Tuesday, May 13, 2014

කිරි කඳුළු.......


වියළි තන පුඩු
උරා හඬනා
පුතුගෙ කඳුළින්
ඇකය පිරුණා

හෙළන කඳුළැලි
මහ ගඟක් වී
සයුර සිඹිමින් 
ගලා හැලුණා

කඳුළු පොකුරක් 
සිප්පි කටුවක
සැඟවිලාවිත්
ගොඩට ඇදුණා

යෝධ පයකට 
තැලී පොඩිවුණ
කඳුළු පොකුරම
හඬා වැටුණා



                                                                  රුක්ෂිලා වෙත්තමුණි

23 comments:

  1. Replies
    1. දේශකයා......
      ඇත්ත එය තමයි මේ සමාජයේ...........

      Delete
  2. හරිම අපූරු සංකල්පනාවක්. ඉතාම හොඳ නිර්මාණයක්. දිගටම නිර්මාණකරනයේ යෙදෙන්න.

    සුබපැතුම්..ජය වේවා!

    ReplyDelete
  3. සිහින කුමාරිTuesday, May 13, 2014 2:05:00 PM

    අපූරුයි අක්කා.....
    හරිම අර්ථවත් නිර්මාණයක්........

    ReplyDelete
  4. අසංවේදී පා දෙපා වලට තැලී පොඩි වන කඳුළු කොපමණ ඇද්ද ? ඉතා සංවේදී සංකල්පනාවක්

    ReplyDelete
  5. ලස්සනයි වගේම හරිම අපූරුයි, ලස්සන තාලය, ලස්සන නිර්මාණයක් තුල සමාජ යතාර්තයක් අපුරුවට ගලපලා, ඔබට ජය වේවා.

    ReplyDelete
  6. Replies
    1. මොකක්ද ඉන්දිකගේ අදහස.......
      හ්ම් කියල නැවැත්තුවේ මොකෝ............

      Delete
    2. පත්තරේ වාර්ථා කොපි දානවට වලට වඩා වැඩිපුර මෙහෙම කවි ලියන්න හිතුවොත් නරකද?

      කවිය ගැන හිතෙන ඔක්කොම ලිව්වොත් කවිය රස විඳින්න පරහක් වෙනව. ඒ නිස හිතෙන, මැවෙන දේ ඡායාවක් වගේ තියාගෙන හොඳ කවියක් දිහා බලන එක මගේ පුරුද්ද.

      Delete
    3. ස්තූතියි ඉන්දික.........!
      ඇත්තටම මං පත්තරවල ගිය වටිනා ලිපි දාන්න හිතුවේ ඒ ලිපි කියවල නැති අය එක්ක බෙදා ගන්න ඕන කියල තදින්ම දැනුණු නිසයි. එදිනෙදා පත්තර වල එම ලිපි පළ වුණත් බොහෝ අය ඒවා නොදැකපු බවක් තමයි මං මුලින්ම දාපු පත්තර ලිපියෙන් දැක්කෙ.
      ඉස්සර නම් කවි ලිව්වා ඉන්දික. දැන් ආයෙත් ලියන්න පටන් ගන්න ඕනේ.

      Delete
  7. හරිම අර්ථවත්කවියක් වාගෙයි පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. කවිය විඳින අයුරින් තමයි සොයුර එහි විවිධ පැතිකඩ පේන්නේ........
      ස්තූතියි.....!

      Delete
  8. ලස්සනයි!! ඒත් රුක්ශිලා වැඩිය ලියන්නේ නැහැනේ නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි......!
      මගේ ෆේස්බුක් එකේ “හදට දැනුුණු සිතුවිලි“ කියල ඉස්සර ලිව්වා. ඒත් දැන් කාලයකින් ලියන්න බැරි වුණා.

      Delete
  9. රතු මාමාSunday, May 18, 2014 3:02:00 PM

    අපූරුයි ළමයෝ............
    මට නම් මේ කවිය කියවද්දි විවිධ ආකාරයෙන් චිත්‍ර රූප මැවුණා. ඒ කියන්නේ කවිය සාර්ථකයි.
    ඔව් අර කිව්වත් වගේ මාත් මේ දරුවා ලියන කවි වැඩිය දැකල නැහැ. දාන්නකො බලන්න ලියපුවා අපිටත් බලා ගන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රතු මාමේ.....
      කලින් ලියපුවා විටින් විට දාන්නම්කෝ............

      Delete
  10. හරිම අර්ථවත්.........!
    සුබ පැතුම්. දිගටම ලියන්න.

    ReplyDelete