ස්ටැන්ලි කුබ්රික් මහා ධනවතෙකු නොවීය.
එහෙත් පසුකලෙක ලොව දැවැන්ත බැංකු තැන්පතු හිමි සිනමා ලෝලීන්ගේ බැංකු ගිණුම්
සෙලවීමට ඔහු සමත් විය.
1928 ජූලි 26 දින යුදෙව් ජාතික වෛද්‍ය “ජාකොබ් ලෙනාඩ් කුබ්රික්”ට දාව සාදි ගර්රූඩ් නම් ගැමි කත බිහිකළ
දරුවන් අතරින් වැඩිමහල් පිරිමි දරුවා වූයේ ස්ටැන්ලි කුබ්රික්ය. බාබ්රා බේරි ඔහුගේ
නැගණියයි. කුබ්රික්ගේ දෙමාපියෝ කිසිදු ආගමික මතයක් නොදැරූ බැව් “හෙන්රි කෝක්” තමා ලියූ කුබ්රික් චරිතාපදානයේ සටහනක්
තබමින් කියා සිටියි.
දහතුන්වන වියට පැමිණි ස්ටැන්ලි කුබ්රික් චෙස් ක්‍රීඩා ලෝලියෙක් විය.
චෙස් ක්‍රීඩකයාගේ අනාගතය පිළිබඳ
සැලකිලිමත් වූ පියා සිය පුතු වෙනුවෙන් අපූරු උපන් දින තෑග්ගක් මිලට ගෙන තිබිණි. ඒ තරමක මිල අධික කැමරාවකි. ස්ටැන්ලි
කුබ්රික් නම් අනාගත මහා සිනමාවේදියාගේ කලලය තැන්පත්ව තිබුණේ එම කැමරා කාචය තුළය.
අධික
ලෙස මොළය වෙහෙසන චෙස් ක්‍රීඩාවට වඩා කැමරා කාචයකින් මැවෙන මායාවට කුබ්රික් දැඩිව ඇළුම් කළේය.
කැමරාවෙන් මැවෙන මායාව තුළින් මිනිස් සිත් කියැවීමට ලැබිම ඔහු කැමරාව වෙත ඇද බැඳ
තබාගැනීමට හේතු වූ තවත් කරුණක් විය. එම මායාව වෙත ඔහු වඩ වඩාත් සමීප වූයේ නිව්යෝක්
නගරය පුරා ඇවිද යමින් සිය කැමරා කාචයට ගොනුකොටගත් ඇතැම් රූ රටා යළි යළි නැරඹීමෙන්
උපන් ප්‍රහර්ෂයෙනි.
එවකට
නිව්යෝර්ක් නගරයේ තරුණයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටි “ලුක්” නම් ඡායාරූප සඟරාවේ ප්‍රධාන කර්තෘවරයාට
ස්ටැන්ලි කුබ්රික් නම් ආධුනික ඡායාරූප ශිල්පියාගේ සුවිශේෂී හැකියාවන් පිළිබඳ
ආරංචිය සැලවී තිබිණි. ස්ටැන්ලි කුබ්රික්ට “ලුක්” සඟරාවේ මාණ්ඩලික
ආධුනික ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කිරීමට
අවස්ථාවක් උදාවුණේ එලෙසිනි.
Kubrick photo of Chicago taken as photographer for Look magazine, 1949 |
සෞන්දර්ය
කලාවේ විසිතුරු මංපෙත් පසුකළ
ස්ටැන්ලි සිනමාව නම්
සිහින පාරාදීසය තුළ ලැගුම් ගත්තේය. රූපය, ශබ්දය, ආලෝකය, වර්ණය වැනි ස්වාභාවික සංඝටකවල සම්මිශ්‍රණයෙන් මිනිස් ක්‍රියාකාරකම් සෞන්දර්යාත්මක හැඩරුවක් සහිතව ප්‍රතිනිර්මාණය
කළ හැකි අයුරු කුබ්රික්ගේ මනසේ මැවෙන්නට විය.
