Sunday, December 16, 2018

බරොස් මණ්ඩපය



බරොස් මණ්ඩපයඅනුරාධපුර - අභයගිරිය එස්.එම්. බරොස් 1886 දී දානශාලාවේ ගල්ඔරුව අලුත්වැඩියා කරමින් සිටින අතර අවට කැලය පිරික්සා බැලීමේ දී සොයාගනු ලැබීය. මනා නිමාවකින් හා සුපරික්ෂාකාරීව කොටන ලද මකර තොරණින් යුක්ත කවුළු දොරවල් හයක කැටයම් මෙහි කොටා තිබේ. පොළොව කැණීමේ දී එක් පදනමක් හා නොකැඩි තිබූ ගල් කණුවක් ද කැඩුණු ගල් කණු කැබලි ද පියගැට පෙළක් ද හමු වී ඇත. හමු වූ පාදමෙහි දිග පළල වියන් ගල් කැබලි තුනේ දිග පළලට සමාන වී ඇත. මෙය පිළිසකර කිරීම සඳහා දම්වැල් කැබැල්ලක් හැර වෙනත් කිසි උපකරණයක් තිබී නැත. සිටිය එක් පෙදරේරුවා හිරේ වැටී සිට නිදහස් වූවෙකි. ගල් සියල්ල ටොන් තුනකට වඩා බරින් යුක්ත විය. නොකැඩී ඉතිරි වී තිබූ කණුවේ මිම්ම ගෙන ඒ මිම්මට අනුව අවටින් තවත් ගල්කණු 7 ක් තෝරාගෙන තිබේ. කණු සිටුවීමෙන් පසු මෙම පෙදරේරුවා කණු වැසීයන පරිදි පස් පුරවා පියන්ගල් දැව කඳන් හා යකඩ පොලුවල ආධාරයෙන් පිර වූ පස් කන්ද දිගේ ඇද, කණු මුදුනට ගෙන රඳවා ඉන්පසු පස් ඉවත්කර තිබේ. පුරාණ කාලයේත් මෙම ශිල්ප ක්‍රමය උපයෝගී කර ගන්නට ඇතැයි බරෝස් සඳහන් කර තිබේ. බරෝස් විසින් පිළිසකර කිරීම නිසා මෙම ස්මාරකය බරොස් මණ්ඩපය යනුවෙන් ව්‍යවහාරයට පත්ව ඇත.Pic by Rukshila Wettamuni

1 comment: