ඇමුණුම්
- ආස්වාදය ලත් පොතක වත (4)
- ඉතිහාසය හා පුරාවිද්‍යාව (4)
- එහෙන් මෙහෙන් (26)
- කවි වගේ කවි (49)
- ජීවිතේ ලස්සන දවස් (1)
- පොතක් කියවා දැනුණු දේ........ (1)
- මං පත්තරේට ලිව්ව දෑ (19)
- මා ගත් සේයා රූ (18)
- මා ලියූ කෙටිකතා (2)
Sunday, May 21, 2017
Sunday, April 30, 2017
එහෙනම් එන්න.....
------------
ආදරණීය හිතවතුනේ.....
ඔබලා දන්න කියන උසස් පෙළට ඉතිහාසය කරන දරු දැරියන්ට
ආදරණීය හිතවතුනේ.....
ඔබලා දන්න කියන උසස් පෙළට ඉතිහාසය කරන දරු දැරියන්ට
මැයි 03 බදාදා හවස 3 සිට 5 දක්වා තියෙන
මගෙ පන්තියට එන්න කියන්න.
ROYAL තැප්‍රෝබේනියන්
නුගේගොඩ - විජේරාම
ROYAL තැප්‍රෝබේනියන්
නුගේගොඩ - විජේරාම
Saturday, April 29, 2017
Sunday, April 23, 2017
ඉතිහාසය කනපිට හැරවූ සහශ්රකයේ මහා දාර්ශනිකයා
සුවිශේෂී හැකියාවන් හා ගුණාංග රාශියක එකතුවක් වූ මිනිසෙකුට හැර , පවත්නා සම්මත බල රටාවන්ට අභියෝග කල නොහැක. පවතින අධිපතිවාදී ජනපීඩක පාලන ක්‍රමය වෙනුවට වඩා යහපත් හෙට දවසක් මානව වර්ගයා වෙනුවෙන් ගොඩනැගීමේ උත්තුංග කර්තව්‍යට උරදීමට ඉදිරිපත් වීම ද පහසු කටයුත්තක් නොවේ. එවන් මිනිසුන් පිළිබඳව ඉතිහාස වංශ කතාව තුල, අනාගත පරපුරට ආඩම්බරයෙන් කතා කිරීමට ඉතිරි වී ඇත්තේ අතලොස්සකි.
මේ එවන් විශ්වීය චරිතයක් ගැන කෙටි විවරණයකි
ගෙවී ගිය සහසක්රයේ සිට විශිෂ්ටතම චින්තකයා ලෙස සැලකෙන්නේ කවුරුන්ද යන පැනය ඉදිරිපත් කරමින් 1999 සැප්තැම්බර් මස බී. බි. සි. ප්රවෘත්ති "ඔන් ලයින්" සේවය විසින් පවත්වන ලද ඡන්ද විමසීමේදී පළමු ස්ථානය හිමිවූයේ කාල්මාක්ස්ටය. දෙවැනි, තුන්වැනි සහ හතරවැනි ස්ථාන හිමිවූයේ පිළිවෙළින් ඇල්බට් අයින්ස්ටයින්, අයිසැක් නිව්ටන් සහ චාල්ස් ඩාවින්ටය. 2005 වසරේ ඩී. බී. සී. ගුවන්විදුලිය, 4 විසින් ලොක්යේ ඉකුත් සියවසේ විසූ විශිෂ්ටතම දාර්ශනිකයා කවුරුන්දැයි විමසූ ඡන්දයේ දී ද පළමු ස්ථානය හිමිවූයේ කාල් මාකස්ටය.
විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘ කාල්මාක්ස් 1818 මැයි මස 05 වැනිදා ජර්මනියේ ට්‍රීර් නගරයේදී උපත ලැබුවේය. ඔහුගේ පියා නීතිවේදියකුවූ හෙන්රිශ් මාක්ස් විය. මව ඕලන්දයේ උපත ලැබූ හෙන්රි යට්ටා නම්විය. 1835 වන තෙක් මාක්ස් ට්‍රීර් නගරයේ දී මූලික අධ්‍යාපනය ලැබුවේය. පසුව බොන් විශ්වවිද්‍යාලයේ නීති විද්‍යා අංශයට ඇතුළු විය. මාක්ස් වැඩි වශයෙන් දර්ශනවාදය, ඉතිහාසය හා විද්‍යා විෂයන් පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූවේය. නිර්මාණශීලී සාහිත්‍ය සඳහා ද බොහෝ කාලයක් මිඩංගු කළේය. දැනීම ලබා ගැනීම සඳහා නොසිඳෙන පිපාසයක්ද, ගැඹුරු ලෙස සත්‍ය සෙවීමද, තම කටයුතු පිළිබඳව ස්වයං විවේචනයද අරගලකාරී හා සටන්කාමී ජීව ගුණයද, තරුණ කාල්මාක්ස් සතු විය. 18 වැනි ශත වර්ෂය අවසානයේ බ්‍රිතාන්‍යයේ ඇතිවූ කාර්මික විප්ලවයෙන්පසු යුරෝපා රටවල පැවැති රදල සමාජ සම්බන්ධතාවන්ගේ නටඹුන් බිඳ වැටීමට පටන්ගත් අතර, කාර්මික විප්ලවය යුරෝපා මහාද්වීපය පුරා ව්‍යාප්තවීම ආරම්භ විය. මහා ධනපති කර්මාන්ත සංවර්ධනයක් සමඟ ගොවීහු සහ හස්ත කර්මාන්ත ශිල්පියෝ නිෂ්පාදන මාධ්‍යයන්ගේ කිසිවක් අයිති නැති අනුකම්පා විරහිත සූරා කෑමට භාජනය වූ කුලී වැටුප් ලබන කම්කරුවන් බවට පරිවර්තනය වූහ. ඓතිහාසික සිද්ධීන් මුහුකුරා වැඩුණු එවැනි තත්ත්වයක් තුළදී මාක්ස්ගේ මත සකස් විය. යුරෝපා රටවල ධනවාදය තහවුරුවීම මගින් පන්ති අරගලය උග්රවීමටද, ධනපති ප්රජාතන්ත්රවාදී සහ ජාතික විමුක්ති ව්‍යාපාරවල පුළුල් ව්යාප්තවීමකට ද, ධනපති ක්‍රමයට විරුද්ධව නැඟී සිටින්නාවූ නිර්ධන පංතියක් ඓතිහාසික කරළියෙහි පෙනී සිටීමකටද, මං පාදමින් කම්රු නැගිටීම් වර්ධනය විය.
