුම් සම්ප්‍රදායන් හා විවිධ නිර්මාණ එකිනෙකා අතර බෙදා ගැනීමයි මෙහි මූලික අරමුණ. මනසට ඔසුවක් වන් මේ නිර්මාණ තුළින් කාන්තාවන්ගෙ මනස නිරවුල් කිරීමට විශාල තෝතැන්නක් වේවා යන්න මගේ පැතුමයි...!

ඔබේ මෑණියන්, නැගණිය, මිතුරිය, පෙම්වතිය, බිරිඳ ආදි සියලු දෙනාට මේ සඳහා දොරටු විවර වී තිබේ. ඉතිං මැහුම් ගෙතුම් අත්කම් නිර්මාණ වලට හිතැති අපේ හිතවන්තියන්ටයි මේ ඇරයුම..........!

මේ පිළිබඳ ඔබේ හිතවතුන් දැනුවත් කරන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි............

පහත ලින්ක් එකෙන් ඒ සඳහා ඇරයුමක් එවිය හැකිය........




Saturday, December 20, 2014

රාත්‍රිය හරි දිගුයි..........



උදා හිරු රැස් හෙමිං
කොහේ සැඟවුණිද දැං
රාත්‍රිය හරි දිගුයි
ගෙවෙන්නෙම නැති හැඩයි

මේ විසල් කතරබිම
හිඳිමි මං මග බලං
දින දසුනෙ පිටු අතර
නැවත එන දිනය තෙක්

නාස් පුඩු ඉව කරයි
ඔබෙ සුවඳ රැඳුණු තැන්
නිදන්නට බැරි හැඩයි
දෙනෙත් මගෙ හරි බරයි

                                                               රුක්ෂිලා වෙත්තමුණි

Monday, October 6, 2014

උරුමය........


.
.
.

  හිරු ගියත් අවරටම
  සඳ නැගෙයි එළිය දී
  නුඹ ගියත් දුර ඈත 
  ඔබේ සිහින මටම දී 


   - රුක්ෂිලා වෙත්තමුණි -   

Tuesday, August 19, 2014

ආවර්ජනය



එළිය ඇති
හැම මොහොතකම
අඳුරෙ
ගුලිවෙන්න
හීන දකින
අතීතය



                    රුක්ෂිලා වෙත්තමුණි


සිතුවම - මොටාගෙදර වනිගරත්න (අන්තර්ජාලයෙනි)

Thursday, August 14, 2014

රජීව් ගාන්ධි ගුවනින් පරිප්පු දමද්දි ජවිපෙ ගුවන් කඳවුරු ආක්‍රමණය කරයි ( ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්ධනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා)

උතුරේ වඩමාරච්චි ප්‍රදේශය කොටින්ගෙන් මුදා ගැනීම සදහා විමුක්ති මෙහෙයුම 1987 මැද භාගයේදී ආරම්භ කොට සාර්ථක ලෙස ඉදිරියට යමින් පැවතිණි. ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න සහ ජෙරී ද සිල්වා යන යුධ හමුදා අණ දෙන නිළධාරින්ගේ දායකත්වයෙන් ඇරඹුණ වඩමාරච්චි සටනට නවීනතම අවි ආයුධ වලින් සන්නද්ධ යුධ හමුදා සෙබළු 4,300ක් එක්ව සිටියහ.

මෙම හමුදා මෙහෙයුමට දේශපාලන නායකත්වය ලබාදුන්නේ ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලිය. වඩමාරච්චි ප්‍රදේශය සම්පුර්ණයෙන්ම කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට සමත්වූ මෙම විමුක්ති මෙහෙයුම නොහොත් ඔබරේෂන් ලිබරේෂන් 1987 ජූනි 03වැනිදා ජයග්‍රාහීව නිමාකිරීමට හමුදාවන්ට හැකිවිය.

