Tuesday, February 26, 2013

අම්මා



අපරිමිත සෙනෙහසින්
වෙළී ඔබ තුරුල්ලේ
කිරි උරා බිවු දෙතන
දැනෙයි උණුසුම තවම


හෝඩියේ ඇති අකුරු
එකිනෙකට ගලපමින්
කෙලෙස මම ගොතන්නද
ඔබේ ගුණ කව් පබැඳ
පතමි මම නිවන් සුව

මගේ ආදර මව්නි......!!

4 comments:

  1. Sekarage prabuddha pothe amma gana liyapu pada mathaka athi.mama hithanawa oya a kawi pela kiyewwanam mita wada thawa gaburata yanna tibuna kiyala.
    Derrick

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබට.
      ඇත්තටම මං මේ කවිය ලිව්වේ මගේ අම්මා අන්ත්‍රා වුණා කියල දැන ගෙන පැය කිහිපයකින්. ඒ අවස්ථාවේ මට පද ගලප ගන්න තරම් මානසිකත්වයක නෙමෙයි හිටියේ. මවු රටින් ඈත් වෙලා ජීවත් වෙද්දි එහෙම අවස්ථාවකට මුහුණ දෙන්න අපහසුයි. පහුවදා ලංකාවට යන කල් මං ගත කළේ මානසික විඩාවකින්. ඉතිං එවැනි වාතාවරණයක් උඩ ඉතා සාර්ථක නිර්මාණයක් කරන්න අපහසුයි. මං මේ වචන ටික ලිව්වෙත් බොහෝම අමාරුවෙන්.

      Delete
    2. kawadawath nirmana karanna epa hitha nosansunwa thiyena mohothaka.meka awa wadayak neme.mage adahasa.ethanadi nirmaneta loku awasiyak wenawa.godak nirmana waladi kalaya uparima ganimai wadagath.hadissiya apiwa wenama mehaya wanne.

      mata therenawa oya liyapu de.mama hithanne oya wage daksha kenek ta mama kiyapu de wadagath wewi.http://samarithanuhanda.blogspot.com/ me mage blog eka .ada patan gaththe .mama kamathi nathiwa hitiye.yaluwek kala ma wenuwen.dan mama nirmana yawanawa.mage aluth kawya sangrahayata me dinawala wada.

      Derrick
      Cambodia.

      Delete
    3. බොහෝම ස්තූතියි ඔබේ අදහස් වලට......
      මාත් ඉඩ ලද විටක ගොඩ වෙන්නම් ඔබේ බ්ලොග් එකටත්.............

      Delete