ජීවිතේ බොහෝම සතුටින් පිරුණු දවසක්
මං 1 වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා අකුරු කළ පාසල තමයි වත්තල ශා. ආනා බාලිකා මහා විද්‍යාලය.
ඉතිං ඔක්කෝබර් 20 වෙනිදා උදේ ඉදං හවස් වෙන කල් මගේ පාසලේ මෙවර සාමාන්‍ය පෙළ ලියන දරුවන්ට ඉතිහාසය උගන්වන්න ලැබුණා.
ඉතිං දරුවන්ගෙන් හරිම ලස්සනට ලිව්ව ආදරණීය සටහන් ගණනාවක් ලැබුණා. ඒවා ඇත්තටම අමිල දායාදයන්.
ගුරුවරයෙක්ට තවත් වෙන මොන සතුටක් ද ඉතිං.
ආදරෙයි දරුවනෙ. අපි ආයෙත් ඉක්මනින්ම මුණ ගැහෙමු.
රුක්ෂිලා වෙත්තමුණි







