චීනයේ "ඩුන්හුවාන්ග්" හි සිට කිලෝමීටර් 6ක් පමණ දකුණට වන්නට පිහිටි මෙම "චන්ද්‍රවංකයක" හැඩැති උල්පත එරට වැසියන් හඳුන්වනු ලබන්නේ “යෙවුයාකුවාන්” නමිනි.
“කින්ග්” රාජංශය පැවැති සමයේ මෙම නම එයට තැබිණි.
මෙය ලොව පුරා ප්‍රකටව ඇත්තේ “ගෝබි
වැලි කතරේ මහා පුදුමය” ලෙසිනි. ඇතැමෙක් මෙය කාන්තාවකගේ සුන්දර ඇසකට සමාන කරයි.
ඇතැම් කවිවල
ඇත්තේ “අහසින්
වැලි කතරට ඇද වැටුණු චන්ද්රවංකයක්” ලෙසිනි.
1960 වසරේ කළ කැණීම්වලට අනුව මෙම උල්පතේ සාමාන්‍ය ගැඹුර මීටර් 4-5ක් පමණ විය. උපරිම ගැඹුර වූයේ මීටර් 7.5කි. ඉන් අනතුරව ගෙවී ගිය වසර 40 තුළදී මෙහි ගැඹුර ක්‍රම ක්‍රමයෙන් අඩුවන්නට
විය.
එතැන්
පටන් මේ වන විට මෙම උල්පත කමෛන් කමෛන් විශාල වෙමින් පවතී.
මෙම
උල්පත නිර්මාණය වන්නට ඇත්තේ කෙසේදැයි යමෙකු තුළ කුකුසක් ඇතිවන්නට පුළුවන. මෙය මුල් සමයේ පැවැතී ඇත්තේ “ඩැනීග්හී” නදියේ කොටසක් ලෙසිනි. නමුත් පසුකාලීනව
එම නදිය සිය ගමන් මග වෙනස් කළ අතර එහිදී ඉතිරි වූ ජල කඳින් මෙම උල්පත නිර්මාණය විය.
මෙම
උල්පත සම්බන්ධව
ඇති තවත් සුවිශේෂී
තත්ත්වයක්
නම් ඉතිහාසයේ සිට
අද දක්වාම ගෝබි වැලිකතර හරහා හමන ලද ප්‍රබල වැලි කුණාටුවලින් මෙම උල්පත වැසී
නොයාමයි. මෙය වැලි කුණාටු මගින් වැසී නොයන්නට හේතු වශයෙන් සැලකෙන්නේ මෙය වැලි කඳු අතර පැවැතීමය.
මෙහි
එක් පසෙකින් ඇති දකුණු සහ උතුරු වැලි කඳු නැගෙනහිර සහ බටහිර ඒවාට වඩා උසින් යුක්තය. සුළඟ වැලි කඳුවල බෑවුම් ඔස්සේ හමා යයි. එය වැලිත් රැගෙන
ගිනිකොණදිග
ප්‍රවේශයේදී එක්වර
ඉහළ නගියි. එසේ වැලිත් සමග ඉහළ නැගි සුළඟ වයඹදිග ප්‍රවේශයෙන් බැහැරට යයි. මේ නිසා උල්පත අවට දැකුම්කළු වැලි කඳු නිර්මාණය වනවා විනා වැලිවලින් උල්පත වැසී යන්නේ නැත.
විද්‍යාත්මක ගවේෂණයන් මගින් හෙළි වී ඇත්තේ ඩැනිග්හි
නදියේ පොළොව
අභ්‍යන්තරයේ ඇති උල්පත් මගින් චන්ද්‍රවංක උල්පත නිතර පෝෂණය ලැබෙන බවය. එබැවින් එහි
ජලය සියලු විට සමබර මට්ටමක පවතී.
උල්පත
පසෙකින් සාම්ප්‍රදායික හැන් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනගන ලද දාගැබක් දක්නට
ලැබේ. විවිධ සිහිවටනයන්ගෙන් පිරුණු වීදියක් ඔස්සේ මෙම ගොඩනැගිලි සංකීර්ණයට ඇතුළුවන්නට පුළුවන.
ජේඩ් පාෂාණයෙන් තනන ලද වසර දෙදහසකට වැඩි ඉතිහාසයකට
හිමිකම් කියන දිය පානය කරන බඳුනක් මෙහි දක්නට ඇත.
මෙය සංචාරකයන් අතර
ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති ස්ථානයක්ව ඇති අතර ඔටුවන්ගේ පිට නැගී මෙය
කරා පැමිණෙන්නට හැකි සේවාවක් ද ක්‍රියාත්මක වේ.
ගෝබි කාන්තාරය අලලා ලියවුණු කෘති......
ගෝබි කාන්තාරය ගැන තව දුරටත්...............
*උපුටා ගන්නා ලද්දකි (සමුදුර)
නිරංජන් චාමින්ද කරුණාතිලක
නිරංජන් චාමින්ද කරුණාතිලක
තැන්කුයි..
ReplyDeleteඅදමයි මේ ගැන ඇහුවේ
ReplyDeleteමෙහෙම දෙයක් ඇහුවමයි. ඇලන් ක්වාටමේන්, කිංග් සොලමන්ස් මයින්ස්, වගේ අලංකාර කතාවක් වගේ. ගොඩක්ම ස්තූතියි මේ තොරතුරුවලට.
ReplyDeleteඇත්තමයි මාත් මේ ගැන ඇහුවමයි...........
ReplyDeleteස්තූතියි අක්කේ.......
ස්තූතියි සියලු දෙනාටම............!
ReplyDelete