වඩමාරචිචි මෙයෙයුම අතරතුරදී 1987 මැයි 28වැනිදා අගමැති රජීව් ගාන්ධි හමුවූ තමිල්නාඩු මහ ඇමති එම්.ජී. රාමචන්ද්‍රන් ශ්‍රී ලංකා රජයේ හමුදා මෙහෙයුම් නිසා උතුරේ ජනයා මියයන බවද ඉන්ධන සහ ඖෂධ නොමැතිව මහත් පීඩාවට පත්ව සිටින බවද කියා සිටියේය. එබැවින් ශ්‍රී ලංකා රජයට විරුද්ධව ඉන්දීය රජය වහ වහා පියවරක් ගත යුතු බවට එහිදී බලකර සිටියහ. තමිල්නාඩුවේ සහනාධාර රැගත් බෝට්ටු ශ්‍රී ලංකාවට යැවීමට ඉන්දීය අගමැතිවරයා ගෙන් අවසරද ලබාගත්තේය.

මේ අතර 1987 ජුනි 2වැනිදා රාත්‍රී සමස්ත ඉන්දීය ගුවන් විදුලිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමිල්නාඩු රජය ශී්‍ර ලංකාවේ උතුරේ දෙමල ජනයා සදහා සහල්, ධාන්‍ය, පිටිකිරි, ටින් කෑම සහ ඖෂධ රැගත් බෝට්ටු 25ක් එවීමට කටයුතු කරගෙන යන බවය. එම බෝට්ටුවල නිරීක්ෂකයින් ලෙස දේශීය සහ විදේශීය මාධ්‍යවේදීන්ද රතු කුරුස නියෝජිතයින් ඇතුළු 94 දෙනෙක්ද එවන බවද එහි වැඩිදුරටත් සදහන් විය.

මේ පිළිබදව ශ්‍රී ලංකා රජයේ, විපක්ෂයේ සහ ජනතාවගේ සියළු විරෝධයන් තොතකා රාමේෂ්වරම් තොටුපොලේ සිට පැමිණි ඉන්දීය බෝට්ටු 19ක් ජූනි මස 03වැනදා පස්වරු 6.00ට උතුරේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් විය. උතුරු නාවික ආඥාපති අද්මිරාල් මොහාන් සමරසේකර උපදෙස් පරිදි එඩිතර නැවේ සිට නාවික භටයෝ මුහුදේ නැවක සිට එම බෝට්ටු ඉදිරියට ඒම නවතනු ලැබීය. එඩිතර නැවේ අණදෙන නිලධාරි වූයේ කපිතාන් සුරාජ් මුණසිංහය. ඇමති ලලිත් ඇතුළත්මුදලි සහ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති සිරිල් රණතුංග එම මෙහෙයුමට රේඩියෝ පණිවිඩ මගින් නායකත්වය ලබාදුණි.








උතුරට යැවීමට සූදානම් කළ බෝට්ටුවලට සහනාධාර පටවන තමිල්නාඩු ධීවරයින්







පැය තුන හමාරක් කාලයක් මුහුදේ නතර වී සිටි ඉන්දීය බෝට්ටු රාත්‍රී 9.30ට යළි ආපසු ගියහ. කොළඹ පදිංචි ඉන්දීය ජාතිකයින්ට නිවෙස්වලින් ඉවත්ව හෝටල්වල නතර වන ලෙසට ජුනි 03 සහ 04 දිනයන්හිදී ඉන්දිය තානාපති කාර්යාලය නිවේදනය කළේය. ඉන්දියාව අනතුරුව ජුනි 04වැනිදා පස්වරු 3.15ට ගුවනින් ශ්‍රී ලංකාවට ආධාර හෙළුවේ බෝට්ටුවලට පැමිණීමට නොදීමට එකට එක කිරීමක් වශයෙනි. මෙය ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් බර්නාඩ් තිලකරත්නට පවා දැනුම් දුන්නේ පස්වරු 2.30ටය.



