Sunday, February 21, 2016

අනේ නැද්දෙ අයිස් එකක්..........


කිරිබත්ගොඩ සෝයා අයිස්ක්‍රීම් කඩේට අද මං ගොඩ වුණේ සෝයා කිරි ඒකක් බොන්න හිතාගෙන. 

මාස ගණනක් වයසැති පුංචි කෙලි පොඩ්ඩියක් උරහිසේ හොවාගෙන මැදිවියෙ කාන්තාවක් කඩේට ගොඩ වුණේ ඒ් අතරවාරයේදියි. අැය ටිකට් පොතක් අතැතිව හිටියෙ. කැෂියර් ඒකේ කාන්තාවට මොනවාද කියනවා දැක්කත් මං ටිකක් පසුපස හිටිය නිසා කිව්වෙ මොනවාද කියලා පැහැදිලිව අැහුණෙ නැහැ. අැයත් ඒක්ක වයස අවුරුදු 8 ක විතර පුතෙක් හිටියා. අැයට තමන් අා කාරණය ඉටු කරගන්න නොහැකි වුණු විත්තිය හිතුණේ කැෂියර් ඒකෙ හිටිය කාන්තාව අන්තිමට උස් හඬින් කිව්ව වචන නිසයි.


'අනේ අපිට ටිකට් ගන්න සල්ලි වෙන් කරලා නැහැ'

ඒ් අතරවාරේ මගෙ අවධානය යොමු වුණේ අර පුංචි කොලු පැටියා දිහාවටයි.
ළමයි කිහිප දෙනෙක්ම ඒ් මොහොත වෙද්දි අයිස්ක්‍රීම්වල රසවිඳනවා.
අනේ අර කාන්තාව ඒක්ක අාපු පුතා ඒකපාරටම කැෂියර් ඒකේ කාන්තාවට මෙහෙම කියන්න ගත්තා.


'නැන්දෙ අයිස් ඒකක්...... නැන්දෙ අයිස් ඒකක්....
අනේ නැන්දෙ අයිස් ඒකක්............'


මට කලින් පෝලිමේ හිටිය අම්මා කෙනෙක් ඒයාගෙ දරුවො දෙන්නට දෝතින්ම අයිස්ක්‍රීම් දෙකක් අරගෙන ගිහිං දෙද්දි අර අහිංසක දරුවා බලාගෙන හිටියෙ පුදුම වේදනාවකින්. ඒ් දරුවගෙ අැස්වල තිබ්බ අසරණකමින් මාව පිච්චිලා ගියා.

ඊළඟ වාරේ මගෙ.


'මට අයිස්ක්‍රීම් ඒකයි සෝයා කිරි ඒකයි දෙන්න.....'

කැෂියර් ඒකෙ කාන්තාව හිතන්න අැති දෙකම ගත්තෙ මට කියලා.
අනේ අර අහිංසක දරුවා තාමත් සුපුරුදු පරිදි නැද්දෙ අයිස් ඒකක් කියනවා....


ඒතකොටම ඒ කාන්තාව කිව්වා රු 25 ක් අරං ඒන්න කියලා. පොඩි ඒකා කට අැරෙගන බලාගෙන ඉන්නවා.

පුතේ ගන්න. මේ අයිස් ඒක ඔයාට.

මං ඒහෙම කියලා අයිස්ක්‍රීම් ඒක පුතාගෙ අතට දෙද්දි ඒ් අැස් දිලිසුණු හැටි මං කොහොම විස්තර කරන්නද....

ඉවවහා ගිය සතුටිං කොලු පැටියා අයිස් ඒක අරං දුවද්දි මට දැනුණේ පුදුමාකාර සතුටක්.

මෙතෙක් වේලා තමාගෙ දරුවන් වෙනුවෙන් විතරක් අයිස්ක්‍රීම් අරං දුන්නු ඒතන හිටිය අම්මලා තාත්තලා මං දිහා බලාෙගන හිටියෙ ඔවුන්ට ඒහෙම කරන්න හිතක් පහල නාෙවුණෙ අැයි කියලා වෙන්න අැති.....
මට තාමත් ඒ් අහිංසකයාගෙ හඬ රැව් දෙනවා......

'නැන්දෙ අයිස් ඒකක්...... නැන්දෙ අයිස් ඒකක්....
අනේ නැන්දෙ අයිස් ඒකක්............'


- රුක්ෂිලා වෙත්තමුණි -

16 comments:

  1. හරිම හොඳ වැඩක්. මේ වගේ දරුවෝ ඕනේ තරම් අපි දකිනවා. එයාලට සුළු හරි උදව්වක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්..

    ReplyDelete
  2. ඇත්තටම අගය කරනවා අක්කේ. අපි උදවුවක් කරන්න ඕන දෙයක් අවශ්‍ය කෙනෙකුටයි.

    ReplyDelete
  3. යහපත් චේතනාවෙන් සහ, ප්‍රතිලාභ අපේක්ෂාවෙන් තොරව කරන පරිත්‍යාගය, මහඟු පුණ්‍යකර්මයකි.

    ReplyDelete
  4. ///මෙතෙක් වේලා තමාගෙ දරුවන් වෙනුවෙන් විතරක් අයිස්ක්‍රීම් අරං දුන්නු ඒතන හිටිය අම්මලා තාත්තලා මං දිහා බලාෙගන හිටියෙ ඔවුන්ට ඒහෙම කරන්න හිතක් පහල නාෙවුණෙ අැයි කියලා වෙන්න අැති.....///

    එහෙම හිතෙන එවුන් මේ ලෝකේ හරි අඩුයි...

    ReplyDelete
  5. I love your work..specially to the heart you have

    ReplyDelete
  6. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද - දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.

    ReplyDelete
  7. අපිට නෑනේ ඔයා වගේ නැන්දලා

    ReplyDelete
  8. දවසක්... අවුරුදු දහයකට වතර ඉස්සර. අපේ ඔෆිස් එක ඉස්සරහ සෝයා අයිස්ක්‍රීම් තියෙන කැන්ටිමක් තිබුණ. මම ඕක ඉස්සරහපිට සිගරැට්එකක් බිබී ඉද්දි පුතෙක් ඇවිත්, "අංකල් අයිස් ක්‍රීම් එකක් ගන්ඩ රුපියල් දෙකක් අඩුයි. තියෙනවනං දෙන්ඩකො..." කියල ඉල්ලුව. මං දුන්න. පස්සෙ මයෙ සිගරැට් එක ඉවර වෙන්ඩ කිට්ටුව කොල්ල අයිස් ක්‍රීම් එකක් ගෙනත් මට පෙන්නුව. "මේං අංකල් මං ගත්ත..." කියල.

    මට සිගරැට් නවත්තල අයිස් ක්‍රීම් කන්ඩ හිතුණ.

    ReplyDelete