චෙස් ක්‍රීඩාවේ හපනෙකු වූ ඔහු පසුකල
චෙස් ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත හා සිනමා භාෂාව ගැටගසා ගත් ස්ටැන්ලි කුබ්රික්
සනාතනික වටිනාකමින් පොහොසත් සුවිශේෂී රූ පෙළහරක් ලෝක සිනමාවට දායාද
කළේය.
කමෛන් කමෛන් ජාත්‍යන්තර සිනමා ලෝලීන්ගේ
හා විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වූ ස්ටැන්ලි කුබ්රික්ගේ සිනමා සංකල්පයන් වඩාත්
නිර්මාණශීලී ඉසව් සොයා යන්නට විය.
නව තාක්ෂණ ක්‍රමවේදයන්ගෙන් හා අත්හදා
බැලීම්වලින් පොහොසත් වූ කුබ්රික්ගේ ඡායාරූප දුටු රසිකයෝ සාම්ප්‍රදායික ඡායාරූප
කලාවෙන් ඈත් වීම වළකාලීම අසීරු කරුණක් විය.
කුබ්රික්ගේ ඡායාරූපවල නිර්මාණාත්මක අගය
පිළිබඳ කීර්තිරාවය නගරය පුරා පැතිර යන්නට විය. දිනෙන් දින රසික ඉල්ලුම ද වැඩිවන්නට
විය.
1951 සුප්‍රසිද්ධ “ටයිම්” සඟරාවේ මාර්තු
කලාපය සඳහා විචාරාත්මක වාණිජමය රූ පෙළක් නිර්මාණය කිරීමේ පළමු ආරාධනය කුබ්රික්ට
ලැබුණු පළමු සිනමා අත්දැකීමය.
නිව්යෝර්ක් සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය සඳහා ‘ටයිම්’ සඟරාව අළලා කෙටි චිත්‍රපටයක් නිපදවීමට
කුබ්රික් අතගැසුවේය.
එම වාණිජමය රූප පෙළ මත ඡායාරූපකරණය හා
සිනමා අධ්‍යක්ෂණය පිළිබඳ කුබ්රික්ගේ අපූරු
හැකියාව පිළිබඳ කීර්තිය සිනමා ක්‍ෂේත්‍රය පුරා එක රැයින් පැතිර යන්නට විය.
කැමරාව
තුළ සඟවාගත් කුබ්රික්ගේ සහජ හැකියාව වඩාත් කැපී පෙනෙන අයුරින් ඉස්මතු වූයේ “ඩේ ඔෆ් ද ෆයිට්” නම් වාර්තාමය සලරු පෙළ රූගත කිරීමත්
සමගය. කුබ්රික් තමාට ලැබුණ මෙම වරම සඳහා තම බැංකු ගිණුමේ තිබූ සියලු සේසත
නිර්ලෝභීව වැය කළේය.
“ඩේ ඔෆ් ද ෆයිට්” නම් වාර්තාමය සලරු පෙළ - මෙතනින් නරඹන්න......
චිත්‍රපට
සඳහා කුබ්රික්ගේ අසීමිත ලෝභකම හා චිත්‍රපට අධ්‍යක්ෂණයෙහිලා දක්වන හුරුබුහුටි
දඟකාරකම හඳුනාගත් “ඇලෙක්සැන්ඩර්
සිංගර්” නම් වූ සමීපතම මිතුරෙකු දුප්පත්
කුබ්රික්ගේ ඉදිරි නිර්මාණ සඳහා දායකත්වය සැපයීමට ඉදිරිපත් විය. එසේ නොවන්නට
ස්ටැන්ලි කුබ්රික්ගේ සුවිශේෂී නිර්මාණ කෞෂල්‍යය අකාලයේ
මියැදෙන්නට ඉඩ තිබිණි.