සහනාධාර මෙ‍හෙයුමට එක්වූ බෝට්ටු උතුරට පැමිණෙමින් තිබූ අයුරු

ජනාධිපති ජයවර්ධන යුද, නාවික සහ ගුවන් හමුදා ප්‍රධානීන් කැදවා කියා සිටියේ ඉන්දියාව ගුවනින් යාපනයට භාණ්ඩ හෙළා දැමීමට පැමිණීම සම්බන්ධයෙන් කිසිදු හමුදාමය කි්‍රයාමාර්ගයක් නොගන්නා ලෙසය. බැංගලෝරයේ පිහිටි යෙලන්කා හුමුදා ගුවන් තොටුපොළින් ඒ.එන් 32 වර්ගයේ් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා පහක් ටොන් 25ක්ද රැගෙන ගුවනින් භාණ්ඩ හෙලීමට ඉන්දියාව කටයුතු කළේය. ඉන්දියාවේ මිග් ප්‍රහාරක යානා හතරක් මගින් එම සහනාධාර ඛෙදාදීමට ආරක්ෂාව ලබාදෙමින් ඉදිරියෙන් පියාසර කළේය. මෙම මෙහෙයුම හැදින්වූයේ ඔබරේෂන් පුමාලෙයි නමිනි.

යාපන අර්ධද්වීපයේ ඉහළ අහසේ සිට යානා මගින් පැරෂුට් වල සවිකල භාණ්ඩ පෙට්ටි ගුවනේ සිට මුදාහරින ලදී. පස්වරු 5.30ට භාණ්ඩ හෙලීමේ මෙහෙයුම නිමවිය. එක් භාණ්ඩ ප්‍රවාහනය කල යානාවක මෙය නිරීක්ෂණයට ඉන්දීය මාධ්‍යවේදීන් 17ක්ද රොයිටර්, බීබීසි, ඒ.එෆ්.පී ඇතුළු විදේශ මාධ්‍ය සේවාවන්හි වාර්තාකරුවන් 18ක්ද ගමන් ගත්හ. ශී්‍ර ලංකාවේ ෙසෙවරීභාවය උල්ලංඝනය කල මෙම මෙහෙයුමට එරෙහිව ශ්‍රී ලංකිකයින්ගේ දැඩි අප්‍රසාදයට මෙන්ම ප්‍රබල විරෝධයටද හේතු විය.







ගුවනින් සහනාධාර ගෙනා ගුවන් යානයක්







මෙම කාලයේ ශ්‍රී ලංකාවේ සිදුවන සිදුවීම් මාලාව වාර්තා කිරීමට විදේශ මාධ්‍යයන් බොහෝ උත්සුක විය. රොයිටර් වාර්තාකරු ඩෝල්ටන් ද සිල්වාට අමතරව ඇන්ඩෘ ටානොවිස්කි ශී්‍ර ලංකාවේ සිට කියාසිටියේ ෙජ්. ආර්. මරමු යැයි රට පුරා සටන් පාඨ ලියා ඇති බවද ප්‍රසිද්ධ වේදිකාවලදී ජනතාව විසින් ලඟදිම ජනාධිපති ජයවර්ධනට ගල්ගසා පන්නා දැමීමට සූදානම්බව කියන බවය.

අනතුරුව ජුනි 17වැනිදා අගමැති රජිව් ගාන්ධි සහ ඉන්දීය විදේශ අමාත්‍ය නත්වාර් සිං නවදිල්ලියේදී හමුවූ විදේශ ඇමති ඒ.සී.එස් හමීඩ් යම් එකඟත්වයක් ඇතිකර ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකාව නොඉල්ලාම ඉන්දියාව ආහාර සහ ඖෂධ ටොන් 681ක තොගයක් ඉන්දියාවේ අයිලන්ඩ් ෆයිඩ් නෞකාවෙන් කන්කසස්තුරේ වරායට ජුනි 22වැනිදා එවන ලදී. මේවා උතුරේ සමූපකාර මගින් ඛෙදාදීමට රජය පියවර ගත්තේය.

යාපනය අල්ලා ගැනිමේ ආරක්ෂක හමුදා මෙහෙයුම ජුනි මස මැදදී ආරම්භ වීමට තිබූ අතර රජය මගින් එය නතර කිරීමට හේතු වූයේ මෙම ගුවනින් ආහාර හෙලීමේ සිද්ධියයි. එම තීරණය ජනාධිපති ජයවර්ධන ජාතික ආරක්ෂක ඇමති ඇතුළත්මුදලිට දැනුම් දුන්නේය. උතුරේ යුධ මෙහෙයුම් නතර විය. ඇමති ඇතුලත්මුදලි විසිවී ඇමති ගාමිණී දිසානායක කරලියට පැමිණියේය.