පීඩිත ජනතාව
1841 අප්‍රේල් මාසයේදී කාල් මාක්ස්ට දර්ශනවාදය පිළිබඳව ආචාර්ය උපාධිය හිමි විය. වැඩකරන ජනතාවගේ ජීවිතයේ ද්‍රව්‍යමය සහ ආර්ථික ප්‍රශ්න කෙරහි ගැඹුරු උවමනාවක් දැක්වූ මාක්ස් ඒ වනවිට පැවැති මනෝරාජිත කොමියුනිස්ට්වාදී අදහස් පිළිබඳව පිරික්ෂා බැලුවේය. විද්‍යාව යටපත්කර ගැනීමට ආගම දැරූ සියලුම ප්රයත්න වලට සහ මිනිස් විඥානය බැඳ තැබීමට ඉදිරිපත්වූ සියලුම ප්‍රයත්නවලට විරුද්ධව මාක්ස් නැඟී සිටියේය. අහසේ සහ පොළොවේ සිටින සියලුම දෙවිවරුන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන මාක්ස් සටන්කාමී අදේවවාදියකු හා විප්ලවවාදියකු ලෙස පෙනී සිටියේය.
ලෝකයේ පීඩනයට පත්ව සිටින ජනතාව එයින් මුදා ගැනීමේ විද්‍යාත්මක දර්ශනයක් සකස් කිරීම සඳහා තම ජීවිතය කැප කළ කාල්ස් මාක්ස් ස්වකීය ද්‍රව්‍යවාදී දෘෂ්ටිය පදනම් කර ගත් ඔහුගේ න්‍යාය ජනතාවට පසක් කරගත හැක්කේ එම න්‍යායෙන් ඔවුන්ගේ ඉතා වැදගත් අවශ්‍යතාවන් සහ ප්‍රධාන අයිතිවාසිකම් පිළිබිඹු වුවහොත් පමණකියි යන චින්තනය වර්ධනය කළේය.
සමාජවාදී න්‍යාය
මාක්ස්ගෙන් මානව වර්ගයාට සිදුවූ අගනා සේවය වන්නේ වැඩ කරන ජනතාවගේ ඓතිහාසික විමුක්තිකාමී කාර්යභාරය අරඹයා ප්‍රඥාව හා සංකල්පය සමාජවාදය මනෝරාජිත තත්ත්වයක සිට විද්‍යාවක් දක්වා පරිවර්තනය කිරීමයි. වැඩි වැඩියෙන් පෑගී සිටින පංතියට සිය ජීවිතය කැප කළ මාක්ස්ට තමන්ගේ අදහස්වලට සම්පූර්ණයෙන්ම කැපවූ විශ්වාසවත් මිතුරකු වූ පෙඩ්රික් ඒංගල්ස්ගේ සහයෝගය ලැබුණි.
කාල්මාක්ස් ජාතීන් සහ ජනවර්ග අතර පැනනගින ප්‍රශ්න පිළිබඳව වැදගත් මූලධර්මයන් සම්පාදනය කළේය. වෙනත් ජාතියක් පාගා සිටින ජාතියක් නිදහස් ජාතියක් නොවන බවත් ජාතීන් අතර සමානාත්මකව හා නිර්දන පන්තියක ජාත්‍යන්තරවාදී මූලධර්මය ජාතීන් හා ජනවර්ග අතර පවත්නා ප්‍රශ්න විසඳීම සඳහා යොදා ගන්නා ප්‍රධාන ප්‍රතිපත්තියක් බවත් එයින් විස්තර කරනු ලැබීය. කාල්මාක්ස් හා පෙඩ්රික් ඒංගල්ස් ලියා පළ කළ "කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනය" මගින් මාක්ස්ගේ ඉගැන්වීම්වල සංයුක්ත කොටස් තුන වූ දර්ශනවාදය, දේශපාලන ආර්ථික විද්‍යාව, විද්‍යාත්මක සමාජවාදය, පිළිබඳ විස්තර කළේය. කම්කරු පංතිය විද්‍යාත්මක විප්ලවාදී න්‍යායකින් සන්නද්ධකොට වැඩ කරන ජනතාවගේ ස්වාධීන පක්ෂයකට අවශ්‍ය උපාය සහ උපක්රමවල පදනම දැමුවේද මාක්ස් සහ ඒංගල්ස් විසිනි. තම ඉගැන්වීම් ලෝකයේ වෙනස් කිරීමේ අවිය ලෙස ගැලපූ මාක්ස්, සමාජවාදය කම්කරු පංති ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ කිරීමටත්, ධනපති සමාජ ක්‍රමය වෙනුවට විද්‍යාත්මක සමාජවාදී ක්‍රමය ඉදිකිරීමේ ඓතිහාසික කාර්යභාරය බාරව සිටින නිර්ධන පංතිය තම න්‍යායයෙන් සන්නද්ධ කිරීමටත් ක්‍රියා කළේය.
