Friday, December 4, 2015

" කාන්තාවන් සියල්ලන්ම වැරදි නම් පිරිමි පමණක් නිවැරදිද ? "



"THE STONING OF SORAYA M"

ඔබත් අනිවාර්යෙන්ම මේ සිනමා කෘතිය නරඹන්න 

මේ මිලේච්ච සංස්කෘතියට එරෙහිව ඔබේ පළමු ගල ගසන්න ..!!!

Dont act like the hypocrite 

who thinks he can conceal his wiles 

while loudly quoting the Koran


වසාලන්නට තම කපටිකම්

කුරානය උපුටා දක්වමින්

කුහකයෙකු සේ

රඟනු කුමටද


14 වන සියවසේ ඉරානයේ විසු හෆේස් නම් කවියෙකුගේ පදමාලාවකින් මේ සිනමා කෘතිය ආරම්භ වේ. මේ උදෘතය තුලම මේ අනුවේදනීය කතාවම රැඳී ඇත. "සිරගතව සිටින අප සියල්ලම වැරදි නම් ඉන් පිටත සිටින සියල්ලන්ම  නිවැරදිද " මේ මැගසින් බන්ධනාගාරයේ නාඳුනන සිරකරුවෙකු ලිවූ වදනකි. මේ සිනමා සිත්තම තුලද එවැනිම මහා ගැඹුරක් ඇති දෙබසක් මා දුටුවෙමි. මේ කතාංගයේ ගල් ගසා මරාදමන සොරායා ගේ නැන්දනියවන සහ්රා මෙසේ අසන්නේය...

" කාන්තාවන් සියල්ලන්ම වැරදි නම් පිරිමි පමණක් නිවැරදිද ? "




මිත්‍යාදෘෂ්ඨික ජනයා තම ඇදහීම් 
තුලින් මනුෂ්‍යත්වය කීතු කීතු වලට
 ඉරා වනසා දමන අයුරු
 "THE STONING OF SORAYA M" 
චිත්‍රපටය අධ්‍යක්ෂ Cyrus 
Nowrasteh සමත් වී ඇත.





එමෙන්ම පුරුෂාධිපත්‍යට යටත් වූ  පසුගාමී සමාජ වටපිටාවක   කාන්තාවන් ගේ ඉරණම ඉතා  අසාධාරණ ලෙස විසඳෙන අයුරු   සිනමාවට නගා ඇත්තේ සත්‍ය සිදුවීමක් පාදක කොට ගෙනය. 
ප්‍රංශ ඉරාන සාහිත්‍යවෙදියෙකු වූ Freidoune Sahabjam විසින් රචිත  THE STONING OF SORAYA නවකතාව ලෝකයේ අලෙවි වාර්තා  තැබූ පොතකි. එම සිදුවීම් මාලාව අලලා ඉරාන සිනමාව ලොවට දායාද කල මහා ආදර්ශමත් මෙන්ම හද සසලවන සිනමා නිර්මාණයකි මේ.

(ආ)ත්මය( ග)ලවා ගැනීමේ (ම)ග වූ ආගම දඩමීමා කරමින් තමන්ගේ පටු  පවිටු චේතනා ඉෂ්ඨ සිද්ධ කරගැනීමට මෙවන් නීච සිදුවීම් ලොව පුරා බොහෝ රටවල සිදුවේ. අද දිනයේ අයෙකුට මවක් සහෝදරියක්  පෙම්වතියක් මිතුරියක් වූ අපේම ගැහැනියක් සෞදී අරාබියේ මොලේ නැති කාලකන්නින්ගේ ශාරියා නම් ගල් යුගයේ නීතියට යටත් කරමින්  මෙලෙසම මරා දමනු ඇත.






උපුටා ලන්නා ලද්දේ චූලක බණ්ඩාරවත්ත සොයුරාගෙ 'රතු වැස්සෙනි'.......



චිතුපටය නැරඹීමට මේ ලින්ක් ඔස්සේ පිවිසෙන්න...... 





6 comments:

  1. මේ වගේ දඬුවම් නම් මහා කාලකන්නි දේවල්. එකක් තමා මේක කරන්න කලින් මෙයාලගේ සමාජය පාරිශුද්ධ, කිසිම අපරාදයක් සිදු නොවන සමාජයක් නොවීම.. අනික් එක තමා මෙයාල මුළු ලෝකෙටම විසබීජ පතුරවන ගමන්, ලෝකයක් පුරා ලේ හලපු ඉතිහාසයක් තියාගෙන, වෙන රටවලින් එන අයට ඔය වගේ දඬුවම් දීම. ඉතාම පිලිකුල්සහගතයි.

    ReplyDelete
  2. ලෝකේ ජරාම රටක් තමයි සවුදිය. එහෙ ගිය අයත් එක්ක මම කතා කරල තියෙනව මේ ගැන. කියල වැඩක් නෑ. ඇඟේ ලේ කෝප වෙන එක විතරයි වෙන්නේ. මේ වගේ ජරා රටවල් එක්ක ගනුදෙනු නොකරත් කමක් නෑ කියල තමයි මම කවදත් විශ්වාස කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි. මේ වගේ උන්ට කඹූරන්න අපේ ගෑනු හෙටත් යන එකයි ප්‍රශ්නය.

      Delete
  3. පුළුවන්ද ගැහැණියක් - අම්මෙක්,
    බිඳුණු මැසි තටුවකට,
    වේලිච්ච කොළයකට,
    පිළුණු බත් සුඹුලකට සමවෙන්න?
    නිය පිටින් පහරක් ගසා,
    වීසිකර මතකයෙන් පහරන්න?

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට පියෑඹුවාට තුති බස්සියෙ...!

      Delete