උතුරේ සන්නද්ධ කි්‍රයාකාරිත්වයේ වර්ධනය හමුවේ පමණක් නොව එයට පෙර 60 දශකයේ අවසාන භාගයේ සිට ඉන්දීයානු ආක්‍රමණයක් පිලිබදව නිශ්චිතව පෙර සිටම දැකිමට ජනතා විමුක්ති පෙරමුණ සමත්ව තිබිණි. එබැවින් ඉන්දියාව ගුවනින් ලංකාව ආක්‍රමණය කිරීම තුළින් ජනතාව ජවිපෙ දෙසට ආකර්ෂණය වෙමින් තිබිණි.
ඉන්දියානු ආක්‍රමණයක් පිළිබදව ජවිපෙ මගින් 1986 අග භාගයේ සිට ජාතික මට්ටමේ පුළුල් උද්ඝෝෂණයක්ද දියත්කර තිබිණි. ජවිපෙ සටන්පාඨ අතර එකල

 "ජේ. ආර් වියරුවෙන් - ජනතාව සීරුවෙන් "
"ශ්‍රී ලංකාව ඉන්දියාවේ 26 වැනි ප්‍රාන්තයක් බවට පත්කිරීමට ඉඩ නොදෙමු"
"ජේ. ආර් මරමු" 
ඉන් කිහිපයකි. ජවිපෙ මගින් 1986දී පණගන්වන ලද දේශප්‍රේමි අරගලය මූලික වශයෙන්ම ඉන්දියානු මැදිහත්වීමට එරෙහිව ආණ්ඩු විරෝධී ස්වරූපයක් ගනු ලැබීය.
ගුවනින් බලහත්කාරයෙන් පරිප්පු දමන විට එයට එරෙහිව ති්‍රවිධ හමුදාවට ඒ සදහා බලය පාවිචිච් කිරීමට හෝ විකල්ප කි්‍රයාමාර්ගයක් ගැනීමට ජනාධිපති ජයවර්ධන ඉඩ නොදුන්නේය. සන්නද්ධව එයට ප්‍රතිචාර දැක්වීමට විෂය මූල අවශ්‍යතාවයක් වහා වහා අවශ්‍යව ඇතැයි ජවිපෙ රටටම කියා සිටියේය. එවැනි දේශප්‍රේමි අරගලයකට සහාය වන්නයැයි ඔවුහු ඉල්ලා සිටියේය. දේශප්‍රේමී ජනතා ව්‍යාපරයේ සන්නද්ධ කි්‍රයාමාර්ග උත්සන්නකර ගැනීමට එය කදිම අවස්ථාවක්ද විය.
නීති විරෝධී, දේශදෝහී එජාප ආණ්ඩුවටත්, සන්නද්ධ දෙමල ඛෙදුම්වාදයටත්, ඉන්දියානු ආක්‍රමණයටත් එරෙහිව සටන් කලහැකි එකම බලවේගය තමන් බව ජවිපෙ සන්නද්ධ හස්තය වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය කියා සිටියේය. ඒ අනුව ඉන්දියාව ගුවනින් පරිප්පු දමා දින තුනකට පසු එනම් 1987 ජුනි 07 වැනිදා දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය කටුනායක ගුවන් හමුදා කඳවුරට සහ රත්මලානේ ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට කඩා පැන ප්‍රහාරයන් දෙකක් දියත් කරන ලදී. ආරක්ෂ හමුදාවන්ට එල්ල කරන ලද මෙම ප්‍රහාරයන් මුළු රටටම අදහා ගත නොහැකි විය.
කටුනායක ගුවන් හමුදා සහ රත්මලාන කොතලාවල පීඨයේ ප්‍රහාරයන් සැලසුම් කලේ මෙන්ඩිස් මහත්තයාය. ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකි. ඔහු ගනේමුල්ලේ පදිංචි කරුවෙකි. නමින් සෙල්ලප්පෙරුම සමන් පි්‍රයසිරි ප්‍රනාන්දුය. නැතහොත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ප්‍රධානියාවන කීර්ති විජයබාහුය. ජවිපෙ සන්නද්ධ අංශයේ වගකීම් දැරුවේ ඔහුය.

