Saturday, March 10, 2012

අලුත් වැස්සක්

පාලු කතරක අතරමංවී
හුදකලාවක රජයමින් සිත
අයාලේ යන මාරුතය ඉම
ගෙවූ කාලය නිමා වූ වග
කෑ ගසා මම කියමි ලොවටම

මාගේ ප්‍රාණේ ජීවයයි නුඹ
ආදරේ උණුහුමින් සතපන
හුදකලාවක සුසුම් අතරින
මගේ හදවත අරක් ගත් ඔබ
වැළඳ ගමි මම සදා බැතියෙන

අලුත් වැස්සක් වැටී හිනැහෙන
නැවුම් සුවඳක් තිලිණ කර දෙන
පිපි දිදුලන කුසුම් පෙති මත
ඔබේ සෙනෙහස දැනේ තව තව
සදාතනිකව රැඳෙමි ඔබ ළඟ.......

1 comment:

  1. අහම්බෙන් වට වැස්ස
    සිහිලසක් වීදෝ
    ඉරි තැලුණු මහ පොලොව
    සරු පසක් වීදෝ
    සරු කෙතක සුභ සිහින
    සිතට වද දේදෝ
    සුපිපෙනා මල් සුවඳ
    නුඹට හිමි නේදෝ

    -ප්‍රදීපා

    ReplyDelete