ඇමුණුම්
- ආස්වාදය ලත් පොතක වත (4)
- ඉතිහාසය හා පුරාවිද්‍යාව (4)
- එහෙන් මෙහෙන් (26)
- කවි වගේ කවි (49)
- ජීවිතේ ලස්සන දවස් (1)
- පොතක් කියවා දැනුණු දේ........ (1)
- මං පත්තරේට ලිව්ව දෑ (19)
- මා ගත් සේයා රූ (18)
- මා ලියූ කෙටිකතා (2)
Thursday, December 6, 2012
මවු නැති දා
හ්ම් මලේ සුවඳ
මේක මගෙ අම්මාට
අම්මගෙ සුවඳ
මේ වගේම වෙන්න ඇති
කඩා ගත්තාට වැඩක් නැහැනෙ
මගෙ ආදරෙත් එක්ක
මේ මල පරවෙනවනෙ
හරියට මගෙ ජීවිතය වගෙ
අනෙ මගෙ අම්මේ
ලෝකයේ කොහේ හරි ඉදලා
මගෙ තුරුලට එන්න
අම්මගෙ උණුසුම මොන වගෙද කියලා
මට කියන්න තේරෙන්නෙ නැහැ
මේක මගෙ අම්මාට
අම්මගෙ සුවඳ
මේ වගේම වෙන්න ඇති
කඩා ගත්තාට වැඩක් නැහැනෙ
මගෙ ආදරෙත් එක්ක
මේ මල පරවෙනවනෙ
හරියට මගෙ ජීවිතය වගෙ
අනෙ මගෙ අම්මේ
ලෝකයේ කොහේ හරි ඉදලා
මගෙ තුරුලට එන්න
අම්මගෙ උණුසුම මොන වගෙද කියලා
මට කියන්න තේරෙන්නෙ නැහැ
Wednesday, December 5, 2012
Friday, August 10, 2012
අරගලය
වැරෙන් හති හලමින්
දෙපයට ගොදුරු වූ
බයිසිකල් පැඩලය
වේගයෙන් කැරකෙත්ම
ජීවන අරගලයේ රෝදය
හදවතේ ලබ් ඩබ් ශබ්දය පරයා
සීරුවෙන් ඉරිදියට ඇදෙන සඳ.....
සරුව පිත්තල සංගීත රාවය
පරිසරයේ නිහඬ බව බිඳගෙන
ඔච්චම් කරමින් මා පසුකරත්ම
කෙළි පොඩිත්තිගේ කුස ගින්දරින්
මගේ මුළු සර්වාංගයම
දැවී අළු විය මොහොතකට..............
(බුද්ධදාස ගලප්පත්ති සොයුරාගේ
"හෙට නැවත එයි" පොතේ
'දවසක් නිමාවෙයි' කතාවට ලියවුණු මගේ හදට දැනුණු සිතුවිල්ල...............)
Wednesday, August 1, 2012
බහරේන් සිට.....
අලුයම හතරටයි ඉර මල පිපෙන්නේ
සැවුල් නාදෙ නැත සවනත වැකෙන්නේ
ගහ කොළ නොවෙයි බිල්ඩින්මයි පෙනෙන්නේ
සැවුල් නාදෙ නැත සවනත වැකෙන්නේ
ගහ කොළ නොවෙයි බිල්ඩින්මයි පෙනෙන්නේ
රෑන් පිටින් විහඟුන් නැත දකින්නේ
ගිනියම් සුළඟවිත් සිරුරම දවන්නේ
දූවිලි පිරුණු කණ අහසයි පෙනෙන්නේ
නිල්වන් ගුවන කවදා නම් දකින්නේ
නිරන්තරෙන් නෙත් දෙක මගෙ තෙමෙන්නේ
පිනි බිඳු පිරුණු තණ පලසක් කොයින්දෝ
මලින් වැසුණු ගස් වැල් මෙහෙ කොයින්දෝ
ලේන ගිරා මුව මී මැසි කොයින්දෝ
මහකතරක වැව් අමුණක් කොයින්දෝ
මුහුද ගොඩ දමා බිල්ඩින් තැනෙන්නේ
රට ඉඳි ගස්ය තැන තැන නෙත ගැටෙන්නේ
මා පිය නෑසියන්ගෙන් දුර වෙසෙන්නේ
කවදා කොහොම යළි ගම රට දකින්නේ
ගිනියම් සුළඟවිත් සිරුරම දවන්නේ
දූවිලි පිරුණු කණ අහසයි පෙනෙන්නේ
නිල්වන් ගුවන කවදා නම් දකින්නේ
නිරන්තරෙන් නෙත් දෙක මගෙ තෙමෙන්නේ
පිනි බිඳු පිරුණු තණ පලසක් කොයින්දෝ
මලින් වැසුණු ගස් වැල් මෙහෙ කොයින්දෝ
ලේන ගිරා මුව මී මැසි කොයින්දෝ
මහකතරක වැව් අමුණක් කොයින්දෝ
මුහුද ගොඩ දමා බිල්ඩින් තැනෙන්නේ
රට ඉඳි ගස්ය තැන තැන නෙත ගැටෙන්නේ
මා පිය නෑසියන්ගෙන් දුර වෙසෙන්නේ
කවදා කොහොම යළි ගම රට දකින්නේ
Saturday, March 10, 2012
අලුත් වැස්සක්
පාලු කතරක අතරමංවී
හුදකලාවක රජයමින් සිත
අයාලේ යන මාරුතය ඉම
ගෙවූ කාලය නිමා වූ වග
කෑ ගසා මම කියමි ලොවටම
හුදකලාවක රජයමින් සිත
අයාලේ යන මාරුතය ඉම
ගෙවූ කාලය නිමා වූ වග
කෑ ගසා මම කියමි ලොවටම
මාගේ ප්‍රාණේ ජීවයයි නුඹ
ආදරේ උණුහුමින් සතපන
හුදකලාවක සුසුම් අතරින
මගේ හදවත අරක් ගත් ඔබ
මගේ හදවත අරක් ගත් ඔබ
වැළඳ ගමි මම සදා බැතියෙන
අලුත් වැස්සක් වැටී හිනැහෙන
අලුත් වැස්සක් වැටී හිනැහෙන
නැවුම් සුවඳක් තිලිණ කර දෙන
පිපි දිදුලන කුසුම් පෙති මත
ඔබේ සෙනෙහස දැනේ තව තව
සදාතනිකව රැඳෙමි ඔබ ළඟ.......
සදාතනිකව රැඳෙමි ඔබ ළඟ.......
Saturday, October 15, 2011
Wednesday, September 7, 2011
අපේක්ෂාව........
ජීවිතයේ මුතු මාලය
අමුණන්න වෙර දරන
හුස්ම අහුරක් අරං
ඔබ එන්න ඉක්මනින්
යා යුතු මග නොදැන
අතරමග නැවතිලා
බලා හිටියා මදැයි
දෙනෙත් බොඳ වෙන කල්ම
Subscribe to:
Posts (Atom)