එම ප්‍රහාරයන් මෙහෙයවන ලද්දේ සිරිපාල සහ ෂෙල්ටන් රාජපක්ෂය. ගුවන් හමුදා කාර්මිකයෙකු වූ සිරිපාල කොටුගොඩවත්තේ පදිංචි කරුවෙකි. ෂෙල්ටන් රාජපක්ෂ යනු රාගම සෝමේය. ගම්පහ කොස්වාඩියේ පදිංචිකරුවෙකි. දෙදෙනාම සැකපිට ප්‍රශ්න කිරීමට කලින් අත්අඩංගුවට ගත්තද ඉන් මිදී පලාගොස් තිබිණි. සීදුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිස්ස කුඩාහෙට්ටිට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්ද මොවුන් අවශ්‍යව සිටියෝය.
කටුනායක ගුවන් හමුදා මූලස්ථානයට පහරදුන් කණ්ඩායම ප්‍රථමයෙන් 1987 ජුනි 04වැනිදා පස්වරු 5ට හමුවූයේ මීගමුවේ සිරගෙදර ලඟ තිඛෙන පිට්ටනියටය. කණ්ඩායම් හතරක් වශයෙන් ඔවුන් ගෙන්වා තිබිණි. සවස 7.30ට වෑන් රථයක නැඟ මීගමුවේ නිවසකට ඔවුන් කැදවා ගෙන එන ලදි. එහි වූයේ 31 දෙනෙකි. මෙන්ඩිස් මහත්තයා පැමිණ රටේ දේශපාලන තත්ත්වය සහ යෝජිත පළාත් සභා ගැනද විග්‍රහ කළේය. ඉන්දීයාව ඊයේ අහසින් පරිප්පු දැමූ බවද අද හෙටම රට ගොඩබිමින් ආක්‍රමණය කරන බවද එයට එරෙහිව නායකත්වය දීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය තීරණය කර ඇතැයිද අවධාරණය කළේය.
පසුදින එනම් ජුනි 05වැනිදාද ඔවුන් එම නිවසේම රැදී සිටියේය. ජුනි 06 වැනිදා රාතී්‍ර 10ට ඔවුන්ට මෙන්ඩිස් මහත්තයා කියා සිටියේ කටුනායක ගුවන් හමුදා කඳවුරට පහරදී ආයුධ ලබාගත යුතු බවය. ඉන්දීය ආක්‍රමණයට එරෙහිව එම ආයුධ අවශ්‍ය බවය. අතින් අදින ලද කඳවුරේ සිතියමක් පෙන්වා කඳවුරට පහර දෙන ආකාරය විග්‍රහ කර සියළු අයට වගකීම් පවරන ලදී. සියළු දෙනාම ලොරියක නංවාගෙන කටුනායක කඳවුරේ පිටුපස අතුරු පාරක ලොරිය නවතා සියළු දෙනාම බස්සවන ලදී.
හමුදා කඳවුරේ වැටෙන් ඇතුළුවී වැඩ භාරගත් අයුරින් විවිධ කාර්යයන් ඔවුන් නිරත විය. නිළධාරින් යටත් කරගෙන බැඳ දමා පැහැරගත් ජීප් රථ වලින් ආයුධ පිටතට ගෙන එන ලදී. ඇතමෙකු මීගමු පාරට පැමිණ කොළඹ ආවේ පාන්දර 4.00 බස් රථයෙනි. කැරලි කරුවන් තිදෙනෙකු මියගොස් තිබිණි. පලායෑමට නොහැකිවූ තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. එක් ගුවන් සෙබලෙකු මිය ගොස් තිබිණි.
මියගිය කැරලිකරුවන් තිදෙනා අතර රාගම සුමිත්, දේශප්‍රේමි ශිෂ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සභාපති ජ~පුර සරසවියේ කාරියප්පෙරුම අතුකෝරලගේ රනිල් නොහොත් රනිල් රෝයල්ද විය. ප්‍රහාරයට පැමිණි කණ්ඩායමට ෂෙල්ටන් රාජපක්ෂ, නිමල් ජයරත්න, සුනිල් ප්‍රේමචන්ද්‍ර, අහම්පොඩි පියදාස, පුෂ්පමාලි රණසිංහ, උපාලි, කේ.ඒ.පී නිමලරත්න, මහින්ද, එන්.එම්. ශි්‍රයානන්ද, කේ විජිත කරුණාරත්න යන අයද එක්වී සිටියහ.