අධික වේගයකින් මොළය වෙහෙසා වැඩ කිරීම හා ආර්ථික අමාරුකම්වලට මුහුණපෑම නිසා දිනෙන් දින මාක්ස්ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය කලක් සිටම පිරිහෙන්නට විය. මේ අතරතුර මාක්ස්ගේ බිරිඳ රෝගාතුරවීම ඔහුට ඇති බරපතල පහරක් විය. 1881 දෙසැම්බර් මාසයේ 02 වැනිදා මාක්ස්ගේ බිරිඳ ජෙනී මිය ගියේය. 1883 පෙබරවාරි මාසයේ මාක්ස්ගේ රෝගී තත්ත්වය උත්සන්නවී ඔහුගේ ශක්තිය වේගයෙන් දුර්වලවන්නට විය. මාර්තු 14 වැනිදා දහවල් 02.45 ට පමණ හාන්සි පුටුවේ වාඩිවී සිටියදීම මාක්ස් සදහටම නිහඬ විය. මාක්ස් අවසන් කාලයේ ජීවත් වූ ලන්ඩන් නගරයේ පිහිටි හයිගේට් සුසාන භූමියේ ඔහුගේ බිරිද වූ ජෙන් මිහිදන් කර තිබූ ස්තානයේම මාර්තු 17 වැනිදා මාක්ස්ගේ මෘතදේහය මිහිදන් කරන ලදී. එහිදී ඔහුගෙන් සමු ගනිමින් කථා කළ මාක්ස්ගේ කල්‍යාණ මිත්‍රයා වූ ඒංගල්ස් තම මිතුරාගේ යෝධමය කටයුතු ගැන විස්තර කළේය. ඒවා අතර ඉතා විශේෂ ස්ථානයක් හිමි වූයේ සැබවින්ම මාක්ස්ගේ ශ්‍රේෂ්ඨතම සොයා ගැනීමක් වූ මිනිස් ඉතිහාසයේ සංවර්ධනය පිළිබඳ න්‍යාමය සහ අතිරික්ත වටිනාකම පිළිබඳ න්‍යාමය විය. මාක්ස් ඉමහත් ප්‍රඥාවෙන් හෙබි චින්තකයකු පමණක් නොව ශ්‍රේෂ්ඨතම විප්ලවාදියා බවත් ඒංගල්ස් එහිදී පැවැසීය. තමාගේ ගුරුවරයා සහ මිතුරාවන මාක්ස්ගෙන් අවසන් වශයෙන් සමුගත් එංගල්ස් සිය කතාව අවසන් කළේ අනාවැකියකිනි. " මාක්ස්ගේ නමත්" ඔහුගේ කාර්යභාරයත් ශත වර්ෂ ගණනාවක් පවතිනු ඇත යනු ඒ අනාවැකිය විය.
- චූලක බණ්ඩාරවත්ත -
කලා විෂය ධාරාව තුළ විෂයයන් තෝරා ගැනීමේ දී.....
කලා විෂයය ධාරාව තුළ විෂයයන් තෝරා ගැනීමේ දී සැලකිලිමත් විය යුතු මූලික කරුණු කීපයක් පිළිබඳව අවධානය යොමු කරමු........
මෙහිදී විෂයයන් කාණ්ඩ 4ක් යටතේ වර්ගීකරණය කරලා තියෙනවා. ඒ තමයි,
1. සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන්
2. ආගම් හා ශිෂ්ටාචාර විෂයයන්
3. සෞන්දර්ය අධ්‍යයන විෂයයන්
4. භාෂා විෂයයන්
මෙහිදී විෂයයන් තේරීමේ දී විකල්පයන් ගණනාවක් තියෙනවා. ඒ අතර කීපයක් පහත පරිදි පෙන්නා දෙන්න පුළුවන්.....
1. සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන් වලින් විෂයයන් 3ක්ම තෝරා ගැනීමට පුළුවන්......
2. සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන් අතරින් දෙකක් තෝරා ගනිමින් අනෙක් ඕනෑම කාණ්ඩයකින් එක් විෂයයක් තෝරා ගැනීමට පුළුවන්........
3. සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන් අතරින් එකක් තෝරා ගනිමින් අනෙක් ඕනෑම කාණ්ඩයකින් විෂයයන් දෙකක් තෝරා ගැනීමට පුළුවන්........
4. සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන් අතරින් කිසිවක් තෝරා නොගනිමින් භාෂා විෂයන් 3ක් ම තෝරා ගැනීමට ද අවස්ථාව පවතී.
මෙම මූලික විකල්ප මත පදනම් වෙමින් විෂයයන් තෝරා ගැනීමේ දී තවත් සැලකිිමත් විය යුතු කරුණු තිනෙවා. ඒ පිළිබඳවත් දැනුවත්ව ඔබගේ විෂයයන් තෝරා ගන්න උන්නදු වන්න.
ඔබ තෝරා ගන්නා ඕනෑම විෂයයක් සඳහා නුගේගොඩදී නිෂ්චිත සහ පැහැදිලි මඟ පෙන්වීමක් සිදු වෙනවා
අප්‍රේල් 30 පෙ.ව. 8.00 ට රෝයල් තැප්‍රොබේනියන් හිදී.........
------------------------------------------------------------------------
භාෂා විෂයයන්
++සිංහල++
උපුල් ශාන්ත සන්නස්ගල
Upul Sannasgala
******************************************************
සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන්
++තර්ක ශාස්ත්‍රය++
රුවන් මාපලගම
Ruwan Mapalagama
++ඉතිහාසය++
රුක්ෂිලා වෙත්තමුණි
Rukshila Wettamuni
++දේශපාලන විද්‍යාව++
යාපා බණ්ඩාර
රවින්ද්‍ර අමරසිංහ
බුද්ධික අබේකෝන්
++සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය++
කපිල එම් ගමගේ
ප්‍රභාත් සෙනෙවිරත්න
ගයාන් ඉද්දමල්ගොඩ
++තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය++
සමන් බණ්ඩාර හේරත්
Saman Bandara Herath
++ගිණුම්කරණය++
රෝහාන් කෝදාගොඩ
Rohan Kodagoda
++ආර්ථික විද්‍යාව++
කසුන් සංජීව
************************************
ආගම් හා ශිෂ්ටාචාර විෂයයන්
++බෞද්ධ ශිෂ්ටාචාරය++
අරුණ ගුණසේකර
Aruna Gunasekare
*******************************************
සෞන්දර්ය අධ්‍යයන විෂයයන්
++චිත්‍ර කලාව++
ප්‍රගීත් රත්නායක
Prageeth Rathnayake
++නර්තනය++
ගීත් ප්‍රේමචන්ද්‍ර
රෝහිණි ස්වර්ණමාලී
++සංගීතය++
තිලිනි රැද්රිගු
Thilini Rodrigo
++නාට්‍ය හා රංග කලාව++
ගයාත්‍රි මහේෂා ගුණරත්න
ජෙහාන් ශ්‍රි කාන්ත අප්පුහාමි
Jehan Appuhami
සටහන - සමන් බන්ඩාර හේරත්
Monday, April 10, 2017
Sunday, April 9, 2017
ජීවිතේ තවත් එක් දවසක්.... 03
ජීවිතේ තවත් එක් දවසක්.... 03
බලාපොරොත්තු කියන්නෙ මිනිස්සුන්ව ජීවත් කරවන ප්‍රබල සාධකයක්. ඒ සාධකය අතරට ආදරය එකතු වුණාම ජීවිතය කොච්චර සුන්දර වේවිද.....
