වියළි තන පුඩු
උරා හඬනා
පුතුගෙ කඳුළින්
ඇකය පිරුණා
හෙළන කඳුළැලි
මහ ගඟක් වී
සයුර සිඹිමින්
ගලා හැලුණා
කඳුළු පොකුරක්
සිප්පි කටුවක
සැඟවිලාවිත්
ගොඩට ඇදුණා
යෝධ පයකට
තැලී පොඩිවුණ
කඳුළු පොකුරම
හඬා වැටුණා
රුක්ෂිලා වෙත්තමුණි
පව් තමා...
ReplyDeleteදේශකයා......
Deleteඇත්ත එය තමයි මේ සමාජයේ...........
හරිම අපූරු සංකල්පනාවක්. ඉතාම හොඳ නිර්මාණයක්. දිගටම නිර්මාණකරනයේ යෙදෙන්න.
ReplyDeleteසුබපැතුම්..ජය වේවා!
ස්තූතියි සොයුර............!
Deleteඅපූරුයි අක්කා.....
ReplyDeleteහරිම අර්ථවත් නිර්මාණයක්........
ස්තූතියි නංගී............
Deleteඅසංවේදී පා දෙපා වලට තැලී පොඩි වන කඳුළු කොපමණ ඇද්ද ? ඉතා සංවේදී සංකල්පනාවක්
ReplyDeleteස්තූතියි සොයුරිය.........!
Deleteලස්සනයි වගේම හරිම අපූරුයි, ලස්සන තාලය, ලස්සන නිර්මාණයක් තුල සමාජ යතාර්තයක් අපුරුවට ගලපලා, ඔබට ජය වේවා.
ReplyDeleteස්තූතියි..........!
Deleteහ්ම්...
ReplyDeleteමොකක්ද ඉන්දිකගේ අදහස.......
Deleteහ්ම් කියල නැවැත්තුවේ මොකෝ............
පත්තරේ වාර්ථා කොපි දානවට වලට වඩා වැඩිපුර මෙහෙම කවි ලියන්න හිතුවොත් නරකද?
Deleteකවිය ගැන හිතෙන ඔක්කොම ලිව්වොත් කවිය රස විඳින්න පරහක් වෙනව. ඒ නිස හිතෙන, මැවෙන දේ ඡායාවක් වගේ තියාගෙන හොඳ කවියක් දිහා බලන එක මගේ පුරුද්ද.
ස්තූතියි ඉන්දික.........!
Deleteඇත්තටම මං පත්තරවල ගිය වටිනා ලිපි දාන්න හිතුවේ ඒ ලිපි කියවල නැති අය එක්ක බෙදා ගන්න ඕන කියල තදින්ම දැනුණු නිසයි. එදිනෙදා පත්තර වල එම ලිපි පළ වුණත් බොහෝ අය ඒවා නොදැකපු බවක් තමයි මං මුලින්ම දාපු පත්තර ලිපියෙන් දැක්කෙ.
ඉස්සර නම් කවි ලිව්වා ඉන්දික. දැන් ආයෙත් ලියන්න පටන් ගන්න ඕනේ.
හරිම අර්ථවත්කවියක් වාගෙයි පේන්නෙ.
ReplyDeleteකවිය විඳින අයුරින් තමයි සොයුර එහි විවිධ පැතිකඩ පේන්නේ........
Deleteස්තූතියි.....!
ලස්සන අදහසක්...
ReplyDeleteස්තූතියි...........!
Deleteලස්සනයි!! ඒත් රුක්ශිලා වැඩිය ලියන්නේ නැහැනේ නේද?
ReplyDeleteස්තූතියි......!
Deleteමගේ ෆේස්බුක් එකේ “හදට දැනුුණු සිතුවිලි“ කියල ඉස්සර ලිව්වා. ඒත් දැන් කාලයකින් ලියන්න බැරි වුණා.
අපූරුයි ළමයෝ............
ReplyDeleteමට නම් මේ කවිය කියවද්දි විවිධ ආකාරයෙන් චිත්ර රූප මැවුණා. ඒ කියන්නේ කවිය සාර්ථකයි.
ඔව් අර කිව්වත් වගේ මාත් මේ දරුවා ලියන කවි වැඩිය දැකල නැහැ. දාන්නකො බලන්න ලියපුවා අපිටත් බලා ගන්න.
ස්තූතියි රතු මාමේ.....
Deleteකලින් ලියපුවා විටින් විට දාන්නම්කෝ............
හරිම අර්ථවත්.........!
ReplyDeleteසුබ පැතුම්. දිගටම ලියන්න.