Fear and Desire (1953) |
සිංගර්ගෙන් ලැබූ උත්තේජනය
මත සිය නෛසර්ගික හැකියාව අවුළුවාගත් කුබ්රික් “ ද සී
ෆෙයාරර්ස්” නම් කෙටි චිත්‍රපටය
නිපදවා දෙවනුව සිය මුල්ම වෘත්තාන්ත චිත්‍රපටය වන “ෆියර් ඇන්ඩ්
ඩිසයර්” නම් චිත්‍රපටය
සඳහා මූල්‍යමය සම්මාදමක් සොයා වෙහෙසුණේය.
මාධ්‍ය සගයෙකුවූ “හොවාඩ් සැක්ලර්” ගේ ‘ෆියර් ඇන්ඩ්
ඩිසයර්’ නම්
නවකතාව එනමින්ම තිරකතාව ලියා ඔහු අධ්‍යක්ෂණය කළේය.
කුබ්රික්ගේ නිදන කුටියේ සැඟවගත් එක්
පිටපතක් ඇමරිකානු චිත්‍රපට සංරක්ෂකයන්ගේ නෙත ගැටීමෙන් අනාගත සිනමා ලෝලීන් වෙනුවෙන්
“ෆියර් ඇන්ඩ් ඩිසයර්” නම් සිතුවම් පටය රැකගැනීමට හැකිවිය.
නන්නාඳුනන
රටක මහ වනාන්තරයකට කඩා වැටුණු ගුවන් යානයක සිටි සොල්දාදුවන් හතර දෙනෙකු හා ඔවුන්
සතුරාගේ බංකරය සොයා යන දුෂ්කර ගමනේ දී මුණ ගැසුණු දේශීය ගැහැනු දරුවෙකු පිළිබඳ
කතාව එම චිත්‍රපටයේ කතා තේමාව විය. කළුසුදු වර්ණයෙන් නිපදවූ එම සිනමා පටය අඳුර හා ආලෝකයේ හැඩතල තුළින් ප්‍රබල
ලෙස මතුකරගත් විශ්මිත රූපරාමු පෙළ ආධුනික චිත්‍රපටකාරයෙකු වූ ස්ටැන්ලි කුබ්රික් සතු සිනමාව පිළිබඳ
පෘථුල අවබෝධය හා සිනමාවෙ අනාගත මහා පෙරළිකාරයාගේ ප්‍රගමනයේ සමාරම්භක මොහොතක
සනිටුහන් කරන්නක් බැව් පිළිගැනිනි.
ඉන්පසු හොලිවුඩයේ සිනමා යෝධයන්
කුබ්රික්ගේ නිර්මාණාත්මක හැකියාව සඳහා නොමසුරුව විය පැහැදම් කිරීමට ඉදිරිපත් විය. පොත්
ගුල්ලෙකු වූ කුබ්රික්ගේ සියලුම නිර්මාණ සඳහා වෙනත් ලේඛකයකුගේ නවකතාවක්, ටිකතාවක් හෝ වෙනත් නාට්‍ය පිටපතක් පාදක
වී තිබිම ද සුවිශේෂී කරුණකි.
Killer's Kiss (1955) |
“කිලර් කිස්” සහ ෆියර් ඇන්ඩ් ඩිසයර් ලියූ හොවාඩ් සැක්ලර්, “පාර්ස් ඔෆ් ග්ලෝරි ලියූ හම් ෆ්‍රී කොබ් “ ද ෂයිනින්” ( ලියූ ස්ටීවන් කිං ඩොක්ටර් ස්ට්‍රේන්ජ්
ලව් ලියූ පීටර් ජෝර්ජ්, අ ක්ලොක් වර්ක් ඔරේන්ජ් ලියූ ඇන්තනී බර්ගීස්, බැරි ලින්ඩන් ලියූ විලියම් මැකේපීස්, ෆුල් මෙටල් ජැකට් ලියූ ගුස්ටාව් හැස්ෆෝඩ්, අයිස් වයිඩ් ෂට් ලියූ ආතර් වින්ට්ස්ලර්
ආදීහු ස්ටැන්ලි කුබ්රික්ගෙන් ලෝක සිනමාවට දායාද ලෙස ලැබුණු අපූරු සිහිවටන හා මං
සලකුණු සඳහා කතාන්තර ලියා දුන්නවුන් අතර ප්‍රමුඛයෝ වෙති.