කටුනායක ප්‍රහාරයට සහභාගිවී මෝටර් රථයකින් පලායෑමට කළ උත්සාහයේදී වෙඩි වැදී මරණයට පත්වූ දේශප්‍රේමි ශිෂ්‍ය ව්‍යාචාරයේ ආරම්භක සභාපති රනිල් රෝයල්(ඉහළ ඡායාරූපයේ) සහ ප්‍රහාරය මෙහෙයවූ නායකයින් වමේ සිට( ප්‍රධාන සැලසුම්කරු වූ සමන් පියසිරි නොහොත් මෙන්ඩිස් මහත්තයා, ෂෙල්ටන් රාජපක්ෂ නොහොත් රාගම සෝමේ, ගුවන් හමුදා කාර්මිකයෙකු වූ සිරිපාල)


කටුනායක සහ කොතලාවල ආරක්ෂක පීඨයට පහරදී ආයුධ පැහැර ගැනීම සම්බන්ධයෙන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ජුනි 07වැනිදා නිවේදනයක් නිකුත් කරමින් වගකීම භාර ගත්තේය. ආයුධ තිබිය යුත්තේ නියම දේශප්‍රේමින් අතේ බැවින් ඉන්දීය ආක්‍රමනිකයා හමුවේ මුළු ගැන්වූ මව්බිමේ ආරක්ෂාවට නොයෙදූ ගුවන් ප්‍රහාරක අවි ලබාගත් බවද එහි සදහන් විය. මෙහිදී ටී. 56 ප්‍රහාරක රයිෆල් 14ක්, උප යාන්ත්‍රික තුවක්කු 53ක්, සැහැල්ලූ යාන්තී්‍රක තුවක්කු 02, පිස්තෝල 06ක් වෙඩි උණ්ඩ 3,300ක් පැහැරගත් බව කියති. ආණ්ඩු විරෝධී සහ ඉන්දීය විරෝධී බොහෝ කොටස් අතර ජවිපෙ ජනපී්‍රයතාවයට මෙය ඛෙහෙවින් ආකර්ෂණීය තත්ත්වයක් උදා කළේය.

මේ අතර තුළ රෝ සංවිධානයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජ්‍යෙතින්ද්‍රනාත් ඩික්සිට්, හින්දු පුවත්පතේ සම කර්තෘ එන්. රාම් සහ ඇමති ගාමිණී දිසානායක අතර ඉන්දු ලංකා ගිවිසුමක් ඇතිකර ගැනීමට පිඹුරුපත් සැකසෙමින් පැවතිණි. එයට ජනාධිපති ජයවර්ධනගේද ආශිර්වාදය නොඅඩුව ලැබිණි


ධර්මන් වික්‍රමරත්න විසින් ලියන ලද ඉරිදා රිවිර පුවත්පතේ 2014 අගෝස්තු 10 ඉරිදා පලවූ ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්ධනය කල 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා - 07 

Thursday, August 7, 2014

ආදරය.........

සඳට පෙම් බැන්දාට
හිරු තරහ වුණේ නෑ
තරු එළියට ලෝබ වී
අයිතිකර ගත්තෙ නෑ

රිදීවන් රේඛාව අහස් කුස සිඹිනවිට
මේඝ දූතයන්විත් ගෝරනාඩු කෙරුවාට
කළුවර දෙනෙත් හිමි නිශා කුමරී ළඟට
දිව ගිහින් හිමි සඳුනි ඔබේ රැස් දුන්නාට

සඳ එළිය රෑ පුරා විහිදුවා හතිලන්න
අඳුර ඇති හැම තැනම එළිය පතුරාලන්න
සොමි ගුණය උතුරුවා හදින් හද සනසන්න
ඔබ නොවෙද හිමි මගේ  සදා ළංවී සිටින

                                     රුක්ෂිලා වෙත්තමුණි



සිතුවම - ජයසිරි සේමගේ (අන්තර්ජාලයෙනි)