Sunday, June 7, 2015

කේලම් සහ පෙරීම.....




      සොක්‍රටීස්ට කේලම් කීම                                                                 

දිනක් සොක්‍රටීස් ට මුන ගැසුණු අසල්වැසියෙක් ඔහුට කිව්වලු

 " ඔබ දන්නවද මං ඔබගේ හොඳම මිතුරා ගැන දැනගත් දේ .. "


 , මෙහෙම කියල ඔහු ලොකු කතාවක් ආරම්භ කරන්න සැරසුනාලු.


" හෝව් හෝව්, ඔබගේ කතාව පෙරනයන් තුනකින් පෙරා මම අසන්නම් " සොක්‍රටීස් ඉක්මනින් කිව්ව ලු.




"පෙරනයන් තුනක් .. " අසල්වැසියා ටිකක් අප්‍රසන්නව පැවසුවාලු.


සොක්‍රටීස් " ඔව්. පළමු පෙරනය, සත්‍යක් ද ? , ඔබ මගේ මිතුරා ගැන ඔය පැවසීමට සූදානම් වන දෙය සත්‍යක් ම බව ඔබ හොඳින්ම දන්නවාද ? "

"ම්.. ම්.., නෑ, එය මා හට යමෙකු කී දෙයක් පමණයි." අසල්වැසියා පිළිතුරු දුන්නලු.

" හොඳයි , දෙවන පෙරනය, ඔබ ඔය මගේ මිතුරා ගැන කියන්න හදන දෙය යහපත් දෙයක් ද ? " සොක්‍රටීස් ඇසුවාලු.

"ම්.. ම්.., නෑ, එය නම් ඔහු ගැන යහපත් පුවතක් නෙමෙයි.." අසල්වැසියා පිළිතුරු දුන්නලු.

සොක්‍රටීස් පැවසුවාලු " හ්ම්ම්.. ඔබට තවත් එක අවස්ථාවක් තිබෙනව. අවසාන පෙරනය, ඔබ මාගේ මිතුරා ගැන පවසන දෙයින් මා හට යම් ප්‍රයෝජනයක් සිද්ධ වේද ? "

"ම්.. ම්.., නෑ, එය නිකම්ම ඔබගේ මිතුරා ගැන ආරංචියක් පමණයි..." අසල්වැසියා පිළිතුරු දුන්නලු.

සොක්‍රටීස් කිව්වලු. "හොඳයි, ඔබ ඔය පවසන්නට යන දෙය සත්‍යක් ද නොවේ, යහපත් දෙයක් ද නොවේ, මා හට ද කිසිඳු ප්‍රයෝජනයක් නොමැත. ඉතින් මම ඔබේ කතාව අසන්නේ ඇයි. ?? "

උපුටා ගන්නා ලද්දේ පල්ලියෙ කතා බ්ලොග් අඩවියෙනි....

8 comments:

  1. මරු. මේ වගේ දේවල් හරි වටිනවා දැං කාලේට

    ReplyDelete
  2. අදයි මෙ පැත්තට ගොඩ උනේ. කියවන්න ගොඩාක් දෙ තියනවනෙ.. ඔබේ ලිවීමේ ශෛලිය මල් හතයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කලණ මිතුර....!
      දිගටම ගොඩ වෙන්න. මං ඔබව මගේ බ්ලොග් එකට අමුණ ගන්නම්.....

      Delete
  3. බ්ලොග් අඩවි දෙකටම සාධාරණය වෙන්නම දෙකේම ලින්ක් දැම්ම http://nelumyaya.com/?p=2995

    ReplyDelete