බස් එකට ගොඩ වුණාම මං බොහෝ විට ඉදගන්න කැමති අන්තිම පේළියෙ. එතකොට මුළු බස් එකේම ඇහැ දුවවන්න පුළුවන්. මං හරිම කැමතියි මිනිස්සුන්ගෙ ජීවිත වලට එබිලා බලන්න.දහඩිය පෙරා ගත්තු ඉතාම වෙහෙසකර මුහුණු. උදේ හිටංම දවසෙ වැඩ කන්දරාවක් එක්ක ඔට්ටු වෙලා තම තමන්ගෙ නවාතැන් කරා යන විවිධ මිනිස් ජීවිත.
බලාපොරොත්තු පොදියක් කර පින්නගෙන රුපියල් පසුපස දුවන මිනිස්සු. ලැබෙන පඩියෙන් යාන්තම් දිවි ගැට ගහන්න උත්සාහ කරන ජීවිත. එකිනෙකා එක එක ලෝකවල. ඇතැම් අයගෙ මුහුණුවල සිනාව කියල නාමයක් නැහැ.
විවිධ ඉරියව් වලින් පෙම් කරන පෙම්වතුන්, දරුවෝ වඩා ගත්තු කාන්තාවො, කටගොන්නක් බී ගත්තු බේබද්දො, ජැක් ගහන්න එන පිරිමි, ඔය විදියෙ නානාවිධි මිනිස් ජීවිත අපට මුණ ගැහෙනවා බස්වලයි කෝච්චිවලයි යද්දි.
ආදරය කියන්නෙ ඇත්තටම ජීවත් වෙන්න තියෙන ආසාව වැඩි කරන ප්‍රධාන මෙවලමක් කිව්වොත් වැරැද්දක් නැහැ කියල හිතෙනවා.
මේ සියලු දුක්ක දෝමනස්සයන් අස්සේ ආදරය පිරුණු ජීවිතයක් ලැබෙන්නේ කීයෙන් කී දෙනාට ද...
ඉතිං ආදරෙත් එක්ක ජීවිතේ තවත් එක් දවසකින් මුණ ගැහෙමු....
- රුක්ෂිලා වෙත්තමුණි -
2017
Wednesday, April 5, 2017
Sunday, December 25, 2016
ජීවිතේ තවත් එක් දවසක් - 02
බොහෝ කාලයකින් හිත නිදහස් වුණු නිසා පොතක් කියවන්න පටන් ගත්තා උදෙන්ම. කුරුල්ලන්ගෙ මිහිරි නාදය, නිදහස් වුණු හිතට තවත් අත්වැසිල්ලක්. මට මතක් වුණේ 'විභූතිභූෂණ බන්ද්යෙපාධ්යායගෙ', චින්තා ලක්ෂ්මි සිංහආරච්චි පරිවර්තනය කරපු 'අරණකට පෙම් බැඳ' කියන පොත.
පුංචි කාලේ ඉදලම පරිසරය එක්ක බද්ධ වෙලා හැදුණු වැඩුණු නිසාද මංදා මං ඒ පොතට පුදුම විදියට ආදරෙයි. කියවන්න ගත්ත පොත පැත්තක තියලා මං අරණකට පෙම් බඳින්න පටන් ගත්තා.
විභූතිභූෂණ තරම් අව්‍යාජ ලෙස, චිත්තාකර්ෂණීය ලෙස ස්වභාවික පරිසරය ගැන වර්ණනා කළ වෙනත් ලේඛකයෙක් නොමැති බවයි ඉන්දියානු විද්වතුන්ගෙ මතය. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ භගල්පූර්හි වනගත වතුයායක් මේ කතාව සඳහා පාදක වී තිබෙන්නෙ.
'ශාන්ත පරිසරයකදී ඇසෙන විලම්බ ලයකින් වාදනය වන, වස්දඬුවක මිහිරි ස්වර මාලාවක් ලෙසයි' මෙම ග්‍රන්ථය හඳුන් වන්නෙ.
දිනෙන් දින විනාශ වන සොඳුරු පරිසරයෙන් මිනිසා ඈත් වෙද්දි මෙවැනි පොතක් ඇත්තටම දිවි ඔසුවක් මනසට. ස්වභාවික සුන්දරත්වයට පමණක් සීමා නොවී එම පරිසරයෙ ජීවත් වන විවිධාකාර වූ මිනිසුන්ගෙ ජීවිත තුළට එබී ඔවුන් දෙස බලන දෘෂ්ටියට මං බොහෝ කැමතියි.
මේ කතාවේ පිවිසුමයි.
දවස පුරාම කාර්යාලයේ වැඩ කර වෙහෙස වූ මම නගරයේ බලකොටුව ළඟ ඇති පිට්ටනිය අයිනේ හිඳ ගතිමි.....
මාත් බොහෝ වෙලාවට විහාර මහාදේවී පාර්ක් එකට ගිහිං තනිවෙච්චි බංකුවක පැයක් දෙකක් ඉඳගෙන ඉන්න පුරුදු වෙලා හිටියා. විවිධාකාර මිනිස්සු මාව පසුකරගෙන යද්දි මං ඔවුන් දිහා බලාගෙන හිටියෙ ආසාවෙන්. ඒ අය අතරින්, අතින් කරින් වෙලුණු පෙම්වතුන් හා කුඩා දරුවන් තමයි මගෙ හිත පැහැර ගත්තෙ. කොළොම්පුරය සිසාරා හමායන ඒ සිසිල් සුළඟට මං බොහෝ පෙම් බැන්ඳා.