Kubrick with his wife, Christiane, and their three daughters, 1960 |
පාසල් මිතුරියක වූ “ටොබා මේට්ස් “ නම් නිළිය කුබ්රික්ගේ ප්‍රථම බිරිය ද
විය. ඒ විවාහය මෙන්ම ඔහුගේ දෙවන විවාහයද දික්කසාදයෙන් කෙළවර වූ අතර තුන්වන බිරිය
ක්‍රිස්ටියෑන් හාලන් අවසානය දක්වාම ඔහු හා රැඳුනාය.
‘2001 ස්පේස් ඔඩිසි‘ නම් රොකට් තාක්ෂණය පාදක කොට ලියූ මුල්ම සිනමා කථාන්තරය
කුබ්රික්ගේ සිනමානුරූපී පරිකල්පනයේ කූඨප්‍රාප්තිය ලෙස සැලකේ.
ශ්‍රී ලංකාවේ සම්මානනීය පුරවැසියෙකුව සිටි ඇමරිකානු ජාතික ආතර් සී. ක්ලාර්ක් විසින් ලියූ “ද සෙන්ටිනල්” නම් කෙටිකතා ස්පෙස් ඔඩිසි චිත්‍රපටයේ වස්තු බිජයයි.
ශ්‍රී ලංකාවේ සම්මානනීය පුරවැසියෙකුව සිටි ඇමරිකානු ජාතික ආතර් සී. ක්ලාර්ක් විසින් ලියූ “ද සෙන්ටිනල්” නම් කෙටිකතා ස්පෙස් ඔඩිසි චිත්‍රපටයේ වස්තු බිජයයි.
1968 තිරගත වූ එම චිත්‍රපටය කුබ්රික්ගේ සිනමා දිවියේ කූඨප්‍රාප්තිය
සනිටුහන් කරමින් ඔස්කාර් සම්මානයෙන්
පිදුම් ලැබුවේය.
දාසයන්ගේ තුන්වන යුද්ධයේ නියමුවා වූ
ස්පාටකස්ගේ සත්‍ය ජීවිත කතාව වටා ගොඩනැගුණු දැවැන්ත නිර්මාණය දෙවෙනි වන්නේ
හර්කියුලස් නම් සිනමා පටයට පමණි.
එවකට ඇමෙරිකානු සිනමා කර්මාන්තයේ වැඩිම
පිරිවැයක් යොදමින් 31 හැවිරිදි කුබ්රික්
අතින් හැඩ වැඩ ගැන්වූ චිත්‍රපට අතුරෙන් දැවැන්තම හා දීර්ඝතම සිනමා පටය මෙයය.
සිතුවම් පටයේ ප්‍රධාන භූමිකාවට පණ දුන් “කර්ක් ඩග්ලස්”නිෂ්පාදනය කළ ස්පාටකස් රෝමානු අධිරාජ්‍යයන්ගේ
සුවිසිතුරු රාජකීය ජීවිතයේ අමානුෂික මුහුණුවර කැමරා කාචයට මැනවින් හසුකරගත් සුවිශේෂී සිනමා ගෙත්තමක් ලෙස විචාරක පැසසුම් ලබා ඇත.
දස දහසක් තරම් වූ නළු නිළි කැලකගේ
නිර්මාණාත්මක හැසිරීම මැනවින් හඳුනාගෙන ඔවුන් විවිධ චරිතාංග සඳහා විනයානුකූල ලෙස
මෙහෙයවමින් ස්ටැන්ලි කුබ්රික් අධ්‍යක්ෂවරයාගේ සුවිශේෂ අධ්‍යක්ෂණය අභිබවා යන්නට
හැකි වූවන්ගේ ගණන අල්පය.
ජීවමානාකරයෙන් ප්‍රේක්ෂක සිත් සතන්
එකපැහැර අල්ලා ගැනීමට සමත් වූ කුබ්රික්ගේ තාක්ෂණික හා නිර්මාණාත්මක ඥානය විශ්මයජනකය.
