Thursday, March 24, 2016

රාත්‍රිය හරි දිගුයි



මගෙ වචන වලට පණ දුන් ආදරණීය වෙදැදුරෝ දෙදෙනා....

 ජීවිතේ ඉතා සතුටුම අවස්ථාවක්.........

මං යළි ඉපදුණා කියලා දැනෙනවා. දයාන් අයියා කියන්නෙ මං තරුණ අවදියේ ඉදන්ම බොහෝ සෙයින් ආදරය කළ චරිතයක් සහ බොහෝ සෙයින් ආදරය කරන  හඬක්. ඉතිං ඒ ආදරණිය හඬින් මගෙ පළමු ගීතය ගැයෙනවා දකින්න තරම් මං කෙතරම් වාසනාවන්තද හැබෑටම.

ආදරණීය දර්ශන මල්ලී මානුෂිය ගුණ වලින් පිරිපුන් ඔබව මගෙ ප්‍රථම නිර්මාණයෙ සංගීත නිර්මාණය සඳහා දායක කර ගන්න ලැබීම කෙතරම් සතුටක්ද....

මේ තිලිණය ආදරණීය ඔබ සැමටයි..........!


උදා හිරු රැස් හෙමින්
කොහේ සැඟවුණිද දැන්
රාත්‍රිය හරි දිගුයි
ගෙවෙන්නෙම නැති හැඩයි

සුසුමකට පණ පොවයි
ඔබෙ සුවඳ රැඳුණු තැන්
නිදන්නට බැරි හැඩයි
දෙනෙත් මගෙ හරි බරයි

මේ විසල් කතර ඉම
යළි නොඑන බව දැනත්
දින දසුනෙ පිටු අතර
හිඳිමි මං මඟ බලන්

ගායනය - දයාන් විතාරණ
පද රචනය - රුක්ෂිලා වෙත්තමුණි
සංගීතය - දර්ශන වික්‍රමතුංග
නාද ශික්ෂණය - සඳරු ගමගේ

ගීතය ඇසීමට....




14 comments:

  1. අඩ්ඩඩ්ඩා... සිංදු ලියන බ්ලොගර්ස්ලා එන්න එන්නම වැඩි වෙනවානේ..
    ඒක නං ඇත්තටම සාධනීය තත්වයක්...
    ලස්සනයි සිංදුවත් රුක්ෂිලා අක්කා...
    තවත් ලස්සන ලස්සන පද රචනා කරන්න ශක්තිය ලැබේවා..
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  2. ඇත්තට ම කවියෙක්ගේ ජීවිතේ වැදගත් ම කඩඉමක්..... තමන් ලියපු කවියක් පද ගැලපිලා ලස්සනට තියෙනවා කියලා තමන්ට ම තේරීම තමා පළමු අවස්ථාව. ඒ කවියක් මුදුණය වෙලා තියෙනවා දැකීම තමා දෙවැනි සතුට. ඒ කවියක් තවත් කෙනෙක් දැකලා අගය කිරීම තමා තෙවැන්න. එ කවියක් ගීතයක් වෙලා ගැයෙනවා ඇසීම තමා සිව්වැන්න...... තව තියෙනවා..... ඒ ගීතයකට සම්මාන ලැබීම වගේ දේවල්.... හැබැයි කවියා කියන්නේ හැමවෙලාවෙම වගේ තිරය පිටුපස ඉන්නා මහා චරිතයක් තමා...........

    ReplyDelete
  3. ඔයා ගැන සතුටුයි රූ....... මගේ සුබ පැතුම්...!!!

    ReplyDelete
  4. සුබ පැතුම් රුක්ෂිලා . තව තවත් මේ වගේ ලස්සන ගී ලියන්න ඔබට පුළුවන් වේවා !

    ReplyDelete
  5. සුබපැතුම් අක්කා..හර්දයාංගම පද පෙළක් අපූරුවට ගැලපෙන කටහඬක් ! සහ හදට දැනෙන සංගීතයක් !

    ReplyDelete