ජීවිතේ හුදකලාවට මං දැං ආදරෙයි. හරිම නිදහස්. තියෙන දෙයක් කාලා පොතක් පතක් බලාගෙන ඉන්න තියෙන එකත් එක්තරා සුන්දර අත්දැකීමක්.
මට වෙලාවකට හිතෙනවා මේ කතා පොතේ ඉන්න 'සත්‍යවරණ' ට වගෙ මටත් වනගත වතුයායක රැකියාවක් ලැබුණා නම් කියල.
දිනපතා අත් විඳින කොළඹ නරගයේ කර්කෂ ජීවිතයෙන් මිදී, බයිහාරයෙ මෙන් සඳ එළියෙන් ආලෝකමත් වූ, තිමිරයෙන් වැසුණු නිහඬ රාත්‍රියෙ වනය මැදින් දුවන ගෝනුන්ගේ පා හඬ අසන්නට, මිටියාවතෙ පිපුණු වර්ණවත් වන මල් වලින් සුසැදි පරිසරයක ජීවත් වන්නට ඇත්නම් කෙතරම් වාසනාවක්ද.
ජීවිතේ තවත් එක් දවසකින් හමුවෙමු.
- රුක්ෂිලා වෙත්තමුණි -
2016 - 12 - 24
Thursday, December 15, 2016
ජීවිතේ තවත් එක් දවසක් - 01
කියවීමට මිනිසා හුරුකළ මහගෙදරට ඒ කියන්නේ පිටකොටුවෙ එම්.ඩී. ගුණසේන සහ සමාගමට අද මං ගොඩ වුණේ මගෙ පශ්චාත් උපාධි අධ්‍යන කටයුතු සඳහා අතවශ්‍ය පොත් කිහිපයක් ගන්න කියලා හිතාගෙනයි.
රත්තරං බඩු කඩයකට හිස පොවන්නවත් අකමැති මං පොත් සාප්පුවකට රිංගන්නනම් බොහෝම කැමතියි.
පිටකොටුව, ගුණසේන සහ සමාගම කියන්නෙ මගෙ ළමා කාලය තුළ ඉතා සුන්දර අතීතයක් එක්කල ස්ථානයක්.
අපි පුංචි කාලේ පාසලට අවශ්‍ය සියලුම පොත් පත් ගන්න ගියෙ එහෙටයි. මගෙ අක්කලා දෙන්නටයි අයියටයි මටයි. තාත්තා පොත් ගේන්න යන දවසට මාත් කොහොම හරි තාත්තගෙ අතේ එල්ලිලා යනවා. අලුත් පොත්වල සුවඳ විඳින්න මං එදා වගේම අදත් මනාපයි.
තාත්තා අපි හතර දෙනාට අවශ්‍ය පොත්, පෑන්, පැන්සල්, පොත් කවර ඔය වගේ ගොඩාක් දේවල් ගද්දි කොහොමත් පැයක් දෙකක් ගත වෙනවා. ඒ වෙලාවට මං කරන්නෙ ළමා කතන්දර පොත් ගොන්නක අතරමං වෙන එකයි. කොහොම හරි පොත් 6 ක් 7 ක් කියවනවා. ඊට පස්සෙ කියවන්න ආස හිතුණු පොත් කිහිපයක් උස්සගෙන ඇවිත් තාත්ගෙ බිලට එකතුකර ගන්නවා කොහොම හරි. ඇත්තටම මට කියවන්න හුරු කළේ මගෙ ආදරණීය තාත්තා.
අද ආයෙමත් මං ඒ සුන්දර අතීතයට ගියා. කාලය බොහෝ වෙනස් වෙලා. මං වැඩිහිටි අවදියට අවතීර්ණ වෙලා. ඒත් ළමා කතන්දර පොත් දකිද්දි ඉස්සර වගේම ආයෙත් කියවන්න ආස හිතුණා. මං ඒ සුන්දර අතීතයත් එක්ක පොත් කිහිපයක් පෙරලලා බැලුවෙ පුංචි දරුවෙක් වගෙයි.
ගන්න හිතාගෙන ගිය කිසිම පොතක් මට හොයා ගන්න නම් බැරි වුණා. ඒත් පොත් එක්ක පැය දෙකක් විතර ගත කරලා අන්තිමට කියවන්න ඕන කියලා හිතුණු පොත් 4 ක් අර ගත්තා. 'සාර භූමි' බොහෝම ඉස්සර දහ දොලොස් වතාවක් කියවල තිබ්බත් අද ආයෙ ආස හිතුණා ඒ පොත සල්ලි දීලා ගන්න. ඒ පොත පුරා ඉන්න දිරිය ගැහැනිය 'ඕලෑං' ට මං හරිම ආදරෙයි.
මගෙ ජීවිත කාලය තුළදි සිදුවුණු විවිධ හැලහැප්පීම් එක්ක බලද්දි මටත් 'ඕලෑං' කෙනෙක් වගෙ ශක්තිමත් වෙන්න ඕනෙ.
පොත් අතර අතරමං වුණාම කාලය ගෙවෙන්නෙ ඉතාම වේගයෙන්. පොත් සාප්පුව වහන්න ආසන්න වුණාම තමයි මං දැන ගත්තෙ රාත්‍රී 7 ත් පහු වෙලා කියල. පොත් කියන්නෙ මගෙ කලණ මිතුරෝ. කිසිම දාක මාව අත් හැරලා නොයන මං බොහෝ සෙයින් පෙම් බඳින සුමිතුරෝ.
පොත් සාප්පුවක වැඩ කරන්න තියෙනවා නම් කියල හිතෙනවා වෙලාවකට. කවදා හරි දවසක පොත් සාප්පුවක හිමිකාරියක් වීම මගෙ හීනයක්. අපි උත්සාහ කළොත් මොනවද කරන්න බැරි ඇත්තටම. හීනය අනාගතයට බාර දීලා මං පොත් ගොන්නෙන් එළියට ආවෙ හුදකලා වෙච්චි මගෙ නවාතැනට යන්න බස් එකට නගින්නයි.