“2001-ස්පේස් ඔඩිසි“ නැරඹූ ස්ටීවන් ස්පිල්බර්ග් වැනි සෙසු සිනමා විශිෂ්ටයෝ පැවසුවේ
ලෝක සිනමාවේ විශිෂ්ටතම සිනමාකරුවන් දහය තුළ ‘ස්ටැන්ලි කුබ්රික්’ නාමය අනිවාර්යයෙන්ම ඇතුළත් වන බවයි.
ස්ටැන්ලි කුබ්රික්ගේ සිනමා එකතුව නැරඹීමට.......
“ද ක්ලොක්වර්ක් ඔරේන්ජ්” චිත්‍රපටය මගින් කුබ්රික් ලෝක ධනවත් දේශපාලන සංස්කෘතියට ශාප
කරයි. පවතින සංස්කෘතියට එරෙහිව බිහිසුණු ක්‍රියාවන්හි යෙදෙන තරුණ පරපුර පිළිබඳ
විවෘත මනසකින් බැලිය යුතුය යන පණිවුඩයට දේශපාලකයෝ එකඟ නොවූහ.
මෙම චිත්‍රපටයට ලෝ පුරා දේශපාලන බලවත්හු
වාරණයක් පනවමින් ලන්ඩන් නුවර සියලු සිනමාහල්වලින් චිත්‍රපටය ඇද දැමූහ. කුබ්රික්ගේ
මරණය තෙක් එම තහනම ක්‍රියාත්මක කෙරිනි.
චිත්‍රපටයේ දර්ශන කිහිපයක්.....
1999 මාර්තු 07 වෙනි දින හෘදයාබාධයකින් ස්ටැන්ලි කුබ්රික්ගේ අවසන් හුස්ම පොද
වා තලයට එක් වූ දිනට පසුදින මෙම සුවිශේෂී නිර්මාණයේ අන්තර්ගතය පිළිබඳ යළි විශ්‍ලේෂණාත්මක
කතිකාවතක් ගොඩනැගෙන්නට විය.
එම චිත්‍රපටයේ
සිනමානුරූපී විශිෂ්ටත්වය කුබ්රික්ගේ මරණයට පෙර හඳුනාගැනීමට අපහසුවීම පිළිබඳ විශ්‍ලේෂකයෝ විමතිය හා අප්‍රසාදය පළකිරීමට පෙළ ගැසිනි.
ස්ටැන්ලි කුබ්රික්ගේ අවසන් කටයුතු මාධ්‍යවේදීන්
ඇතුළු පිටස්තර කිසිවෙකුගේ සහභාගිත්වයකින් තොරව සිදුකෙරිනි.
* උපුටා ගන්නා ලද්දකි (සමුදුර)
සරත් අමරකෝන්
ඉතා වටිනා තොරතුරු සමූහයක් අප හා බෙදා ගත්තාට ස්තූතියි රුක්ෂිලා...............!
ReplyDeleteදැනුම් ගබඩාවට අලුත් යමක් එකතුකරගන්න පාර පෙන්නුවට ස්තූතියි ඔබට!
ReplyDeleteස්තූතියි.............!
Deleteඔන්න පට්ට වටින කාවක් ෂෙයා කරන්න එෆ් බී ලිංක් කරල තිබ්බ නං තවත් වටිනව
ReplyDeleteMahesh
Deleteඇයි මහේෂ් ලින්ක් එක පේන්නෙ නැතිද? මං පෝස්ට් එකට යටින් ශෙයා කරන්න පුළුවන් විදියට දාලනෙ තියෙන්නෙ.
ස්තුතියි.. ස්පේස් ඔඩිසි බැලුවට කුබ්රික් ගැන දැනං හිටියේ නැහැ. ස්තුතියි ආයිත්..
ReplyDeleteරසවින්ඳාට ස්තූතියි දේශකයා...........
DeleteHoda lipiyak.Aluth charithayak hambuna.oyata pin.
ReplyDeleteDerrick
ස්තූතියි..............!
Delete