Saturday, August 6, 2011

අසම්මත පෙම

අමාවක රැය
සඳ නිදන කල
උයන්පල්ලා
හාද කොට ගෙන
අසම්මත මල්
නෙළා ගන්නට
වැටත් බිඳගෙන
වෙර යොදා ගෙන
ගියේ මන් දැයි
කියන් මට සකි

9 comments:

  1. ඔන්න අක්කගෙ බ්ලොග් එකේ ඉස් ඉස්සෙලම කොමන්ටුව ලියන්න වාසනාවත් මට ලැබුන. දිගටම ලියන්න ඇවැසි සියලු ශක්තිය ඔබට ලැබේවායි පතන ගමන්ම, මේ බ්ලොග් එක ජීවිතයට අත්පොතක්ම වේවා කියලත් පතන්නම්!!!

    ReplyDelete
  2. දිගු ගමනකට සුභ පැතුම් රුක්ෂිලා!

    ReplyDelete
  3. දිග ගමන අපිවත් එක්ක යන්න අක්කෙ ලස්සන කවියක්...

    ReplyDelete
  4. අසම්මතය සම්මත විය
    සම්මතය අසම්මත විය..

    ReplyDelete
  5. ලස්සනයි.. :) අදමයි මේ පැත්තේ ආවේ..

    ReplyDelete
  6. බොහෝම ස්තූතියි සියලු දෙනාටම..........!

    ReplyDelete
  7. ලස්සනයි රුක්ෂි නංගි, හැමදාම මේකට ගොඩ වෙනවා අලුත් නිර්මාණ තියෙනවද කියල බලන්න.. මේ නිර්මාණ දකින කොට මටත් කවි සිතුවිලි පහල වෙනවා.
    සුභ අනාගතයක් රුක්ෂි නංගි

    ReplyDelete