පිටකොටුවෙ දහසක් මිනිස්සු අතර මං තනිවෙලා නේද කියලයි හිතුණෙ. ජීවිතය කියන්නෙ ඇත්තටම හිස් සුදු කඩදාසියක්. ඒ කඩදාසියෙ විවිධ රටා මවා ගන්නෙත් අපිමයි. ඒ රටා විකෘති කර ගන්නෙත් අපිමයි. ජීවිතේ විවිධ අවස්ථා වලදී අපි දුරදිග නොහිතා ගන්න තීරණ වලින් සුදු හිස් කඩදාසිය අපවිත්‍ර වෙනවා. ඒ අපවිත්‍ර වුණු කඩදාසිය ආයෙමත් පවිත්‍ර කර ගන්න ඕනෙත් අපිමයි.
ජීවිතේ තවත් එක් දවසකින් ආයෙ මුණ ගැහෙමු...
- රුක්ෂිලා වෙත්තමුණි -
2016 දෙසැම්බර් මස 14
Sunday, September 11, 2016
එන්න අපි වෙඩි උණ්ඩ වලින් බේරී පිනි වැස්සෙ තෙමෙමු
දුවක් සිටියා නම් ගීතය අහන්න....
https://www.youtube.com/watch?v=B_yxIXYVFuA
සමාජයෙ නිතර ඇහැ ගැටෙන විවිධ තේමාවන් ඔස්සෙ තම නිර්මාණකරනයෙහි යෙදෙන ඔහු ඉතා දක්ෂ ලෙස එම සමාජීය ප්රස්තුත තම නිර්මාණ සඳහා උපයෝගිකර ගන්නේය.
'දුවක් සිටියා නම්' ගීතයට අමතරව මර්වින් පෙරේරා ගයන 'තුරු සෙවණක් යට' , කීර්ති පැස්කුවල් ගයන 'මලක් අහනවා', පුෂ්පිකා මුල්ලකන්ද ගයන 'හිරු දෙයියෝ', ජෙනට් ගුරුගේ ගයන 'ගණන් ගුරුතුමී', කපිල හේරත් ගයන 'පිස්සු කෙල්ල' ආදි විවිධ නිර්මාණ බොහෝ ප්‍රමාණයක් ඔහු සමාජයට දායාද කොට තිබේ.
මංජුගෙ කුළුදුල් කාව්‍ය ග්‍රන්ථය කවිවර ප්රකාශනයක් ලෙස සැප්තැම්බර් මස 13 වන දින,
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී ප.ව. 3 ට ජනගත කිරීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ.
කවියට හිතැති කවියට ආදරයැති දයාබර සහෘදය ඔබටයි මේ ඇරයුම....!
එන්න අපි
වෙඩි උණ්ඩ වලින් බේරී පිණි වැස්සෙ තෙමෙමු.....
- රුක්ෂිලා වෙත්තමුණි -
Thursday, March 24, 2016
රාත්‍රිය හරි දිගුයි
මගෙ වචන වලට පණ දුන් ආදරණීය වෙදැදුරෝ දෙදෙනා....
ජීවිතේ ඉතා සතුටුම අවස්ථාවක්.........
මං යළි ඉපදුණා කියලා දැනෙනවා. දයාන් අයියා කියන්නෙ මං තරුණ අවදියේ ඉදන්ම බොහෝ සෙයින් ආදරය කළ චරිතයක් සහ බොහෝ සෙයින් ආදරය කරන හඬක්. ඉතිං ඒ ආදරණිය හඬින් මගෙ පළමු ගීතය ගැයෙනවා දකින්න තරම් මං කෙතරම් වාසනාවන්තද හැබෑටම.
ආදරණීය දර්ශන මල්ලී මානුෂිය ගුණ වලින් පිරිපුන් ඔබව මගෙ ප්‍රථම නිර්මාණයෙ සංගීත නිර්මාණය සඳහා දායක කර ගන්න ලැබීම කෙතරම් සතුටක්ද....
මේ තිලිණය ආදරණීය ඔබ සැමටයි..........!
උදා හිරු රැස් හෙමින්
කොහේ සැඟවුණිද දැන්
රාත්‍රිය හරි දිගුයි
ගෙවෙන්නෙම නැති හැඩයි
කොහේ සැඟවුණිද දැන්
රාත්‍රිය හරි දිගුයි
ගෙවෙන්නෙම නැති හැඩයි
සුසුමකට පණ පොවයි
ඔබෙ සුවඳ රැඳුණු තැන්
නිදන්නට බැරි හැඩයි
දෙනෙත් මගෙ හරි බරයි
ඔබෙ සුවඳ රැඳුණු තැන්
නිදන්නට බැරි හැඩයි
දෙනෙත් මගෙ හරි බරයි
මේ විසල් කතර ඉම
යළි නොඑන බව දැනත්
දින දසුනෙ පිටු අතර
හිඳිමි මං මඟ බලන්
යළි නොඑන බව දැනත්
දින දසුනෙ පිටු අතර
හිඳිමි මං මඟ බලන්
ගායනය - දයාන් විතාරණ
පද රචනය - රුක්ෂිලා වෙත්තමුණි
සංගීතය - දර්ශන වික්‍රමතුංග
නාද ශික්ෂණය - සඳරු ගමගේ
පද රචනය - රුක්ෂිලා වෙත්තමුණි
සංගීතය - දර්ශන වික්‍රමතුංග
නාද ශික්ෂණය - සඳරු ගමගේ
ගීතය ඇසීමට....
Wednesday, March 2, 2016
මාත් ආසයි අදරයෙ පාට තවරන්න
මාත් ආසයි අදරයෙ පාට තවරන්න.......
ආදරයට ආදරය කරන්න
ආදරයට ආදරය කරන්න
ඇත්තටම ආදරය කියන්නෙ.........
ලකුණු ගෙවී ගිය
කාසියකි
වටිනාම
කිව නොහැකි.....
කාසියකි
වටිනාම
කිව නොහැකි.....
ආදරයට විවිධ නිර්වචන දෙන්න හැකියි. ඒත් ඇත්තටම ආදරය කරන්නෙ කොහොමද...
සමහර විට අපි කැමති අය අපට නොලැබී යන්න පුළුවන්. ඒත් හිතිං හරි ඒ අයට ආදරය කරන්න පුළුවන්....
සමහර විට අපි කැමති අය අපට නොලැබී යන්න පුළුවන්. ඒත් හිතිං හරි ඒ අයට ආදරය කරන්න පුළුවන්....
ආදරය හරියට අලුත් වැස්සක් වගෙ.....
ඇට මස් ලේ නහර
සලිතව
උඩුදුවා
අලුත් වැස්සක්
ඇවිත්
නැවුම් පුසුඹකිං....
සලිතව
උඩුදුවා
අලුත් වැස්සක්
ඇවිත්
නැවුම් පුසුඹකිං....
බොහෝ වෙලාවට ආදරය ඉදිරියේදී අපි රැවටෙනවා. ඒක හරියට සිහින වෙළෙන්දියක් වගෙයි...
රැවටුණා නේද
ආයෙමත්
ප්‍රේම මායාවෙ
හීනෙකට.....
ප්‍රේම මායාවෙ
හීනෙකට.....
සමහර වෙලාවට ඔවුන් ආදරය කරන්නෙ මෙහෙමයි..........
වැරදීමක්......
ඔහු
ආදරය කරන්න
පටන් අරගෙන
හදවතෙ
ගැඹුරුම තැනින්
මට නෙමෙයි
මගෙ විෂයට
ආදරය කරන්න
පටන් අරගෙන
හදවතෙ
ගැඹුරුම තැනින්
මට නෙමෙයි
මගෙ විෂයට
ආදරයට අසම්මත ප්‍රේමයන් ඇවිත් ඩැහැ ගන්නවා...
හරියට මේ වගේ...
හරියට මේ වගේ...
මද පවන
මාරුතයක්විත්
රැගෙන ගොස්
ජීවිතයම..........
මාරුතයක්විත්
රැගෙන ගොස්
ජීවිතයම..........
අතීතය කියන්නෙ අඳුරට පෙම් බඳින්නක්. එළිය දකිද්දි බයයි. ආදරය ගැන ආවර්ජනය වෙන්නෙ මෙහෙමයි...
එළිය ඇති
හැම මොහොතකම
අඳුරෙ
ගුලි වෙන්න
හීන දකින
අතීතය
හැම මොහොතකම
අඳුරෙ
ගුලි වෙන්න
හීන දකින
අතීතය
ආදරයෙන් පරාජය වුණාම වැස්සටවත් බැහැ ඇස් වලින් වැටෙන කඳුළු එක්ක ඔට්ටු අල්ලන්න.
හරියට මේ වගෙ.....
වැසි කඳුළු
අහස නුඹ කෙතරම්
හැඬුවත්
හැකිවේද
ජය ගන්න
මගෙ කඳුළු එක්ක....
අහස නුඹ කෙතරම්
හැඬුවත්
හැකිවේද
ජය ගන්න
මගෙ කඳුළු එක්ක....
ඒත් ආදරයක් නැති තැනකින් ආදරය පැතීම හරියට..........
තෙතමනක් නැති
හදකින්
ආදරය පැතීම
වළාකුලක් නැති
අහසින්
වැස්ස ඉල්ලීමකි....
හදකින්
ආදරය පැතීම
වළාකුලක් නැති
අහසින්
වැස්ස ඉල්ලීමකි....
ආදරය අපිව අත් හැරලා පලා යන්නෙ නිහඬවමයි.........
විවිධ පැහැයන් ගන්වලා ඒ පැහැයන් ආයෙමත් සොරා ගන්නවා...
විවිධ පැහැයන් ගන්වලා ඒ පැහැයන් ආයෙමත් සොරා ගන්නවා...
පායාවිත් හඳ මඬලෙ
සොමි ගුණෙන් පුරවලා
නේක පැහැ ගන්වමින්
හැඩදමා එකලු කළ
ඔබ ගිහිං නිහඬවම...........
සොමි ගුණෙන් පුරවලා
නේක පැහැ ගන්වමින්
හැඩදමා එකලු කළ
ඔබ ගිහිං නිහඬවම...........
ආදරයෙන් පැරදුනාම ආරක්ෂාවෙන්න තැනක් හොයන්නෙ මෙන්න මෙහෙමයි.........
අතරමං වෙච්චි
තරු කැටයක්
සෙව්වා සෙමින්
සැඟවෙන්න
සුදු වළා රොදක්......
තරු කැටයක්
සෙව්වා සෙමින්
සැඟවෙන්න
සුදු වළා රොදක්......
මේ මට ආදරය ගැන දැනෙන විධියයි.............
විටින් විට ලිව්ව කවි සංකල්පනා කිහිපයක්
- රුක්ෂිලා වෙත්තමුණි -
2016 මාර්තු 03
තවත් කවි සංකල්පනාවන් බලා ගන්න මේ ලින්ක් එකෙන් ගොඩවෙන්න...
Sunday, February 21, 2016
අනේ නැද්දෙ අයිස් එකක්..........
කිරිබත්ගොඩ සෝයා අයිස්ක්‍රීම් කඩේට අද මං ගොඩ වුණේ සෝයා කිරි ඒකක් බොන්න හිතාගෙන.
මාස ගණනක් වයසැති පුංචි කෙලි පොඩ්ඩියක් උරහිසේ හොවාගෙන මැදිවියෙ කාන්තාවක් කඩේට ගොඩ වුණේ ඒ් අතරවාරයේදියි. අැය ටිකට් පොතක් අතැතිව හිටියෙ. කැෂියර් ඒකේ කාන්තාවට මොනවාද කියනවා දැක්කත් මං ටිකක් පසුපස හිටිය නිසා කිව්වෙ මොනවාද කියලා පැහැදිලිව අැහුණෙ නැහැ. අැයත් ඒක්ක වයස අවුරුදු 8 ක විතර පුතෙක් හිටියා. අැයට තමන් අා කාරණය ඉටු කරගන්න නොහැකි වුණු විත්තිය හිතුණේ කැෂියර් ඒකෙ හිටිය කාන්තාව අන්තිමට උස් හඬින් කිව්ව වචන නිසයි.
