Thursday, August 7, 2014

ආදරය.........

සඳට පෙම් බැන්දාට
හිරු තරහ වුණේ නෑ
තරු එළියට ලෝබ වී
අයිතිකර ගත්තෙ නෑ

රිදීවන් රේඛාව අහස් කුස සිඹිනවිට
මේඝ දූතයන්විත් ගෝරනාඩු කෙරුවාට
කළුවර දෙනෙත් හිමි නිශා කුමරී ළඟට
දිව ගිහින් හිමි සඳුනි ඔබේ රැස් දුන්නාට

සඳ එළිය රෑ පුරා විහිදුවා හතිලන්න
අඳුර ඇති හැම තැනම එළිය පතුරාලන්න
සොමි ගුණය උතුරුවා හදින් හද සනසන්න
ඔබ නොවෙද හිමි මගේ  සදා ළංවී සිටින

                                     රුක්ෂිලා වෙත්තමුණි



සිතුවම - ජයසිරි සේමගේ (අන්තර්ජාලයෙනි)

14 comments:

  1. රුක්ෂිලා නංගී ! සමහරු කියනව මගේ කඳුලු තියෙන්නේ ඇස් අග කියලා - ඒ නිසා ඒ කඳුලු හුළඟටත් වැටෙනවා කියලා - ඒ නිසා ඒ කඳුලු වටින්නේ නෑ කියලා. කවුරු මොනවා කිව්වත් මගේ කඳුලු වැටෙන්නේ හිතට දරාගන්ටම බැරිවුණාමයි . ඔයාගේ මේ කවියත් මගේ දෑස් බොඳ කලා - මට තේරෙන්නේ නෑ ඇයි කියලා. ඒත් හොඳටෝම දැනුණා. ඔයා ලියන්නම ඕනේ - මේක ඉල්ලීමකටත් වඩා වැඩි දෙයක්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මගෙ අක්කෙ. ඔව් මටත් දැන් ආයේ ලියන්න ආස හිතුණා හැමෝගෙම දිරි ගැන්වීම නිසා.

      Delete
  2. ලස්සන කවි ටිකක් අක්කේ..

    ReplyDelete
  3. පට්ට
    පට්ට කියන්නෙ හොදම එක
    ජයවේවා

    ReplyDelete
  4. රුක්ෂි ලියන කවි ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නැහැනේ කවිත් ආදරයම තමයි.

    ReplyDelete
  5. සොමි සදවන් මටසිලු‍ටු ආදරයක්..
    ගොඩක් ලස්සනයි ..

    ReplyDelete