'අනේ අපිට ටිකට් ගන්න සල්ලි වෙන් කරලා නැහැ'
ඒ් අතරවාරේ මගෙ අවධානය යොමු වුණේ අර පුංචි කොලු පැටියා දිහාවටයි.
ළමයි කිහිප දෙනෙක්ම ඒ් මොහොත වෙද්දි අයිස්ක්‍රීම්වල රසවිඳනවා.
අනේ අර කාන්තාව ඒක්ක අාපු පුතා ඒකපාරටම කැෂියර් ඒකේ කාන්තාවට මෙහෙම කියන්න ගත්තා.
'නැන්දෙ අයිස් ඒකක්...... නැන්දෙ අයිස් ඒකක්....
අනේ නැන්දෙ අයිස් ඒකක්............'
මට කලින් පෝලිමේ හිටිය අම්මා කෙනෙක් ඒයාගෙ දරුවො දෙන්නට දෝතින්ම අයිස්ක්‍රීම් දෙකක් අරගෙන ගිහිං දෙද්දි අර අහිංසක දරුවා බලාගෙන හිටියෙ පුදුම වේදනාවකින්. ඒ් දරුවගෙ අැස්වල තිබ්බ අසරණකමින් මාව පිච්චිලා ගියා.
ඊළඟ වාරේ මගෙ.
'මට අයිස්ක්‍රීම් ඒකයි සෝයා කිරි ඒකයි දෙන්න.....'
කැෂියර් ඒකෙ කාන්තාව හිතන්න අැති දෙකම ගත්තෙ මට කියලා.
අනේ අර අහිංසක දරුවා තාමත් සුපුරුදු පරිදි නැද්දෙ අයිස් ඒකක් කියනවා....
ඒතකොටම ඒ කාන්තාව කිව්වා රු 25 ක් අරං ඒන්න කියලා. පොඩි ඒකා කට අැරෙගන බලාගෙන ඉන්නවා.
පුතේ ගන්න. මේ අයිස් ඒක ඔයාට.
මං ඒහෙම කියලා අයිස්ක්‍රීම් ඒක පුතාගෙ අතට දෙද්දි ඒ් අැස් දිලිසුණු හැටි මං කොහොම විස්තර කරන්නද....
ඉවවහා ගිය සතුටිං කොලු පැටියා අයිස් ඒක අරං දුවද්දි මට දැනුණේ පුදුමාකාර සතුටක්.
මෙතෙක් වේලා තමාගෙ දරුවන් වෙනුවෙන් විතරක් අයිස්ක්‍රීම් අරං දුන්නු ඒතන හිටිය අම්මලා තාත්තලා මං දිහා බලාෙගන හිටියෙ ඔවුන්ට ඒහෙම කරන්න හිතක් පහල නාෙවුණෙ අැයි කියලා වෙන්න අැති.....
මට තාමත් ඒ් අහිංසකයාගෙ හඬ රැව් දෙනවා......
'නැන්දෙ අයිස් ඒකක්...... නැන්දෙ අයිස් ඒකක්....
අනේ නැන්දෙ අයිස් ඒකක්............'
- රුක්ෂිලා වෙත්තමුණි -
Friday, February 19, 2016
මං ආසයි මිස්ටර් රාජාට....
Aparna Sen ගෙ චිත්‍රපට වලට මං කවදත් කැමතියි. මේ චිත්‍රපටය මගෙ හිත තදින්ම වෙලා ගත්තා.කිහිප සැරයක්ම විටින් විට දින ගණනක් බැලුවා. අද ආයෙමත් තැනින් තැන මීනක්ෂි හා මිස්ටර් රාජා හෙවත් මිස්ටර් අයියර් ඉන්න කොටස් බැලුවා.
මට සිනමාත්මක භාෂාව ගැන අවබෝධයක් නැහැ. ඒත් රස විඳින්න පුළුවන් යම් නිර්මාණයක්. මිස්ටර් රාජාත් මං වගෙ පරිසරයට ආදරය කරන කෙනෙක්. ඒ වගේම ඡායාරූප ශිල්පියෙක්. හදිසි අවස්ථාවක මුණ ගැහෙන මීනක්ෂි හා දින තුනක් වැනි කාලයකදී ඔවු නොවුන් අතර සිදුවන ඒ අමුතු බැඳීමට මං හරිම කැමතියි. ජීවිතය කියන්නේ හැරයාමයි. අපි කැමති අය හා අපිට අකමැති අය හැමදාමත් කළේ අපිව හැරයාමයි.
මේ චිත්‍රපටය ඔස්සේ සමාජයට දෙන පණිවිඩය අස්සෙ කොච්චර දේවල් අර්ථ ගැන්වෙනවාද......
මං ආසයි මිස්ටර් රාජාට....
සියලුම කාන්තාවන් කැමතියි ආදරය කරුණාව වගේම ආරක්ෂාවත් තමන් ආදරය කරන පෙම්වතාගෙන් හෝ ස්වාමියාගෙන් ලබන්න. ඒක මනුස්ස ස්වභාවය. මිස්ටර් රාජා ගැන මට ඇති වෙන්නෙ ඒ නිසා පුදුම ආදරයක්.
චිත්‍රපටය ගැන කිසිත් නොකියා ඉන්නම්. ඒ ඔබට එය සිත් සේ නැරඹීමට සැලැස්වීමටයි.
මෙය නරඹලා ඔබට දැනෙන දේ අපිත් එක්ක බෙදා ගන්න......
සම්පූර්ණ චිත්‍රපටය නැරඹීමට....
https://www.youtube.com/watch?v=jTGZ8I0bHcI&list=PLA87B9E82EE0A0924
Subscribe to:
Posts (Atom)















